මුලතිව්වලින් හමු වූ කොටි නිල ඇදුම් ‘ප‍්‍රභාකරන්ගේ බවට’ සැක

මුලතිව් පුදුකුඩිඉරිප්පු ඉරණපලෙයි ප්‍රදේශයේ ඉඩමක වළදමා තිබියදී ඊයේ (21) දින හමුවූ යකඩ පෙට්ටියේ තිබූ එල්ගටීගටීගඊග සංවිධානයට අයත් නිල ඇඳුම් හා අනෙකුත් උපකරණ එම සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේදැයි සැකකරන බව ආරක්ෂක අංශ පවසනවා.

ඉරණපලෙයි ප්‍රදේශයේ වැසියෙකු විසින් සිය ඉඩමේ ඉදිකිරීමක් වෙනුවෙන් පොළව හාරමින් සිටින අවස්ථාවේදී මෙම යකඩ පෙට්ටියක් හමුවි ඇති අතර පසුව එය පුදුකුඩිඉරිප්පු පොලීසියට හා යුද හමුදාවට දැනුම් දීමෙන් පසුව ඔවුන් විසින් එම පෙට්ටිය පරීක්ෂා කර තිබෙනවා.

එහිදී යකඩ පෙට්ටියේ තිබි ඇත්තේ කොටි සංවිධානය විසින් පළඳින නිලඇඳුම් කිහිපයක්, කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් හා එම සංවිධානයේ යුද ක්‍රියාකාරකම් ඇතුලත් වීඩියෝ පටයක් බව සදහන්.

යුද සමයේදි නිල ඇඳුම් ආරක්ෂා කිරීම සඳහා මෙලෙසින් යකඩ පෙට්ටියකට දමා වළ දමා ඇත්තේ කොටි සංවිධානයේ නායකයෙකු පරිහරණය කරන ලද නිලඇඳුම් විය හැකි බවටත් එය ප්‍රභාකරන්ගේමදැයි සැකයක් පවතින ආරක්ෂක අංශ කියනවා.

Recommended For You

About the Author: Editor