පාඩම් කරන කරුණු මතක හිටින්නේ නැත්තේ ඇයි කියලා දන්නවාද ?

එහෙනම් ටිකක් නැවතිලා මේක බලලම යන්න.

ආදරණිය නංගි/මල්ලී,

අප කාගෙත් අනාගත බලාපොරොත්තුව අධ්‍යාපනය සාර්ථකව නිම කර ජීවිතය ජයගැනීමයි.ඒ  උදෙසා  අපි බොහෝ වෙහෙස මහන්සිවී උගනිමු.නමුත් අප බොහෝ දෙනාම ඉගෙනීමේ කටයුතු සිදු කිරීමේදී  ප්‍රධාන ගැටලුවක් මතුවේ.එනම් අපි ඉගෙනීම ලබා පාඩම් කරනු ලැබූ විෂය කරුණු අපට අවශ්‍ය වූ විට නැවත නිසිපරිදි මතකයට නොඒමයි;ආවර්ජනය නොවීමයි.මේ නිසා අපගේ අධ්‍යාපන කටයුතු උදෙසා බොහෝ බාධක ඇති වේ.

මනෝවිද්‍යාවට අනුව අප පංචේන්ද්‍රියන් මගින් ලබාගන්නා තොරතුරු මනසේ දිගු කාලීන හා කෙටි කාලීන මතකයන් ලෙස තැන්පත් වේ.මෙහිදී අපට අවශ්‍ය දේ කෙටි කාලීන මතකයක් ලෙස නොව දිගු කාලීන මතකයක් ලෙස තැන්පත් කරගත යුතු ය.

මේ අයුරින් අප අධ්‍යාපනය ලබන විෂය කරුණු අප තැන්පත් කරගත යුත්තේ දිගු කාලීන මතක සේ ය.එවිට යම් කරුණක් ක්ෂණිකව මතක් කරගැනීමේ හැකියාව අපට හිමි කරගත හැකි වේ.

මතකයේ ස්වභාවය([අපේ මතකයේ තොරතුරු රැදෙන අයුරු ):-

  • කියවූ දෙයින්             – 10%
  • ඇසූ දෙයින්                – 20%
  • දුටු දෙයින්                  – 30%
  • ඇසූ දුටු දෙයින්          – 50%
  • කියූ ලියූ දෙයින්          – 70%
  • තමන් කළ කී දෙයින්-80%

මේ අනුව අප අපගේ මතක ශක්තිය වැඩි වශයෙන් රැදෙන අයුරින් තොරතුරු මතක තබා ගැනීමේ උපක්‍රමවල නිරත විය යුතුය.

අපි ඉගෙනගන්න කරුණු පාඩම් කර මතකයට ගැනීමට මේ උපක්‍රම අනුගමනය කළහොත් සැබැවින්ම ඔබ සාර්ථකතත්වයට පත් වීම කිසිවෙකුට නවතාලිය නොහැක.

  • මතකය ඉහළ නංවා ගැනීම උදෙසා තමන්ගේ මතකයේ ඇති දේ වරින් වර පුනරීක්ෂණය කිරීමට අවශ්‍ය වේ.එය තමන් විසින්ම කරනු ලබන්නේ නම් මතක ශක්තිය ඉතා ඉහළ මට්ටමකට පත් වේ.
  • මතක තබා ගැනීම උදෙසා යොදා ගන්නා නව උපක්‍රමයක් ලෙස එකම වර්ගයේ තොරතුරු එකට ගොනු කරමින් විවිධ වර්ගයේ තොරතුරු  වෙන් කර  ගැනීම පෙන්වාදිය හැකි ය .ඉන් තම මනස තුළ පරිගණකයක් පරිද්දෙන් තොරතුරු ගොනු සම්පාදනය කරගත හැක.
  • නිශ්චිත පිළිවෙළකට තොරතුරු ගොනු කිරීම හෙවත් සංවිධානය කිරීම කළ යුතුය.
  • මන:කල්පිත ලෙස කරුණු පෙළගස්වා ගැනීම ද සිදු කළ හැක.

උදා:-දිශා මතක තබා ගැනීම (උපුල් ඊළග නැවෙන් ගිහින් …..)

  • සංකල්ප සිතියම් ලෙස මතකයේ විෂය කරුණු ධාරණය කර ගැනීමට ද හැක.ඉන් ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් ආකර්ෂණිය කර ගැනීමට ද ඉඩ හසර උදා  වේ.

මෙකී උපක්‍රම අනුගමනය කිරීමෙන් ඔබට ඉගෙනුම් ක්‍රියාවලිය තුළ ඇති වන මතක ශක්තිය දුර්වල වීමේ ගැටලුවට සාර්ථකව මුහුණ දිය හැකි වන අතර ඉන් තම මතක ශක්තිය වඩා වර්ධනය කර ගැනීමට ද අවස්ථාව උදා වේ.එමගින් ඉගෙනුම ලබන ඔබ සියලුම දෙනාගේම ඒකායන පරමාර්ථය වන ජීවිතය සාර්ථක කර ගැනිමේ මාවතට පහසුවෙන් පියනැගීමට හැකිවනු නොඅනුමානය.

සටහන – මල්මි  ඉන්ද්‍රචාපා දේවසිංහ

Recommended For You

About the Author: Editor