
ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස නරුහිතෝ කුමරු අභිෂේක ලැබුවා. අභිෂේක මංගල්‍ය ටෝකියෝ නගරයේදී අද (22) අති උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා.
ටෝකියෝහි පිහිටි රාජකීය මන්දිරය තුළ පවත්වනු ලැබූ පූජාවිධි මාලාවකින් පසුව කිරුළු පැළඳවීමේ උත්සවය පැවැත් වුණා.
විශේෂ අවස්ථාවලදී රජවරුන් විසින් අඳිනු ලබන කහ තැඹිලි පැහැති ලෝගුවකින් සැරසී සිටි 59 හැවිරිදි නරුහිතෝ කුමරු සාම්ප්‍රදායික දිවුරුම් ප්‍රකාශය කියැවූ බව සඳහන්.
උත්සවයට බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරු ඇතුළු විවිධ රටවල රාජ්යතාන්ත්රිකවරුද සහභාගී වූ අතර ශ්‍රී ලංකාවේ ජනපතිවරයා ද ඊට සහභාගී වුණා.
නරුහිතෝ කුමරුගේ පියා වන අකිහිතෝ අධිරාජ්‍යයා පසුගිය මැයි මාසයේදී තම තනතුර හැරයමින් නිල වශයෙන් පුතුට රාජකාරි බාරදුන්නා.