ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කොන්ත‍්‍රාත් ගිවිසුම: වැඩිම වටිනාම ඇන්ජලෝ මැතිව්ස්ට

2019 වසරේ නොවැම්බර් මස සිට ලබන වසර අවසානය තෙක් මාස 14ක කොන්ත්‍රාත් කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් අතරින් ඉහළම වටිනාකම හිමිව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ට බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා. ඒ අනුව මැතිව්ගේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 130, 000ක් හෙවත් ආසන්න වශයෙන් රුපියල් එය ශ්‍රී ලංකා ලක්ෂ 236ක් බව සදහන්.

දෙවැනි තැන වන ඩොලර් 100,000ක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් හා එක්දින නායක දිමුත් කරුණාරත්නට හා හිටපු ටෙස්ට් නායකයෙකු වන සුරංග ලක්මාල්ටත් තෙවන ස්ථානයේ පසුවන දිනේෂ් චන්දිමාල්ට ඩොලර් 80,000ක් සහ ලසිත් මාලිංගට ඩොලර් 70,000ක් හිමිව තිබෙනවා.

A,B,C,D, ප‍්‍රීමියර් කාණ්ඩය යටතේ ක‍්‍රීඩකයින් ලැස්තුගත කර තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස 14ක කාලය සඳහා කාණ්ඩ පහක් යටතේ මෙසේ ක්‍රීඩකයින් 34 දෙනෙක් කොන්ත්‍රාත්ගත කර සිටිනවා.

උපුල් තරංග, අසේල ගුණරත්න, ෂෙහාන් මදුසංක, මලින්ද පුෂ්පකුමාර, භානුක රාජපක්ෂ, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස්, අශාන් ප්‍රියංජන් යන ක්‍රීඩකයින් එළැඹෙන මාස 14ක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග කොන්ත්‍රාත්ගතව නොමැති බවද වාර්තා වෙනවා.

Recommended For You

About the Author: Editor