ඕස්ට්‍රේලියාවේ පුවත්පත්වල මුල්පිටුව කලු පැහයෙන්

මාධ්‍ය සීමාවන්ට විරෝධය දක්වමින් ඕස්ට්‍රේලියාවේ පුවත්පත්වල මුල්පිටුව කලු පැහයෙන් මුද්‍රණය කර තිබෙනවා.

තොරතුරු දැන ගැනිමේ නිදහස සීමා කරමින් මෑත කාලින නීතිවලට විරෝධය පළ කරමිනුයි ප්‍රධාන පුවත්පත්වල මුල්පිටු මෙසේ සකස් කර ඇත්තේ.

ජනමාධ්‍යවේදින්ට සංවේදි තොරතුරු සඳහා ප්‍රවේශය සිමා කිරිම ද මෙයට හේතුවක්. රජය ගන්නා වැදගත් තීරණ පිළිබඳ නිසි ලෙස දැනුවත් විමට සෑම ඕස්ට්‍රේලියා ජාතිකයෙකුගේම මුලික අයිතිවාසිකමක් බවයි ඕස්ට්‍රේලියා මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඕස්ට්‍රේලියාවේ තොරතුරු දැන ගැනිමේ නිදහසට ප්‍රතිසංස්කරණ සිදු කරන ලෙසද එරට මාධ්‍ය සංවිධාන රජයෙන් ඉල්ලා සිටිනවා.

මෙම විරෝධය පිළිබද අදහස් දක්වමින් ඔස්ටේ‍්‍රලියානු ආණ්ඩුව කියා සිටියේ එය මාධ්‍ය නිදහසට සහාය දෙන නමුත් ‘කිසිවෙකු නීතියට ඉහළින් නොසිටින’ බවයි.

Recommended For You

About the Author: Editor