විදේශගත කාන්තා ශ‍්‍රමිකයින් රැක ගන්න විශේෂ වැඩපිළිවෙළක් දියත් කරනවා – සජිත්

”විදේශ සේවයේ නිරත අපේ රටේ කාන්තාවන්ට හිංසනයෙන් තොරව සේවයේ නිරතවෙන්න තියෙන අයිතිය වෙනුවෙන් පෙනි සිටිනවා පමණක් නොව ඒ රටවල් සමග ගිවිසුම් ගත වෙලා මේ විදේශ විනිමය ගේන කාන්තා පරපුර රැක ගන්නට විශේෂිත වූ වැඩ සටහනක් දියත් කරනවා.”

‘ එක්ව ඉදිරියට ‘ තේමාව යටතේ එළඹෙන ජනාධිපතිවරණය වෙනුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල අසානයේ ජනතාව ඇමතීම සදහා පැවති ජන හමුව අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පලකළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සජිත් පේ‍්‍රමදාස මහතා,

මොරගහකන්ද නිසා අවතැන් වුණ බොහෝ දෙනෙකුගේ ප්‍රශ්න ගැටලු රැසක් තවමත් ඉතිරි වෙලා තියෙනවා. ඒ අතර අනු පවුල් ගැටලු වගේම ඉඩම් හා වන්දි ලබාදීමේ ගැටලු තවමත් තිබෙනවා. ඒ නිසා එළඹෙන ජනාධිපතිවරණයෙන් ජයගත් පසු ජනාධිපති කාර්ය සාධක බලකායක් හරහා මේ ගැටළු ඉතාමත් කඩිනමින් නිසි පරිදි විසදලා දෙනවා.

 විදේශ සේවයේ නිරත අපේ රටේ කාන්තාවන්ට හිංසනයෙන් තොරව සේවයේ නිරතවෙන්න තියෙන අයිතිය වෙනුවෙන් පෙනි සිටිනවා පමණක් නොව ඒ රටවල් සමග ගිවිසුම් ගත වෙලා මේ විදේශ විනිමය ගේන කාන්තා පරපුර රැක ගන්නට විශේෂිත වූ වැඩ සටහනක් දියත් කරනවා.”

Recommended For You

About the Author: Editor