මේ යන ක්‍රමෙට ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැති වෙනවා – කුමාර වෙල්ගම

‘ මම ශ්‍රී ලංකා නිදහස් පක්සේ අන්තිමට ඉතිරිවෙන දාහද, දෙදහද, ඒ අයත් එක්ක නැවත පක්ෂෙ ඉදිරියට ගෙනියන්න කැප වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ගත්තෙ වැරදි තීරණයක්. මම මෛත්‍රිපාල සිරිසේන මහත්තයට එක වාචිකවත් ලිඛිතවත් කිව්වා. පොහොට්ටුවට යෑමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදුණා”

පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා නුවරඑළියේදී කැඳවා තිබු මාධ්‍ය හමුවකදීයි. එහිදී තම ස්ථාවරය ගැන තව දුරටත් කරුණු පැහැදිලි කළ කුමාර වෙල්ගම මහතා,

“මම  එකාබද්ධ විපක්ෂයෙන් එළියට ආවේ ආපහු එහෙට යන්න නෙවෙයි. මට මගේ පාක්ෂිකයින් බලකරනවා පොහොට්ටුවට යන්න කියලා. නමුත් මම මගේ තීරණය වෙනස් කරන්නෙ නැහැ. මම මේ තීරණය හොඳට හිතලා බලලා ගත්තෙ.

ඒ තීරණේ මමත් අදත් හෙටත් ඉන්නවා. මගේ එකම අරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කිරීමයි. මේ යන ක්‍රමෙට ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැති වෙනවා. මැතිණියගෙන් පත්වීම ලබාගත්ත මම ඒ දේ වෙනවා දකින්න කැමති නැහැ. ඒ නිසා මම තීන්දුවක් ගත්තා පොහොට්ටුවට වැඩ කරන්නෙ නැහැ කියලා.

මගේ පාක්ෂිකයෝ මට තියෙන හිතවත්කමට තමයි උපවාස කරන්නේ. ඒ අය මාත් එක්ක දිගටම දේශපාලනය කරලා, වෙනත් නායකයෙක් එක්ක යන්න බැරි නිසා මට බලපෑම් කරනවා. මම පොහොට්ටුවට යන්න කැමති නැති නිසයි ඇවිත් උපවාස කරන්නේ.

සමහර විට මහජනතාව හිතයි මම ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහත්තයාවගේ පාක්ෂිකයො දම්මලා උපවාස කරවනවා කියලා පොහොට්ටුවට යන්න පාර කපා ගන්න. මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. මම මහින්ද රාජපක්ෂ මත්තයාටත් කිව්වා පොහොට්ටුවට බැදෙන්නෙ නැහැ කියලා. මම ශ්‍රී ලංකාකාරයෙක්. ඒ අය මගේ හිතවත්කමට උපවාස කරනවා හැරෙන්න වෙන දෙයක් නැහැ. මම ඒකාබද්ධයෙන් එළියට ආවේ නැවත යන්න බලාගෙන නෙවෙයි.

මම ශ්‍රී ලංකා නිදහස් පක්සේ අන්තිමට ඉතිරිවෙන දාහද, දෙදහද, ඒ අයත් එක්ක නැවත පක්ෂෙ ඉදිරියට ගෙනියන්න කැප වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ගත්තෙ වැරදි තීරණයක්. මම මෛත්‍රිපාල සිරිසෙන මත්තයාට එක වාචිකවත් ලිඛිතවත් කිව්වා. පොහොට්ටුවට යෑමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදුණා.

සමහර අය හංසයාට ගිහිල්ලා. මේ තීන්දු තීරණ ගත්ත අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය නෙවෙයි. මේ අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන හැඟීමක්  නැහැ. වෙන වෙන පැතිවලට ගිහින් ආව අය අයට පක්ෂය ගැන කැක්කුමක් නැහැ. ඒ කැක්කුම පරණ ශ්‍රී ලංකාකාරයන්ට තියෙනවා. මේ අය බලන්නේ තමන්ට ලැබෙන තනතුරු වරප්‍රසාද ගැන විතරයි. ඒ අයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෙන ගහලා ගියත් කමක් නැහැ.

මම කියනවා තවමත් අවස්ථාව තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගන්න. චන්ද්‍රිකා මැතිණිය මාත් එක්ක කෙලින් හිටගන්වානම් මම මේ සටන ඉදිරියට ගෙනියනවා. පක්ෂය ගොඩ ගන්න සටනට ඉදිරිපත් වෙන්න මම කැමැත්තෙන් ඉන්නෙ.

අපි පක්ෂය ගොඩගන්න වැඩසටහනක් ගෙනච්චොත් ඔය ගිය අයත් එනවා. අපි වැඩපිළිවෙළක් ඇතුව යන්නේ. මෙහෙම ගියොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිරි වෙන්නෙ නැහැ. ඒ වාසගම තියෙන දෙන්නෙක් පක්ෂ දෙකේම සභාපතිකම් දරයි. ඒක බරපතළ තත්ත්වයක්. එක නිසා චන්ද්‍රිකා මැතිණිය මේකේ නායකත්වය ගන්නවානම් මම එතුමියත් එක්ක රට වටේ ගිහින් හරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩ ගන්නවා. සාමාජිකයින් මට පක්ෂයේ නායකත්වය දෙනවානම්  මම ඒක කරන්න සූදානම්” 

Recommended For You

About the Author: Editor