තරබාරු පුද්ගලයන්ගේ ‘පෙනහළුවලින්’ මේදය හමුවෙයි

නියමිත ප්‍රමාණයට වඩා බරින් වැඩි (අධිබර) සහ තරබාරු පුද්ගලයින්ගේ පෙනහලු තුළින් පළමු වරට මේදය සහිත පටක සොයාගෙන තිබේ. ඔස්ට්‍රේලියානු පර්යේෂකයින් විසින් පුද්ගලයින් පනස් දෙදෙනෙකුගේ පෙනහලු සාම්පල විශ්ලේෂණය කරනු ලැබ ඇත.

ශරීර ස්කන්ධ දර්ශකයට සාපේක්ෂව මේද ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව එහිදී සොයා ගනු ලැබීය.

ඇදුම රෝගයට ගොදුරු වීමේ අවදානම වැඩි වීම කෙරෙහි අධිබර හෝ තරබාරුභාවය හේතු වන්නේ කෙසේදැයි යන්න සිය සොයා ගැනීම් හරහා පැහැදිලි කළ හැකි බව පර්යේෂකයෝ පවසති.

පෙනහලු පිළිබද විශේෂඥයින් කියා සිටියේ බර අඩු කර ගැනීමෙන් ඉන් සිදු විය හැකි බලපෑම යථා තත්ත්වයට පත්වේ දැයි යන්න සොයා බැලීම වැදගත් වනු ඇති බවය.

අවදානම ඉහළට

GETTY IMAGES

European Respiratoryසඟරාවේ පළ කර ඇති ඉහත කී අධ්‍යනය සඳහා මරණයෙන් පසු පරිත්‍යාග කරන ලද පෙනහලුවල සාම්පල යොදා ගනු ලැබ ඇත.

පර්යේෂණය සඳහා යොදා ගත් පනස් දෙදෙනාගෙන්:

15 දෙනෙකුට ඇදුම රෝගය තිබී ඇතැයි වාර්තා වී නොමැත. 21 දෙනෙකුට ඇදුම රෝගය තිබුණ ද මියගොස් තිබුණේ වෙනත් හේතු මතය. 16 දෙනෙකු ඇදුම රෝගය නිසා මියගොස් තිබිණි.

පෙනහලු තුළට වාතය ගෙන යන නාලිකා 1,400කට ආසන්න සංඛ්‍යාවක් සවිස්තරාත්මකව විශ්ලේෂණය කිරීම සඳහා විද්‍යාඥයෝ සායම් භාවිත කළහ. විශ්ලේෂණය සිදු කෙරුණේ අන්වීක්ෂ භාවිතයෙනි.

එහිදී පෙනී ගොස් ඇත්තේ, පෙනහලු තුළට වාතය ගෙන යන නාලිකා බිත්තිවල මේද පටක තැන්පත් වී ඇති බවය. ශරීර ස්කන්ධ දර්ශකය ඉහළ පුද්ගලයින්ගේ එම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබිණි.

ඔවුන් පවසන්නේ මේදය වැඩිවීම මගින් නාලිකාවල සාමාන්‍ය ව්‍යුහය වෙනස් වෙතැයි පෙනෙන්නට ඇති බවය.

ඒ හේතුවෙන් පෙනහලු ඉදිමීමක් සිදුවන බව පෙන්වා දෙන පර්යේෂකයෝ අධිබර හෝ තරබාරු පුද්ගලයින්ට ඇදුම රෝගය ඇති වීමට ඇති අනවදානම ඉහළ යාම ඉන් පැහැදිලි කළ හැකි බව පවසති.

ඉහත කී පර්යේෂණයට සම්බන්ධ පර්ත් හි පිහිටි වෙස්ටර්න් ඔස්ට්‍රේලියා විශ්වවිද්‍යාලයේ සහාය මහාචාර්යවරයකු වන ආචාර්ය පීටර් නෝබ්ල් කියා සිටියේ “අතිරික්ත මේදය නාලිකා බිත්තිවල තැන්පත් වන බව අපට පෙනී ගියා. එමගින් වාතය ගමන් කිරීමට ඇති අවකාශය සීමා වෙනවා. එමගින් පෙනහලු ඉදිමීම වැඩි වන බව පෙනෙන්න තිබෙනවා” යනුවෙනි.

වැදගත්කම

THINKSTOCK

“ශරීරයේ බර සහ ශ්වසන රෝග අතර පවතින සබදතාව හෙළි කරන මේ සොයා ගැනීම ඉතා වැදගත්. අධිබර සහ තරුබාරුකම, ඇදුම රෝගයෙන් පෙලෙන පුද්ගලයන්ගේ රෝගී ලක්ෂණ තවත් නරක තත්ත්වයට පත් කළ හැකි බව ඉන් පෙනෙන්න තිබෙනවා” යනුවෙන් European Respiratoryසමාජයේ සභාපති මහාචාර්ය තියෙරි ටෲස්ටර්ස් පැවසීය.

“මෙය, තරබාරුභාවය සහිත රෝගීන් ක්‍රියාකාරකම් හා ව්‍යායාම මගින් වැඩියෙන් ආශ්වාස ප්‍රශ්වාස කළ යුතු බවට වන සරල නිරීක්‍ෂණවලින් ඔබ්බට යනවා. තරබාරුභාවය සමග බැඳී පවතින පෙනහලු තුළට වාතය ගෙන යන නාලිකාවල සිදුවන සැබෑ වෙනස්කම් දෙසට මේ නිරීක්ෂණ යොමු වෙනවා,”

බ්‍රිතාන්‍ය හෘදය ආශ්‍රිත වෛද්‍ය සංගමයේ ශ්වසන වෛද්‍ය විද්‍යාව පිළිබඳ වෛද්‍ය එලිසබෙත් සැපී පැවසුවේ, ශරීරයේ ස්කන්ධය පෙනහලුවල නාලිකාවල ව්‍යුහයට බලපෑම් කරන බවට අනාවරණය වූ පළමු අවස්ථාව මෙය බවය.

තරබාරුබව දැන ගැනීමට පහසු ක්‍රමයක්

උසට සරිලන බරක් තිබීම නිරෝගිමත් දිවියක් ගත කිරීමට ඉතා වැදගත් වේ. තමන්ගේ උස හා බර මැන ගැනීමෙන් අනතුරුව අධිබර තත්ත්වයට හෝ තරබාරු තත්ත්වයට පත්ව ඇත්දැයි ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය.

විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසන්නේ, යමෙකුගේ ශරීර ස්කන්ධ දර්ශකය (BMI අගය) 25-30 අතර නම් ඔහු හෝ ඇය අධිබර තත්ත්වයේ සිටින බවය. එම අගය 30 ඉක්මවූ විට තරබාරු අයෙකු ලෙස සැලකේ.

ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කිරීම සඳහා කළ යුතු වන්නේ ඔබේ බර, උසෙහි වර්ගයෙන් බෙදීමය. එහිදී උස මීටර්වලින් ද බර කිලෝග්‍රෑම්වලින් ද මැනගත යුතුය.

ශරීර ස්කන්ධ දර්ශකය

Copied by bbc sandesaya

Recommended For You

About the Author: Editor