
කැනඩා මහ මැතිවරණයෙන් හිටපු අගමැති ජස්ටින් ටෲඩෝ මහතා නයකත්වය දරන ලිබරල් පක්ෂය ජයග්‍රහණය කර ඇතැයි විදෙස් මාධ්‍ය කියනවා.
මෙවර මැතිවරණයේදී පාලක ලිබරල් පක්ෂය ලබාගෙන ඇත්තේ ආසන 159ක් නමුත් ආණ්ඩු බලය පිහිටුවීම සදහා කැනඩා පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමට ආසන 170ක් ලබාගතයුතු බවත් සඳහන්.
දෙවැනි තැනට පත්වී ඇති කොන්සර්වේටිව් පක්ෂය ආසන 121ක් ලබාගෙන තිබෙනවා.
මෙම මැතිවරණය ටෲඩෝ අගමැතිවරයාගේ ජනප්‍රියත්වය ගිලිහී යෑම සම්බන්ධ ජනමත විචාරණයක් බව කියන දේශපාලන විචාරකයෝ අපේක්ෂිත බහුතර බලය නොලැබීම හේතුවෙන් ටෲඩෝ මහතාට පිහිටුවීමට හැකිවන්නේ සුළුතර ආණ්ඩුවක් බව ද කියනවා.