මාලිංග සහ ගේ‍්‍රල් මිලදී ගන්න කිසිවෙක් නෑ

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන පන්දු 100 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ සුපිරි විස්සයි20 ක්‍රීඩක ලසිත් මාලිංග අලෙවි වී නොමැති බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තරගාවලිය වෙනුවෙන් ලසිත් මාලිංග පවුම් 125,000ක මූලික මිලක් ඉල්ලා තිබූ බවයි වාර්තා වන්නේ.

මෙම වෙන්දේසිය ඊයේ (20) එංගලන්තයේදී පැවැත් වුණා.

මාලිංගට අමතරව බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල්ද පවුම් 125,000ක් ඉල්ලා සිටි අතර ඔහුද අලෙවි වී නොමැති බවයි වාර්තා කියන්නේ.

මෙම තරගාවලිය 2020 වසරේ ජුලි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙන අතර ඒ සඳහා කණ්ඩායම් 08ක් තරග වැඳීමට නියමිතයි.

Recommended For You

About the Author: Editor