ලංකා ටයිල්ස් The Fine Art of Living සඟරාව එළිදක්වයි

ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් නොබෝදා ලංකාටයිල්ස්, කාර්තු වශයෙන් පළවන සිය නවතම සඟරාව වන The Fine Art of Living එළිදැක්වීය.

ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉන්ටීරිය නිර්මාණ ශිල්පීන්, නිර්මාණාත්මක පෙළඹවීම් සොයන සිසුන්, නිවාස හිමියන් සහ තමන්ගේ ජීවන අවකාශයන් සඳහා වෙළෙඳ පොළේ ඇති හොඳම නිෂ්පාදන අපේක්ෂා කරන අනාගත නිවාස හිමියන් ඉලක්ක කර ගත් ගුණාත්මක ප්‍රකාශනයක් වන මෙම The Fine Art of Living සඟරාවේ, දේශීය හා ගෝලීය නිර්මාණාත්මක ප්‍රවනතා, යමක් තමන් විසින්ම කර ගැනීම සඳහා උපකාරක උපදෙස් සහ ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පීන් හා නිර්මාණකරුවන්ගේ විශේෂාංග ලිපි ඇතුළත් වේ.

මේ සඟරාව එළිදැක්වීමේ උත්සවයේ දී, ලංකාටයිල්ස් කාර්ය මණ්ඩලය කියා සිටියේ ටයිල් පමණක් නොව, ඇලුමිනියම්, ග්‍රවුට් සහ මෝටා දක්වා, ලංකා වෝල්ටයිල් සමූහය විසින් පිරිනමනු ලබන සම්පූර්ණ නිෂ්පාදන පරාසයම, ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ නමක් දිනාගෙන ඇති බවත්, පාරිභෝගිකයන් සමඟ සම්බන්ධවෙමින් ඔවුන්ගේ මනසේ එය තව දුරටත් ශක්තිමත්ව තහවුරු කිරීමට මෙමඟින් අපේක්ෂා කරන බවත්ය. තොරතුරු සහ නිර්මාණාත්මක පෙළඹවීම යන අංග දෙකෙන් පරිපූර්ණ The Fine Art of Living සඟරාව , නව්‍යතාවය සහ නිර්මාණශීලීත්වය ප්‍රවර්ධනය කරමින් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ජීවන අවකාශයන් සම්බන්ධයෙන් හොඳම තීරණ ගැනීමට අවස්ථාව සලසා දෙයි.

Recommended For You

About the Author: Editor