එජාපයේ බිඳ වැටීම නිසා බාල වැඩ කරනවා – අනුර ප‍්‍රියදර්ශන යාපා

‘පොලිස් නිලධාරීන් 700 ක් යොදවා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වළක්වන්න බෑ. ලංකාවෙම ඉන්න පොලිස් නිලධාරීන් සියලූ දෙනාටම මේ පිළිබඳව දැනුවත් කරල මීට විරුද්ධව ක‍්‍රියා කරන්න කියන්න ඕන. මේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිටිපස්සේ එක්සත් ජාතික පක්ෂය බරපතල බිඳ වැටීමක් පෙන්නුම් කරනවා. ඒ නිසයි තමයි ඔවුන් මෙවැනි බාල වැඩවලට පෙළඹෙන්නේ’

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ අද (22) පැවැති මාධ්‍ය හමුවේදී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා මේ බව ප‍්‍රකාශ කළා. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා,

අද අපට තිබුණ තිබෙන ප‍්‍රධානම ගැටලූව මැතිවරණ නීති උල්ලංඝනය කිරීමයි. මැතිවරණ නීති මැතිවරණ කාලය තුල රාජ්‍ය මට්ටමෙන් උල්ලංඝනය කිරීම අවමවිය යුතු වුණත් අපිට දැන් පෙනෙනවා නැවතත් විශාල මට්ටමින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වැඩි වෙලා තියෙනවා කියලා.
අද මව්බිම පුවත්පත වාර්තාකරනවා දයාගමගේ ඇමතිවරයා නැවත වරක් සමෘද්ධි ව්‍යාපාරයට අත පොවනවා කියලා. එක පාරක් අට ලක්ෂයකට සමෘද්ධි දෙන්න ගියා ඒක නතර වුණා. ඊට පස්සේ තවත් අටසීයකට පත්වීම් දෙන්න ගියා ඒකත් නතර වුණා. මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස් කාර්යාලයට පවා කටයුතු කළ නොහැකි ලෙස ඔවුනුත් අකර්මණ්‍ය වෙලා. දයා ගමගේ ආයෙත් ඡන්ද නීති කඩයි, මැතිවරණ කොමිසම ආයෙත් අමාත්‍යංශයේ වටලයි” ආණ්ඩුව මොකද කරන්නේ, මේ වගේ ඇමතිවරු තියන් ඉන්නවාද? යහපාලන ප‍්‍රතිපත්ති අනුව එසේත් නැතිනම් ක‍්‍රියාත්මක වෙනවද? මේ පිළිබඳ ක‍්‍රියාත්මක වීමක් තියා කතාවක්වත් කරන්නේ නෑ මේ යහපාලන ආණ්ඩුව.

මීට අතිරේකව අපි දන්නවා විවිධ පදනම්වලින් මහජනයා රැුස්වීම්වලට ගෙනෙනවා සමෘද්ධිය දෙනවා සහනාධාර දෙනවා කියලා. මෙය මීට ඉහතදී ලංකාවේ සිදුවූ ඉතාමත් බරපතළ තත්ත්වයක්. මෙයින් පේන්නේ එක්සත් ජාතික පක්ෂය කෙතරම් කතා කරත් වැටිලා තියෙන ඉතාමත් බරපතළ ආගාධයයි. තමන්ට ඡන්දය නැති නිසා ඡන්ද සාදා ගැනීම සඳහා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම දක්වා මොවුන් ගමන් කිරීම උත්සාහ කරන බව අපට පෙනෙනවා.

මේක ඇත්තටම බරපතළ ගැටලූවක්. මට මතකයි ලංකාවේ මැතිවරණවල තිබුණ යම් යම් ලක්ෂණ. ඡුන්ද කාලේ හොර ඡුන්ද දැමීම බහුලව සිදුවුණා. ඡන්ද පොතට දත්ත අලූතින් එකතු කරලා ඡුන්ද මංකොල්ලකෑම් සිදු කළා. මේ සියලූ දේ අපේ ආණ්ඩුවක් යටතේ වැට බැන්දා. හැඳුනුම්පත අපේ ආණ්ඩුව යටතේ අනිවාර්ය කරලා. අපේ ආණ්ඩුවක් යටතේ එදා හැඳුනුම්පත අනිවාර්ය නොකළා නම් මේ වගේ ඡන්දෙක මොන මොන විපර්යාස වෙයිද කියන්න බෑ.
මැතිවරණ කොමසාරිස් කාර්යාලය නිශ්ශබ්දයි. තොරතුරු දුන්නත් ඔවුන් ක‍්‍රියාත්මක වෙන්නෙ නෑ.

පොලිස් නිලධාරීන් 700 ක් යොදවා මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වළක්වන්න බෑ. ලංකාවෙම ඉන්න පොලිස් නිලධාරීන් සියලූ දෙනාටම මේ පිළිබඳව දැනුවත් කරල මීට විරුද්ධව ක‍්‍රියා කරන්න කියන්න ඕන. මේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිටිපස්සේ එක්සත් ජාතික පක්ෂය බරපතල බිඳ වැටීමක් පෙන්නුම් කරනවා. ඒ නිසයි තමයි ඔවුන් මෙවැනි බාල වැඩවලට පෙළඹෙන්නේ.

ආණ්ඩුව විශාල මූල්‍ය අර්බුදයක ඉන්නවා. මෙය කෙතරම් දරුණු ද කියනවා නම් ආණ්ඩුව චක‍්‍රලේඛන ඉදිරිපත් කරලා තියෙනවා. අලූත් මිලදී ගැනුම් සියල්ලම නවත්තලා. වාහන ගෘහ භාණ්ඩ මේ සියල්ලක්ම. දෙසැම්බර් 31 වෙනකොට ලංකාවේ ආර්ථික වේගය ගැන පුරෝකතනය කරලා තියෙන්නේ ආසියානු සංවර්ධන බැංකුව වගේම ලංකාවේ සෙන්ට‍්‍රල් බැංකුව. මේ සියලූම පුරෝකථන වලින් කියන්නේ ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 2.62 යි කියලා.

දකුණු ආසියාවේ සම්පූර්ණයෙන්ම දුර්වල ආර්ථික වර්ධන වේගය තියෙන්නේ අපේ රටේ. ලංකාවේ ව්‍යාපාර ගණනාවක් ඉදිරියට යා නොහැකිව පසුපසට එමින් තිබෙනවා මෙවැනි ආර්ථික අර්බුදයක් තියාගෙන එක්සත් ජාතික පක්ෂය ඒ වෙනුවෙන් වචනයක්වත් කතා කරන්නේ නෑ. මේ කරුණු ඔක්කොම ගත්තම මේ රජය මැතිවරණ නීති උල්ලංඝනය කරන පොරොන්දු කඩ කරන රට ආගාධයට ගෙනියන රජයක්.

Recommended For You

About the Author: Editor