
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගබඩා අංගනය, වී ගබඩා කිරීමට ඉඩ ලබාදීමෙන් එයට බරපතල හානි සිදුව ඇතැයි, රාජ්‍ය ආයතනවල සිදුව ඇති වංචා දූෂණ සෙවීමට පත්කල ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකට අදාල සාක්ෂි ලබාදීමට අගමැතිවරයා හෙට(23) එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතය.
හෙට පෙරවරු 10.30ට කොමිසම හමුවේ පෙනී සිටින්නැයි අග්‍රාමාත්‍යවරයාට පසුගිය දා දැනුම් දීමක් සිදුකර තිබිණි.
මෙම සාක්ෂි විමසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය දයා ගමගේ මහතා කොමිසම වෙත කැඳවා තිබූ අතර එදින අග්‍රාමාත්‍යවරයාට පැමිණිය නොහැකි බව දන්වා තිබීම හේතුවෙන් හෙට දිනයේ පෙනී සිටින්නැයි නැවත දැනුම්දීමක් සිදුකර තිබිණි.