පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති කොමිෂමක් පත්කරනවා – ගෝඨාභය රාජපක්ෂ

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) ගම්පහ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රචාරක රැළි කිහිපයකට සහභාගී වුණා. එහිදී රාගම පැවැති ජනහමුවකදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ සදහන් කළා.

‘නැවතත් බොම්බ පුපුරන්න පටන් ගත්තා. බෝම්බ ගහන්නේ කවුද ? කොතනද?? මොන වෙලාවෙද ? දුරකතන අංක මොනවද ? මේ සියල්ල රජයට ලබා දී තිබුණත් ඒක නවත්වන්න රජයට බැරිවුණා. මේ රජය ජාතික ආරක්ෂාව වෙනුවෙන් කිසිම ප්‍රමුඛත්වයක් ලබාදුන්නේ නෑ. නමුත් අපේ රජය යටතේ බුද්ධි අංශ ක්‍රියාත්මක කරලා, නැවතත් සුරක්ෂිත රටක් ලබාදෙනවා’

මීගමුවේ පැවැති ප‍්‍රචාරක රැුළියේදී ජනතාව අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ සදහන් කළා,

‘අපි පොරොන්දු වෙනවා කඩා බිද දැමුණු ආරක්ෂාව ගොඩනගලා සුරක්ෂිත රටක් කරනවා. කිසිම අන්තවාදී ත්‍රස්තවාදයකට මේ රටේ හිසඔසවන්න ඉඩ දෙන්නේ නෑ. කාදිනල් හිමිපාණන් ඉල්ලා සිටින ජනාධිපති කොමිෂමක් පත්කරලා වග කිව යුතු සියලු පුද්ගලයන් සොයා ගන්නවා’

Recommended For You

About the Author: Editor