ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරීම ආණ්ඩුවේ මීළඟ ඉලක්කයයි – අගමැති රනිල්

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ගනු ලබන යෝධ පියවරක් ලෙස ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරිම ආණ්ඩුවේ මීලඟ ඉලක්කය බව පැවසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම සෞඛ්‍ය රක්ෂණය හරහා රටේ සියලූ දේනාට සෞඛ්‍ය සේවා ලබා ගැනිමේ පහසුකම හිමිවන බව පෙන්වා දුන්නේය.

අද (22) දින බත්තරමුල්ලේ වොටර්ස්එජ් හිදි පැවැති ජාතික සෞඛ්‍ය පර්යේෂණ සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා තව දුරටත් පැවසුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තියවේදීන් මෙරට සෞඛ්‍ය පර්යේෂණ ක්‍රමදෙය ඇතිකිරිමට නව සොයාගැනිම් හා අත්දැකිම් ඉදිරිපත් කරමින් තම සක්‍රිය දායකත්වය ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

රටේ අඩුවක්ව පවතින සෞඛ්‍ය පර්යේෂණ ක්ෂේත්‍රය ප්‍රවර්ධනය වීම අප විසින් ආරම්භකර තිබෙන වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යැමට පහසුවක් වනු ඇති බවද අගමැතිවරයා තව දුරටත් පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසිම්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ අධ්‍යක්ෂ ජෙනරාල් බාල්රාම් භරගවා මහතා ඇතුළු වෛද්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් රැසක් ද සහභාගි වී සිටියහ.

Recommended For You

About the Author: Editor