
මහජන බැංකුවේ පරිගණක පද්ධතිය සවි කිරීමේදී සිදුව ඇතැයි පැවසෙන මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධව සාක්ෂි ලබාදීම සඳහා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද (21) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටියා.
එහිදී හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් පැය 8ක පමණ කාලයක් සාක්ෂි සටහන් කරගත් බවයි වාර්තා වන්නේ.
හේමසිරි ප්‍රනාන්දු මහතා මහජන බැංකුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ 2015 – 2017 කාලය තුළ මහජන බැංකුවේ පරිගණක පද්ධතිය සවිකිරීමේදී සිදුව ඇති මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධව ලැබී ඇති පැමිණිල්ලකට අදාළ විමර්ශන සඳහා සාක්ෂි ලබාගැනීමටයි එවකට මහජන බැංකුවේ සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු මහතා කැඳවා තිබුණේ.
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධව සිය රාජකාරිමය වගකීම් සාපරාධී පැහැරහැරීමට ලක්කර ඇතිබවට වන චෝදනාව හේතුවෙන් හේමසිරි ප්‍රනාන්දු මහතා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.