‘දිරිය ඇය වෙනුවෙන් සෙනෙහසේ ඇරඹුම’ කාන්තා ප‍්‍රඥප්තිය මෙන්න…

මෙරට ජනගහණයෙන්  51% කට වැඩි කාන්තා පරපුරේ අයිතීන් සුරක්ෂිත කිරීම, සමානාත්මතාව සහ සාධාරණත්වය වෙනුවෙන්  දිරිය ඇය වෙනුවෙන් සෙනෙහසේ ඇරඹුම” කාන්තා ප්‍රඥප්තියට අත්සන් තැබීම, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අතින් අද (21) දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදි සිදු කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය. “මෙරට කාන්තා අයිතීන් සුරැකීම වෙනුවෙන් ජනාධිපතිධූර අපේක්ෂකයෙකු සහ කාන්තා පරපුර අතර සමාජ ගිවිසුමකට අත්සන් තබන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.

විවිධ හේතූන් මත කාන්තාවන්ට සිදුවන අසාධාරණය හිංසණය නැති කර මෙරට කාන්තාවන් ශක්තිමත් කිරීම සදහා අද දින එළිදක්වන මෙම ප්‍රඥප්තිය තමන් බලයට පැමිණ මාස 3 ක් ඇතුළත පාර්ලිමේන්තු අනපනත් යටතේ නීතිගත කර ක්‍රියාත්මක කරනවා. මෙම ප්‍රඥපතිය මගින්

  • සමාජ ආර්ථික කටයුතු වලදී කාන්තාවන්ට ඉහළ දායකත්වයක් ලබා දීම
  • උසස් අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු සියලු පහසුකම් ලබා දීම.
  • කිසිවෙකුගේ බලපෑම්වලින්, බාධාවකින් තොරව සංස්කෘතික ආගමික කටයුතු වල නිරත වීමට
  • අවස්ථාව ලබා දීම
  • පාර්ලිමේන්තු කාන්තා නියෝජනය 25% හි ඉලක්කය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම
  • කාන්තා අයිතීන් ශක්තිමත් කිරීම සහා ස්වාධීන කොමිෂන් සභාවක් ආරම්භ කිරීම
  • කාන්තාවන්ට ස්වයං රැකියා ශක්තිය ලබා දීම සදහා ස්වයං රැකියා ආධාර ලබා දීම
  • රැකියා වල නිරත කාන්තාවන්ගේ දරු දැරියන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම.
  • වැටුප් සහිත මාතෘ නිවාඩු පුළුල් කිරීම
  • මාතෘත්වය හේතුවෙන් රැකියා අහිමි කාන්තාවන්ට නව නීති ක්‍රියාත්මක කර නැවත එම රැකියා ලබා දීමට කටයුතු කිරීම
  • කාන්තාවන් සහ දරු දැරියන් වෙනුවෙන් සුවිශේෂි අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • යුද්ධයෙන් අවතැන් වූ සහ වැන්දඹු වූ කාන්තා මූලික පවුල් වල අවශ්‍යතා ඉටු කිරීම සදහා විශේෂ රැකියා අවස්ථා, නිවාස ආධාර, ඉඩම්, නීති ආධාර සහ ජීවනෝපාය ශක්තිමත් කිරිම
  • සතුටු පවුලක් නිර්මාණය කිරීමේ සංකල්පය ක්‍රියාත්මක කිරීම
  • සුද්‍ර මූල්‍ය ආයතන වලින් අධික පොලියට ණය ලබාගෙන විපතට පත්ව සිටින කාන්තාවන්ට සහනය ලබා දෙමින් සුද්‍ර මූල්‍ය ණය සම්පූර්ණයෙන්ම කපා හැරීමට කටයුතු කිරීම
  • නව ව්‍යාපාර නව ව්‍යවසාය ආරම්භ කිරීම සහා සහන පොලියට ණය ලබා දීමේ අරමුණින් ජාතික කාන්තා බැංකුවක් ස්ථාපනය කිරීම.
  • අත්සන් තබන ප්‍රඥප්තිය ක්‍රියාවට නැංවීම සහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා සෑම ප්‍රදේශීය ලේකම් කාර්යාලයකම ඒ සදහා විශේෂිත ඒකකයක් ස්ථාපනය කිරීම
  • තම රජය යටතේ අලුතින් මත්පැන් අලෙවිසැල් බලපත්‍ර ලබා දීම තහනම් කිරීම
  • පාසල් ආසන්නයේ ආරම්භ කර ඇති මත්පැන් අලෙවිසැල් වසා දැමීම
  • කුඩු සහ මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කරන කප්පිත්තන්ට උපරිම දුවම් ලබා දීම
  • කාන්තා හිංසණයට නීතිය මගින් ලබා දෙන දුවම් දැඩි කිරීම සහ නව නීති ගෙන ඒමට කටයුතු කරන බව සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මෙම කාන්තා වැඩමුළුවට හේමා ප්‍රේමදාස මැතිණිය, චන්ද්‍රාණි බණ්ඩාර, තලතා අතුකෝරල, අනෝමා ගමගේ, ජෝන් අමරතුංග, හර්ෂ ද සිල්වා, සුජීව සේනසිංහ, එරාන් වික්‍රමරත්න, විජයකලා මහේෂ්වරන්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, රෝසි සේනානායක, ජලනි ප්‍රේමදාස, අනෝමා ෆොන්සේකා,  යන මැති ඇමතිවරුන්, මහත්ම මහත්මීන් ඇතුළු කාන්තාවන් විශාල පරිසක් එක්ව සිටියහ.

Recommended For You

About the Author: Editor