
පසුගිය සැප්තැම්බර් මාසයේදී උද්ධමනය සියයට 05.0 දක්වා ඉහළ ගිය බව ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා. ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේදී සියයට 3.4ක්ව පැවැති සියයට 1.6කින් ඉහළ ගොස් තිබෙන බව සඳහන්.
උද්ධමනය මේ ආකාරයෙන් ඉහළ යාමට හේතු වශයෙන් ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ ආහාර හා ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම මිල ගණන් ඉහළ යාම සහ පෙර වසරේ අනුරූප මාසයේ පැවැති අඩු පදනම් අගය මේ ඉහළ යාම සඳහා බලපෑ බවයි.