ජාතික ජන බලවේගයේ ‘ජාතික ආර්ථික ප්‍රතිපත්තිය’ එළිදැක්වේ

ජාතික ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය එළිදැක්වීම ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (21) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.

එම අවස්ථාවට ආර්ථික ප්‍රතිපත්ති කමිටුව නියෝජනය කරමින් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, වරලත් ගණකාධිකාරී ආචාර්ය දයානන්ද අම්බලන්ගොඩගේ, ආචාර්ය කිංස්ලි කරුණාරත්න, ආචාර්ය චන්දන ජයලත්, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිමලා සිරිවර්ධන ද, ජාතික ජන බලවේගය නියෝජනය කරමින් මහින්ද රත්නායක, අධිනීතිඥ ලාල් විජේනායක, යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ උප සභාපති අබ්දුල් රහුමාන් ද, ඉංජිනේරු සංස්ථාවේ හිටපු සභාපති වරලත් ඉංජිනේරු ග්‍රේෂන් ඒ පීරිස් සහ ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නේත්ති යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

මෙහිදී සිංගර් සමාගමේ සහ ශ්‍රී ලංකා රක්ෂණ සමාගමේ හිටපු සභාපති හේමක අමරසූරිය මහතා, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික විශේෂඥ ශිරාන් ප්‍රනාන්දු මහතා, ශ්‍රී ලංකා පෞද්ගලික තේ කර්මාන්ත හිමියන්ගේ සංගමයේ උප සභාපති ඩබ්ලිව්. ජිනදාස මහතා, ජාතික සංචාරක වෘත්තීකයින්ගේ සංගමයේ සභාපති ඩොනලඩ් රාජපක්ෂ මහතා, ජාතික සංචාරක වෘත්තිකයින්ගේ සංගමයේ ලේකම් සරත් කුමාර මහතා, තරුණ ව්‍යවසායකයින්ගේ සංසදයේ හිටපු සභාපති කසුන් රාජපක්ෂ මහතා, ගෝල් පේස් හෝටල් සමූහයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නිහාල් මුහන්දිරම් මහතා, කොළඹ වාණිජ සංසදයේ ප්‍රධාන ලේකම් චමින්ද විදානගමගේ මහතා ඇතුළු පිරිසට අර්ථික ප්‍රතිපත්තිය පිළිගන්වන ලදී.

Recommended For You

About the Author: Editor