SLPP කඩුවෙළ ජනහමුව – Full Story: ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න, මම ඔබට සුරක්ෂිත දේශයක් ලබා දෙනවා – ගෝඨාභය

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය තහවුරු කිරීම සදහා වන ජනහමුවක් අද (22* කඩුවෙල නගරයේදී පැවැත් වුණා. ඒ සදහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ‍්‍රීලපොපෙ නායකයින් පිරිසක් සහභාගී වුණා. මෙම ජනහමුවේදී ශ‍්‍රීලපොපෙ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නායකයින් කළ ‘සම්පූර්ණ කතා’ මෙහි ‘වාරණයකින් තොරව’ පළ වෙනවා.

සජිත් මහත්තයා පියාගේ අඩිපාරේ යනවා කියද්දි බියක් ඇති වෙනවා – මහින්ද රාජපක්ෂ

එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා කියන කතා හා අපේ අපේක්ෂකයා කියන වැඩපිළිවෙළ කල්පනා කළාම සුදුස්සා සොයා ගන්න පුළුවන්. බොත්තම තද කරන එක, එන්ජිම ගැන, ඩයනමෝව ගැන, ඔක්සිජන් ගැන එක් කෙනෙක් කියද්දී අනෙක් කෙනා රට සංවර්ධනය කිරීම, තරුණ තරුණියන්ගේ අධ්‍යාපනය ගැන කතා කරනවා.

සජිත් මහත්තයා පියාගේ අඩිපාරේ යනවා කියද්දි බියක් ඇති වෙනවා. හෝකන්දර කිට්ටුයිනේ. අර වළ තියෙන්නෙත් ඒ පැත්තේ. 2832ට වැඩි ගණනක් දකුණේ පාසල් ශිෂ්‍යයෝ ඝාතනය වුණා. මම එක දවසක තංගල්ලේ ඉදලා මහින්ද රාජපක්ෂ විද්‍යාලය තියෙන තැනට එනකොට මිනී 28යි. රිචඞ් සොයිසා හෙළි කොප්ටරයෙන් අරන් ගිහින් මුහුදට දැම්මේ. ඒවා අද හුගක් අයට අමතකයි. මේ තාත්තාගේ යුගයට යනවාලූ. එහෙම වුණොත් අද තරුණ තරුණියන්ට වෙන දේ හිතාගන්න පුළුවන්. අහිංසක තරුණ තරුණියෝ මරලා දාන්න තරන් කෲර ආණ්ඩුවක්.

මේ ආණ්ඩුව බලයට ආවේ මහා වෙනසක් කරනවා කියලා. බෝම්බයි ලූනූ, කරවල, මාලූ, ලූුණු කොහොමද? ගණන් හදලා බැලූවාම ජිවත් වෙන්න විදියක් නැහැ. මුලින් ජනතාව ජිවත් කරවලා ඉන්න ඕනේ. අද මිනිස්සු අතේ සල්ලි නැහැ. ව්‍යාපාරිකයා වැටිලා. එකින් එකට බදු ගන්නවා. ආනයනය කරන්න, තොග වෙළෙන්දාට ගියාම, සිල්ලර වෙලෙන්දා ළගදි බදු වැටිලා අන්තිමට පාරිභෝගිකයා ළගත් බදු වැටෙනවා. පුළුවන් තරම් ජනතාවගේ සාක්කුවට බහින ආණ්ඩුවක්. මේවා තමයි අපි වෙනස් කරන්න ඕනේ.
අපිට කෙහෙන්ද සල්ලි කියලා අහනවා. යුද්ධය කරන කොට සංවර්ධනය කරන කොට සල්ලි තිබුණද? අපි හදපු වරාය විකුණලා. ගුවන් තොටුපළ විකුණන්න දාලා. ගුවන් තොටුපළක වී ගබඩා කරපු එකම ආණ්ඩුව මේ ආණඩුවයි. ගුවන් යානා එන එක නතර කරපු එකම ආණඩුව මේකයි. අද උදෙත් වැස්ස නිසා මත්තලට ගිහිනල්ලයි ප්ලේන් ටික නතර කළේ.

හයිවේ එක මග නතර වෙලා. දුම්රිය බෙලිඅත්තෙන් එහාට යන්නේ නැහැ. රත්නපුරේට නුවරට යාපනයට යන්න තිබුණු හයිවේ නතර කරලා. මේ ආණ්ඩුවට වැඩක් කරන්න පුළුවන් බවක් මේ වෙනකල් පෙන්වලා නැහැ. මේ ආණ්ඩුවට රටක් සංවර්ධනය කරන්න පුළුවන් කමක් නැහැ.

හෝමාගම වගේම කඩුවෙලත් අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ යුතුයි. අපිට වැඩපිළිවෙළක් දැක්මක් තියෙනවා. වැඩ කළ හැකි මිනිස්සු ඉන්නවා. රජයේ ප‍්‍රධාන නිලධාරියා ලලිත් වීරතුංග සිල්රෙදි බෙදුවා කියලා හිරේ දැම්මා. හාමුදුරුවන්ගේ ඉල්ලීමට මගේ නියෝගයෙන් කැබිනට් අනුමැතියෙන් සිල් රෙදි දුන්නාමත් ජම්පර් ඇන්දුවා. මේක තමයි රජයේ සේවකයාට ගිය කළ. වගකීමෙන් වැඩ කරන්න දෙන්නේ නැහැ.

අද නීති උල්ලංගනය කරමින් සමෘද්ධි බෙදනවා. කළ හැකි හැම දේම කරමින් බලය රැුක ගන්න උත්සාහ කළත් ජනතාව ඔවුන්ට බලය දෙන්නේ නැති බව විශ්වාසයි. ජනාධිපති අපේක්ෂකයා තෝරා ගත්තේ මම නෙවෙයි. ආගමික නායකයින් පක්ෂ නායකයින් ජනතාවගෙන් විමසලයි අපි අපේක්ෂකයා නම් කලේ.
21 පාස්කු ප‍්‍රහාරයෙන් පස්සේ ජාතික ආරක්ෂාව ගැන ජනතාවගේ අවධානය වැඩි වැඩියෙන් යොමු වුණා. පැහැදිලිව මේ ආණ්ඩුව වග කිව යුතුයි. තොරතුරු දැනගෙන තොරතුරු වසන් කළා. මුස්ලිම් ජනතාව ආණ්ඩුවට තොරතුරු දිලා තියෙද්දිත් සියලූ දේ වසන් කළා.

මේ තත්ත්වය රටෙන් තුරන් විය යුතුයි. බියෙන් හා සැකයෙන් තොරව දරුවා පාසල් යා යුතුයි. උතුරට යන්න දකුණට යන්න ඉඩ තියෙන්න ඕනේ. පළමු වතාවට පෙරහැර බලන්න යන්න, පල්ලියට යන්න, බැරි කළා. මේ අවස්ථා සියල්ලටම එජාප නායකත්වය වගකිය යුතුයි. මේවා පිළිබදව ඔබේ අවධානය යොමු විය යුතුයි. උදේ පාන්දර ගිහින් ඔබේ වගකිම ඉටුකරමින් නෙලූම් පොහොට්ටුවට ඔබේ ඡුන්දය දෙන්න.

ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න, මම ඔබට සුරක්ෂිත දේශයක් ලබා දෙනවා – ගෝඨාභය

අපේ ජයග‍්‍රහණයෙන් පසුව විනයගරුක කි‍්‍රයාශිලි ඵලදායි ආණ්ඩුවක් අපි ඇති කරනවා. විනිවිද භාවයක් සහිත කි‍්‍රයාශිලී රජයක් ඔබ බලාපොරොත්තු වෙනවා වගේම අපි ඒ රජය ලබා දෙනවා.

අපේ ජයෙන් පසුව රාජ්‍ය ආයතනවලට පත්කරන්නේ වැඩ කළ හැකි අයයි. ඒ අයට අපි නිසි ඉලක්ක ලබාදි ඔවුන්ගේ ප‍්‍රමිතිය බලනවා. රාජ්‍ය ආයතන ලාබ ලබන ආයතන බවට පත්කළ යුතුයි. ඒ ආයතන විදේශීකයින්ට විකුණන්න බැහැ. එදා නාගරික සංවර්ධන අධිකාරිය, පහත්බිම් සංවර්ධන අධිකාරිය රටට විශෘල සේවයක් කරන ආයතන බවට අපි පත්කළා. මේ ආයතන භාණ්ඩාගාරයට බරක් නොවන ලාභ ලබන ආයතන බවට පත්කරනවා.

රට ඉදිරියට යන්නට නම් ආයෝජකයින්ට විශ්වාසයක් ඇති වෙන්න නම් රාජ්‍ය ආරක්ෂාව තහවුරු වෙන්න අවශ්‍යයි. අපි ත‍්‍රස්තවාදය අවසන් කළා වගේම නැවතත් මේ රටේ ත‍්‍රස්තවාදය හිස ඔසවන්නේ නැති වෙන්න ආරක්ෂක සැලැස්මක් යෙදුවා. ති‍්‍රවිද හමුදා පොලීසිය යොදවලා අපි සුරක්ෂිත රටක් ඇති කළා. විදේශීය බලවේගවලට යට නොවුණු නව ලිබරල්වාදී ආදහස් දරන රාජ්‍ය නොවන ආයතනවලට ගැතිකම් කරන ආණ්ඩුවකින් රාජ්‍ය ආරක්ෂාව තහවුරු වෙන්නේ නැහැ. අපේකමට ගරු කරන අපේකමට ආදරය කරන අයට විතරයි එය කළ හැක්කේ. අපි අභියෝග ජය ගත්ත කොටසක්.

රණවිරුවන්ගේ අභිමානය නැති කරලා ජාත්්‍යන්තර අධිකරණවලට රණ විරුවන් ගෙනියන්න උත්සාහ කළා. බුද්ධි අංශ සාමාජිකයින්ට අභූත චෝදනා නගලා හිරේ දැම්මා. අපරාධ පරික්ෂණ කොට්ටාශයේ දක්ෂ නිලධාරීන් ත‍්‍රස්තවාදීන් හොයන්නයි අපි භාවිතා කළේ. මේ රජය දේශපාලන විරුද්ධවාදින් හිරගෙට යවන්නයි ඒ ආයතන භාවිතා කරන්නේ. පාස්කු පහරදිම වෙන්නේ කවදාද, කීයටද, ඒ අයගේ නම් , ලිපින දුරකතන අංක දීලා තිබුණත් රජයට එය නතර කර ගන්න බැරි වුණේ ජාතික ආරක්ෂාව ගැන අවබෝධයක් නැති නිසයි.

එදා ඉතිහාසයේ නොවූ විරූ සංවර්ධනයක් අපි මේ රටේ ඇති කළා. අධිවේගී මාර්ග කාපට් මාර්ග ගුවන් තොටුපළ, වගේම ආසියාවේ වේගයෙන්ම දියුණූ වෙන නගරය බවට කොළඹ නගරය පත්කිරීම පැල්පත් ඉවත් කර තට්ටු නිවාස දීම වැනි දේ අපි කළත් මේ රජය ආපු හැටියේ ඒ සංවර්ධන ව්‍යාපෘති නතර කළා. මේ නිසි ව්‍යාපෘතිවල වැඩ කරපු අයගේ ව්‍යාපාර කඩා වැටුනා. රුකියා නැති වුණා. කෘෂිකර්මාන්තයට කිසිම අවධානයක් යොමු කළේ නැහැ.

අපේ සංස්කෘතිය හා බැදුනු තවමත් තුනෙන් එකක පමණ ජනතාවගේ ජිවනෝපාය වන කෘෂිකර්මාන්තය අපිට වැදගත්. මේ රජය සහනාදාර කපලා වගාබිම් ප‍්‍රමාණය අඩු කරලා නැවතත් සහල් පිටරටින් ගේන තත්ත්වයක් ඇති කළා.

නමුත් ආහාර සුරක්ෂිතභාවය ඇති කරන්න අපි ඉදිරියේදි සහන ලබා දෙනවා. පොහොර නොමිලේ ලබා දෙන්න, ගොවි ණය කපා දැමීම පිටිපස අරමුණක් තිබෙනවා. ඒ වගේමමේ ආණ්ඩුව යටතේ දේශිය කර්මාන්තකරුවා කඩා වැටුනා. විදේශීය ආයෝජන ගේන්න කලින් දේශීය කර්මාන්තකරුවා සුරක්ෂිත කළ යුතුයි. ඒ නිසයි අපි ඔවුන්ට බදු සහන දෙන්නේ. පහසු සරල තේරුම් ගැනීමට හැකි බදුක‍්‍රමයක් හදුන්වා දේන්නේ.

අද ලෝකයේ සීඝ‍්‍රයෙන් දියුණු වෙන්නේ ආසියාවයි. තාක්ෂණය, බුද්ධිය මුල්කරගෙන දියුණුවන මේ සත වර්ෂය අපි හදුන්වන්නේ ඥාණය මුල් වූ ශත වර්ෂයක් විදියටයි. අපිට බුද්ධිමත් මිනිස් ශ‍්‍රමයක් තිබෙවා. අපිට හොද තරුණ තරුණියන් සිටිනවා. අවාසනාවට අධ්‍යාපන ක‍්‍රමයේ වැරදි නිසා තරුණයින් අතරමං වෙලා. ආර්ථිකයට කෙලින්ම සම්බන්ධ වෙන්න බැරි උපාධි ලබලා රජයේ රැුකියා බලාපොරාත්තු වෙන් ඉන්නවා. උසස්පෙළ සමත් වෙලා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා ගන්න බැරිව ඉන්නවා.

ගාල්ලේ තරුණයින් පිරිසක් එක්ක කතා කළා. ඔවුන් උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාලයට ඇතුළත් වෙන්න බැරි වුණ පිරිසක්. ඔවුන් අනාගතයේ මොනවා කරන්නද කියලා දන්නේ නැහැ. මේ අයට නිපුණත්වයක් ලබා දිලා ආර්ථීකයට සෘජුවම සම්බන්ධවන වෘත්තියන් කරා යොමු කිරීමේ හැකියාව තියෙනවා.

තොරතුරු තාක්ෂණය පරිගනක තාක්ෂණය සහිත සමාගම් ඩොලර් බිලියනයක පමණ ආදායමක් ගේනවා. මේ සමාගම් කියන්නේ ඩොලර් බිලියන 5ක් දක්වා විදේශ විනිමයක් මේ හරහා ගෙන ඒමේ හැකියාව ඇති බව. නමුත් ඒ සදහා ලක්ෂ තුනක පමණ ශ‍්‍රම බලකායක් අවශ්‍යයි. විද්‍යා අංශයෙන්ම උපාධි ලබන්න ඕනේ නැහැ. ඒ අයව මේ ක්ෂේත‍්‍රයේ රැකියා සදහා පුහුණු කර හොද වේතනයක් සහිත රැුකියා සදහා යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසයි අපි පළමු වසරේ සිටම අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරන්නේ. උසස් පෙල සමත්වන තරුණ පිරිසට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදිමට විශ්වවිද්‍යාල වල ධාරිතාව වැඩි කරන්නත් ආචාර්ය මණ්ඩලය වැඩි කරන්නත් දුරස්ථ අධ්‍යාපනය දියුණු කරන්නත් අවශ්‍යයි. ආර්ථිකයට සෘජුවම සම්බන්ධ වන විදියට මේ පාඨමාලා සකස්කළ යුතුයි. නිපුණත්වය ලබා දීමෙන් රැුකියා ඇති කළ හැකියි.

සංචාරක ක්ෂේත‍්‍රයේත් රැකියා අවස්ථා තිබෙනවා. ඒ සදහා සුරක්ෂිත රටක්, හොද මූල්‍යයත්, කි‍්‍රයාශීලී විනිවිද භාවයකින් යුත් ආණ්ඩුවක් තියෙන්න ඕනේ. රාජ්‍ය සේවයෙන් පලිගන්න ගිහින් රාජ්‍ය සේවය කඩා වැටුනා. රට වෙනුවෙන් නිලධාරින්ට තිරණ ගන්න බැරි විදයේ බියක් ඇතිකළා. අපේ රජයක් යටතේ මේ රාජ්‍ය සේවකයින්ට අවංකය නිර්භයව තිරණ ගන්න නිති මගින් ආරක්ෂා කරනවා. හොද දක්ෂයින් සුදුසු තැන්වලට පත්කරන්න ඕනේ. ඒ විදියටයි අපි එදා ප‍්‍රතිඵල දුන්නේ. හමුදාවේදීත් ජේ්‍යෂ්ඨත්වයම නොබලා දක්ෂයින් පත්කිරීම නිසයි එවැනි ජයක් ලැබුවේ. ඔබ මා කෙරෙහි විශ්වාසය තබන්න. ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න. මම ඔබට සෞභාග්‍යමත් රටක් අභීමානවත් දේශයක් සුරක්ෂිත කරනවා.

‘දුප්පත්කම’ දේශපාලන තුරුම්පුවක් ලෙස යොදා ගන්න අනාගතයක් ජනතාවට වුවමනා නෑ – විමල්

මේ මගේ ලක් මාතාව ඇයට ආරක්ෂාව ඉල්ලන මොහොතයි. නැවතත් ඇයගේ ¥දරුවන්ට සුරක්ෂිත බව ඉල්ලන මොහොතක්. ඇයගේ ¥දරුවන් වෙනුවෙන් ආර්ථික සංවර්ධනය, විනයානුකුළ භාවය, ගුණ යහපත්කම ඉල්ලන මොහොත. සරුසාර පසක් සහිත බිමට හොද අගයක්. තරුණ දරුවන්ගේ සිහින පැලවෙන අවස්ථාවක් ඉල්ලා සිටින මොහොත. ඒ සදහා වූ ඥාණාන්විත නායකයෙක් බලාපාරොත්තු වෙන මොහොතයි.

ඒ විරෝධාර නායකත්වය බලාපොරොත්තුවෙන් සිටින රට වෙනුවෙනුයි ඔබ ඡුන්ද පොලට යන්නේ. මගේ රට ඇදවැටී සිටින වලෙන් ගොඩ ගන්න විරයෙක් ඉල්ලන මොහොතක්. ජාතියට රටට මව්බිමට පණ දෙන්න හැකි නායකයෙක් ඉල්ලන්නේ.

මගේ ඇන්ජිම ප‍්‍රබලයි. ඩයනමෝව ප‍්‍රබලයි. මම. මම.මම. මේ විදියේ කවටයෙක් නෙවෙයි මව් පොලොව ඉල්ලන්නේ. එදා 2005 දි මහින්ද රාජපක්ෂ මහතා දිනුවෙත් මේ වගේම අවස්ථාවකයි. එදා අවශ්‍ය වුනු නායකයා දකුනේ ජනතාව දුන්නා. අදත් දකුනේ මිනිස්සු රට ඉල්ලන නායකත්වය රටට දෙනවා.

දේශපාලනඥයා කිව්වාම හොරක් කියලයි ජනතාව හිතන්නේ. මේ රටේ හොරකම නතර කළ හැකි, වරදට දඩුවම දෙන නායකයෙක් අවශ්‍යයි. රට ඇහැක් වගේ ආරක්ෂිතව බලාගන්න පුලූවන් නායකයෙක් රට ඉල්ලනවා. දේශපාලන ප්ිය පිවිතුරු කරන්න රට රකින්න ඓතිහාසික උරුමය ආරක්ෂා කරන්න, වස විස නැති ආහාර කන දවස උදා කරන්න. මව් පොලොවේ පරිසරය රැුකලා දෙන්න. අපේ නැන නුවණ පිරිදරුවන් පැලවෙන පොලොව ලක් පොලොව බවට කරන්න කියන ඉල්ලිමයි ඔබෙන් කරන්නේ.

සිමෙන්ති කොට්ට බෙදලා, දේශපාලන තරුම්පුවක් බවට දුප්පත් කම යොදා ගන්න අනාගතයක් නෙවෙයි ජනතාවට අවශ්‍ය. මත්ද්‍රව්‍ය, සමාජ අපචාරයේ, ගණිකා ව්‍යාපාරයේ පාතාලයේ තෝතැන්න දෙස ඔබතුමා බැලූවා. පුතානෝට වගේ පෙට්ටි ගෙවල් දෙන්න ඔබට හිතුනේ නැහැ. පැල්පත් වාසින්ට මහල් නිවාස හැදුවා. දුප්පතාට අලූතෙන් ජිවතය පටන් ගන්න පදනම හදන බවයි ඔබ අපට ඉගැන්නූ පාඩම.

මම ජවිපේ ඉන්න කාලේ මහින්ද රාජපක්ෂ ආන්ඩුව යුද්දේකරයිද කියලා විවාදයක් ගියා. මම කිව්වා යුද්ධය කරන බව. ඒකට එක හේතුවක් ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් කිරිම. එල්. ටි. ටී. ඊ වැඬේ දෙන්න පුදුම රුදාවක් තියෙන බව මට තේරුණා. ගෝඨෘභය රාජපක්ෂ මහතා සරත් ෆෝන්සේකා හමුදාපති කරගත්තෙත් යුද්දේ කරන්න. මොන අඩුපාඩු තිබුණත් වැඬේට හරි යන බුලට් එක. ඒ සාදක දෙක නිසයි මම කිව්වේ යුද්ධය අවසන් කරන බව. හිතපු විදියටම අයියා ජනාධීපති මල්ලි ආරක්ෂක ලේකම්. ඒක ඓතිහාසික හයිබි‍්‍රඞ් විමක්. මේ සහෝදර බැදීමෙන් ලක් පොලොවට වුනු විශ්ෂ්ටම ප‍්‍රතිඵලය 30 අවුරුදු සාපරාධී යුද්ධයෙන් රට බේරා ගැනීමට ලැබීමයි.

සාමයේ සිසිලස ලැබුණු කොළඹ නගරය දියුණු කළා. දකුණු ආසියාවේ වේගයෙන් දියුණු වන නගරය බවට කොළඹ නගරය පත්කළා. වෙන කෙනෙක් වුනානම් දියත උයන කාට හරි විකුණලා ගාණක් කපනවා. මෙතුමා නිදහසේ තෝතැන්නක් බවටයි පත්කලේ. පොදුජනයා තරුණ දරුවා ගැන හිතන නිසයි ඒ විදියේ අදහස් ඔලූවට එන්නේ.

Image result for dinesh gunawardena

ජනතාවට එරෙහි පනත්වලට විරුද්ධව ‘සජිත් පේ‍්‍රමදාස’ එක වචනයක්වත් කිව්වේ නෑ – දිනේෂ්

කඩුවෙල කියන්නේ ප‍්‍රගතිශිලි ජනතාවගේ කේන්ද්‍රස්ථානයක්. පෘතුගී‍්‍රසි අධිරාජ්‍යවාදින් පලවා හැරීමේ සටනට තෝතැන්න වූයේ කඩුවෙල.

රාජ්‍ය අංශය ආරක්ෂා කර ගැනීමේ වගකීමකට අපේ රට මුහුණ දීලා තියෙනවා. ඒ වගකිම ඉටු කරන්න ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රතිඥා දී තිබෙනවා. මේ ආණ්ඩුව ආර්ථිකය බංකොලොත් කරලා ඉවරයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 7%ක් ඉක්මවන ආර්ථීක සංවර්ධන වේගයකින් රට ඉදිරියට ගෙනාවා. රනිල්ගේ ආන්ඩුවට වසර 4යි. මහ බැංකුව හොරකම් කරලා 2.5ට අඩු ආර්ථික සංවර්ධන වේගයකට රට ඇද වැටිලා ආර්ථිකය බංකොලොත් කරලා අවසන්.

අද 5%ක් දුප්පත් මිනිස්සුන්ගේ ප‍්‍රශ්න විසදන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැහැ. අඩු ආදායම් ලබන මිනිස්සු වෙනුවෙන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන විශ්වාසවන්ත රටක් ගොඩනංවන්න ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රතිඥා දි සිටිනවා. රනිල්ගේ ආන්ඩුවේ නියෝජ්‍ය නායක සජිත් මේ විනශායට වගකිව යුතුයි. මේ හොර රැල පාලනයෙන් පෙරලා දැම්මේ නැත්නම් මාතෘ භූමිය රැකෙන්නේ නැහැ.

හෝකන්දර වළ අපිට මතකයි. පණ පිටින් තරුණයෝ ගෙනත් වෙඩි තියලා පිච්චුවේ ආර්. පේ‍්‍රමදාස ආණ්ඩුවයි. ඒ වැඩපිලිවෙලයි සජිත් පේ‍්‍රමදිස ඉදිරියට ගෙනියනවා කියන්නේ. මහ පොලොවේ ඉතිහාසය ජනතාවගේ මූලික අයිතිවාසිකම් උදුරාගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පයින් ගහලා යන ගමන අපි නතර කරමු පළාත් සභා නවයම විසුරුවලා ආන්ඩුකාරවරුන්ගේ හිතුවක්කාර පාලනයකට පළාත් සභා නතු කරලා.

කඩුවෙල ජනතාව ඉතිහාසය පුරා එජාපය එලව එලව පරදවපු ජනතාවක්. මහින්ද රාජපක්ෂ ආන්ඩුව පෙරලූනාට පස්සේ අපි නැවතත් මහින්ද රාජපක්ෂ මහතාව කරලියට ගෙනාවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම අද ජාතික වගකීමක් බව සිතන්න. අපේ රට අනාගත පරම්පරාවට ජිවත් විය හැකි රටක් බවට පත් කලේ නැත්නම් රනිල්ගේ සජිත්ගේ භයානක බෙහෙත් වට්ටෝරුවට හසුව මිය යන ජාතියක් බවට අපි පත්වෙන්න ඉඩ තිබුණා. අද ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණ අරන් සිටින්නේ ඊට එරෙහිවයි.

ගංවතුරට යට වෙන ගම්මාන බේරා ගැනීමේ බහුකාර්ය වැඩපිලවෙලක් කෙරෙහි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු ව තිබෙනවා. මේ මහා පෙරළිකාර සංවර්ධන වැඩපිලිවෙල දියත් කිරීම සදහා ඔබේ ඡන්දයේ අවස්ථාවයි.

රනිල් වික‍්‍රමසිංහ ගෙනාපු හැම අන පනතකටම නියෝජ්‍ය නායක සජිත් අත එසවූවා. ජනතාවට එරෙහි පනත්වලට විරුද්ධව වචනයක්වත් කිව්වේ නැහැ. තරුණ පරම්පරාව වෙනුවෙන් සංවර්ධනයේ බලාපොරොත්තු තබා ගැනීමට හැකි තිරණාත්මක ඡන්දයක් බවට මේ ඡුන්දය පත්ව තිබෙනවා. ඒ ඡන්දයෙන් ගෝඨෘභය රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කරවමු.

මේක වැඩකරන ජනතාවගේ අයිතීන් කප්පාදු කළ ආණ්ඩුවක් – ගාමිණි ලොකුගේ

මේ ආන්ඩුව එළවන්න අපි අරගලයකයි සිටින්නේ. තමන්ගේ රැකියාවේ ස්ථිරත්වය කම්කරුවන්ට නැති වුනා. ප‍්‍රතිත‍්‍රස්ත පනත ගෙනත් වැඩකරන ජනතාවගේ අයිතීන් කප්පාදු කරන්න හදන වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ රජය පෙරමුණ ගැනිම නිසා ඒ පනත් පස්සට ගියා. සජිත් බලයට ආවොත් නැවතත් ඒ පනත් කොටුම්පත් කරලියට එනවා.

වැඩකරන ජනතාවගේ අයිතින් තුට්ටුවකට ගණන් නොගෙන කප්පාදු කරන ආන්ඩුවක් තියෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහතා කම්කරු ජනතාව පිළීබද මැදිහත් ප‍්‍රතිපත්තියක සිටිමින් අයිතින් ආරක්ෂා කරන්නත් රැකියා සුරක්ෂීත කරන්නත් අර්ථ සාදක අරමුදල හා සේවක භාරකාර අරුමුදල ආරක්ෂ කරන්නත් පොරොන්දු වී සිටිනවා.

රජයේ සේවකයින්ගේ විශ‍්‍රාම වැටුප අහෝසි කරපු මේ ආන්ඩුව පරාජය කරන්න ජනතාව පෙර ඇවිත්. සියලූම දෙනා අද අමාරුවේ වැටිලා. ගත්ත ණය ගෙවා ගන්න බැරිව ති‍්‍රවිල් හංගගෙන ඉන්නේ. රක්ෂාවේ සුරක්ෂිතභාවය ඇති කරන්න ගෝඨෘභය රාජපක්ෂ මහතා ජනාධිපති කරන්න පෙරමුණ ගෙන සිටිනවා.

අද තියෙන්නේ එක්සත් විජාතික පක්ෂයක් – විජේදාස රාජපක්ෂ

අද තීරණාත්මක මොහෙතක් උදා වෙලා. එක්සත් ජාතික පක්ෂය රට විජාතික බලවේගවලට යටත් කර රට කෑලිවලට කඩන්න, ත‍්‍රස්තවාදයට ඉඩ ඔසවලා අපේ ජීවිත අනාරක්ෂීත කරන්න ඉඩ දෙනවාද යන්න මේ මැතිවරණයේදී තීරණය වෙනවා.

2015 එක්සත් ජාතික පෙරමුණ බලයට ආවේ යහපාලනය හා සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදය මේ රටේ ස්ථාපිත කරන්න. ජනතාව සුපිරි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සිහින මවමින් අපේ ආන්ඩුව බලයට පත්කරගත්තා. පාර්ලිමේන්තුවේ ආන්ඩු පක්ෂය හා විපක්ෂය තියෙනවා. නමුත් අපිට ඇමැති මණ්ඩලයේ ආන්ඩු පක්ෂයයි විපක්ෂයයි තියාගෙන යන්න සිද්ධ වුනා. දෙවැනි අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අපි තේරුම්ගත්තා රට විනාශ වෙන බව. අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධීපති කරන එකට අපි විරෝධය පෑවා.

ඉස්සෙල්ලාම මංකොල්ල කෑවේ විධායක ජනාධිපතිතුමාගේ බලය. ඒ බලය භාවිතා කරලා නිතී උල්ලංඝනය කරමින් මහ බැංකුව මුදල් අමාත්‍යංශයට නොදී තමන්ගේ විෂයක් බවට පත් කරගෙන ¥ෂීත අරුජුන මහේන්ද්‍රන් හරහා මහ බැංකු කොල්ලය කළා. මේක එළිවෙයි කියලා රනිල් වික‍්‍රමසිංහ හිතුවේ නැහැ. ජනාධිපති කොමිෂම මගින් ඒ කොල්ලය කලේ කවුද කියන දේ අපි හෙලිදරව් කර ගත්තා.

අවුරුදු 25 ක් එජාප නායකත්වය දරලා අවසන් වෙද්දි අද තියෙන්නේ එක්සත විජාතික පක්ෂයක්. මේ ආණ්ඩුව ඇවිත් පළමුවෙන්ම කලේ රට ජාතිය වෙනුවෙන් සටන් කරපු සේනාධීනායකයාගේ ඉදන් රණ විරුවා දක්වා පාවා දෙමින් ඇමිරිකානු යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීමයි.

එදා ඉදන් විජාතික නියෝජිතයෝ ඇවිත් යුද අපරාධ අධීකරණය පිහිටුවලා කවදාද රණ විරුවෝ ඒ අධීකරණයට ගෙනියන්නේ කියලා බලන්නයි එන්නේ. අපේ මුතුන් මිත්තෝ සිය ජිවත මෙන් රැක්ක ආර්ථික මර්මස්ථාන, හම්බන්තොට වරායත් එක්ක අක්කර 15000ක් චිනයට විකුණන කොට මේ ආන්ඩුව මොකද කලේ.

සජිත් පේ‍්‍රමදාස හම්බන්තොට මගේ ආදරණිය හම්බන්තොට ජනතාව කියලා කතා කළාට වරාය විකුණන්න තීරණ ගන්න වෙලාවේ එක වචනයක් ප‍්‍රකාශ කලේ නැහැ. මේ ජනාධිපතිවරණ සටන ඔබේ සටනක්. අපිට මේ රටේ ජීවත් වෙන්න තියෙන අයිතිය ආරක්ෂා කර ගැනිම පිළිබද සටනක්.

ඒ සටනට නිවරුදි නායකත්වයක් දිය හැකි රටට ජනතාවට ආදරය කරන නායකයෙක් වන ගෝඨාභය රාජපක්ෂ මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ඔබ වෙනුවෙන් දායාද කර තිබෙනවා.

අපිට ශක්තිමත් නායකයෙක් අවශ්‍යයි – පූජ්‍ය අතුරලියේ රතන හිමි

අද රට ආර්ථික වශයෙන් ආගාධයකට ඇද වැටිලා. අපිට ශක්තිමත් නායකයෙක් අවශ්‍යයි. ඒ නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා කියලා අපි විශ්වාස කරනවා.

මේ රට දියුණූ කරන්න අපි මොනවාද කරන්න ඕනේ. එතුමාගේ කතා වල රට යා යුතු දිසාව ගැන කියැවෙනවා. ශී‍්‍ර ලංකාව කියන්නේ සුන්දර රටක්. අපේ රට පුංචි වුනත් මුහුද එක්ක ගත්තාම අපි මහා සම්පත් සහිත රටක්. වසර 2500ට අදික කාලයක් අපි රැක පෝෂණය කර ගත්ත බුද්ධ ධර්මයත් ඒ උරුමයත් ලොවට දිය හැකි වටිනාම සම්පතක්.

අපිට ටෝකියෝ නිව්යෝර්ක් සිංගප්පූරුවක් වෙන්න සිහිනක මැවුවට අපි ශී‍්‍ර ලංකාව විදියටයි දියුණූ වෙන්න ඕනේ. එක්සත් ජනපදය ආර්ථික බලවතා වුනාට සෞඛ්‍ය අතින් ඉන්නේ අන්තිම තැනක. මිනිසුන් ට සතුටින් ඉන්න සුරක්ෂිත රටක් තමයි අවශ්‍ය වෙන්නේ. මේ රට සුරක්ෂිත කරන්නේ කොහොමද? අලූත් ලෝකයත් එක්ක ගැලපෙන රටක් අපිට අවශ්‍යයි.
අද තේ කිලෝව රුපියල් 1000ට අඩුයි. වස විසෙන් තොර තේ වගාවක් කලොත් රුපියල් 2000ට වැඩිය වටිනාකමක් දෙන්න පුලූවන්. මේ රට වස විසෙන් තොර රටක් කරන්න ගෝඨාභය රාජපක්ෂ මහතා පොරොන්දු වෙලයි තියෙන්නේ.

දැන් ආනයන අපනයනය ගැන කතා කරනවා. උම්බලකඩවල ඉදන් අපිටම හදා ගන්න පුලූවන්. ඉන්දියාව කිරිපිටි දැකලා නැති වුනාට අපේ රටේ කිරිපිටි මිලියන ගාණක් ගෙන්වනවා. ඩොලර් මිලියන 5 ක්ම ගේන්නේ මැදපෙරදිග යන කාන්තාවෝ. මේ වහල්කම වෙනුවට අපේ මහ පොලොවේ වගා කළ හැකි සියලූම දේ අපිට වගා කරගන්න පුලූවන්. ඒ සදහා අධීෂ්ඨානය වීර්යය තියෙන තැනැත්තා ගෝඨාභය රාජපක්ෂ කියලා අපි විශ්වාස කරනවා.

ඉන්දියාවේ හැම ගෙදරම කිරි ගවයෙක් ඉන්නවා. උතුුරු ඉන්දියාවේ හැම ගෙදරම චීස් බටර් හදනවා. ඉන්දියාවේ තණකොල නැහැ. සීතල කාලගුණය තියෙන මාසද 4යි තියෙන්නේ. අපේ රටේ සදාකාලාකව තණකොල තියෙන රටක්. අපිට ලංකාව කිරෙන් ස්වයංපෝෂිත කිරීමේ හැකියාව තියෙනවා. හමුදාවේ ශක්තිය තරුණ පරම්පරාෙවේ ශක්තිය එකතු කරලා රට ස්වයංපෝෂිත කිරීමේ හැකියාව ඇති නායකයා ගෝඨෘභය රාජපක්ෂ මහතායි.

වෙළද ගිවිසුම් නැත්නම් දියුණු වෙන්න බැහැ කියලා සිංගප්පූරුවේ මළ පහත් ලංකාවට ගේන්න ගිවිසුමක් අත්සන් කළා. අපි දේශීය ව්‍යාපාරිකයා, කර්මාන්තකරුවා ආරක්ෂා වන ලෙසයි වෙළද ගිවිසුම් අත්සන් කරන්න ඔනේ. 1600ක්ව තිබුණූ ගම්මිරිස් කිලෝව අද 600යි. ඊබ‍්‍රහීම් ගම්මිරිස් වෙනුවට බොරු ගම්මිරිස් හොර පාරෙන් ගෙනත් විකුණලා අපේ වෙළදපොල නැති කළා.

බෝම්බකරුවන්ගේ අප්පොච්චි කරුංකා ගෙනත් විකුණලා අපේ ඔලූවට උඩින් බෝම්බ ගහනවා. අන්තවාදී මූලධර්මවාදය උගන්වන අධ්‍යාපන ආයතන වහලා ජාතික අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් රටට අවශ්‍යයි. මේ ලංකාව ලෝකයේ අනභීභවනීය රටක් විදියට ගොඩ නැගීමේ හැකියාව අපිට තියෙනවා. ඒ සදහා රටට ආදරය කරන නායකයෙක් අවශ්‍යයි. රාජපක්ෂ නමේ අගට තිබුණට ගෝඨාභය රාජපක්ෂ කියන්නේ සෘජු නායකයෙක්. එතුමාගේ ජය වෙනුවෙන් ඉදිරි දින කිහිපය තුළ පක්ෂ බේදයෙන් තොරව ගෙන් ගෙට ගිහින් එතුමා ජයග‍්‍රහණය කරමු.

සජිත් ප්‍රේමදාස පටන් ගන්නේ ලක්ෂ 36කින් – සුසිල් පේ‍්‍රමජයන්ත

කඩුවෙල ඉතිහාසයේ සිට ප‍්‍රගතිශීලී ආසනයක්. එදා මහින්ද රාජපක්ෂ මහතා වටා ගොනු වුනු ජනතාව 2015 ජනවාරි 08න් පස්සේ එතුමා නැති පාඩුව තේරුම් අරගෙන, මහින්ද සුළග අරන් ගිහින් සුළග මහින්ද රාජපක්ෂ මහතා වටේ ගොනු කරන කොට බැසිල් රාජපක්ෂ මහතා රට පුරා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ බිහිකළා.

ශී‍්‍රලනිපය ඉතිහාසයේ සිටම රට පාලනය කරපු පක්ෂයක්. අද ඒ බලවේග දෙකම එකතු වෙලා එකම ප‍්‍රතිපත්තියක් තුල එකම අපේක්ෂකයෙක් දිනවීමට ඒකාරාශී වෙමින් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා උගතුන් බුද්ධීමතුන් වියතුන් ඒකරාශි කරගෙන දැක්මක් ඇතිව වැඩපිලිවෙලක් ඇතිව සැලැස්මක් ඇතිව වැඩපිලිවෙලක් සකස් කලා. ඒ අනුව සියලූ පෙරමුණූ නියෝජනය කරන ප‍්‍රගතිශීලී අපේක්ෂකයා අපි ඉදිරිපත් කරලා තියෙනවා. අතාවුල්ලා තොන්ඩමන්, ඩග්ලස් දේවාන්නදා මහතා එකතු වුනාම ලක්ෂ 68ක ඡුන්ද ප‍්‍රමානයකින් තමයි ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්නේ

සජිත් ප්‍රේමදාස පටන් ගන්නේ ලක්ෂ 36කින්. එදා හංසයට දුන්න සමහරු අද ජන බලවේගේ. ජවිපෙත් වෙන් වෙලා. දැන් එකතු කර ගන්න තියන්නේ දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද ටික විතරයි. ඒ ටික එකතු වුනොත් 40යි. ඒ කියන්නේ අපි මේ වෙනකොටත් 50% අභීභවා ගිහින් අහවරයි.

සජිත් පේ‍්‍රමදාස ගෝල්ෆේස් පිටියේ මංගල රැළිය තබමින් සරත් ෆොන්සේකා මහතාට ආරක්ෂක අංශයේ ඉහළම තැන දෙන බව කිව්වා. ජාතික ආරක්ෂාව අද ප‍්‍රමුඛ වෙලා. 19 වෙනි සංශෙෘ්ධනයෙන් පස්සෙත් රටේ ආණ්ඩුවේ හමුදා සේනාධීනායකයා වෙන්නේ ජනාධිපති. ඒ කියන්නේ 19 සංශෝධනයෙන් පසුවත් ජාතික ආර්කෂාව එක්කයි ජනාධිපත්වරණයට ඡන්දය දෙන්නේ. සජිත් ප්‍රේමදාස තමන්ගේ වගකීමත් වෙන කෙනෙකුට දෙන බව කියනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා කියන්නේ ජාතික ආරක්ෂාවේ වගකීම තමන් භාර ගන්නා බවයි.

ජාතික ආරක්ෂාව වෙන කෙනෙකුට පැවරුවාම වෙන දේ පාස්කු ප‍්‍රහාරයෙන් අපි දැක්කා. සජිත් ප්‍රේමදාස මහතාට වැඩියෙන්ම සහාය දෙන මංගල සමරවිර විදේශ ඇමැතිවිදියට ජිනීවා වලට ගිහින් රටට එරෙහි යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වූවා. යුද අධිකරණයට යනවා නම් විනිසුරන් මෙහෙට ගේනවා නම් ඒ සියල්ල කරන්න වුනේ මංගල සමරවීරගේ තීන්දුව නිසයි. ඒ නිසා ඉස්සෙල්ලාම මංගල සමරවිර ට කියලා යෝජනාව ඉල්ලා අස්කරගෙන ඉන්න.

මංගල සමරවීර කොටුවේ උපවාස කරපු රණ විරුවන්ට කිව්වේ භාණ්ඩාගාරයේ සල්ලි ගස් නැහැ කියලයි. මහින්ද-ගෝඨාභය සුසංයෝගය තමයි ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණයේ පදනම. ඒ සුසංයෝගයම තමයි 16 වැනිදාට මේ රට නැවත නගා සිටුවන්නෙත්. මේ රටේ කලාව සංස්කෘතිය රට ජාතිය ආගම ඉතිරිවෙන්න නම් අනිවාර්යයනේම ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කරවන්න.

ජාතික නිදහස විනාශයට යමින් තිබෙනවා – වාසුදේව නානායක්කාර

මේ රට නොවැම්බර් 16 වැනිදා කොයි අතට යනවාද කියන තින්දුව තියෙන්නේ ඔබේ අතෙයි. රට බේරා ගැනීමට තීන්දුවක් දීම ඔබේ වගකිමක්. රට විනාශ කෙරෙන එජාප හැතිකරයේ නියෝජිතයාට ඉඩක් නොතැබීම ඔබේ වගකිමක්. සංස්කෘති, ජාතික නිදහස විනාශයට යමින් තිබෙනවා. පොදු ජනතාවට ආදායමට ගැලපෙන්නේ නැති වියදම් නිසා ණය වෙමින් සිටිනවා.

ජනතාවගේ බදු අඩු කරන්න මංගල සමරවිර විරුද්ධයි. පේ‍්‍රමදාස ව්‍යාපාරිකයින් එක්ක තිබුණූ සාකච්ඡවේදී කියනවා මම බදු ගහන මිනිසෙක් නෙවෙයි කියලා. නමුත් ජනතාව ලගට ඇවිත් බදු අය කරන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. ඉහළ පන්තියේ බද්ද අඩු කරලා ජනතාවගෙන් අය කරන බදු වැඩිකරන එක තමයි මේ අයගේ බදු ප‍්‍රතිපත්තිය. මහින්ද රාජපක්ෂ මහතා එදා කළා වගේ ජනතාවගේ බදු බර අඩු කිරීම ගැනයි ගෝඨභය රාජපක්ෂ මහතා කතා කරන්නේ.

කි‍්‍රයාමාර්ග ගන්නේ ප‍්‍රතිපත්තිය මතයි. වෙළෙද පොල ප‍්‍රතිපත්තිය එජාප ප‍්‍රතිපත්තිය වුනාට අපේ ප‍්‍රතිපත්තිය සමාජය වෙනුවෙන් වෙළෙද පොල හසුරවන ආණ්ඩු ප‍්‍රතිපත්තියක්. මේ රටේ පොදු ජනතාවගේ ජිවිතයේ බර අඩු කර ඔවුන්ගේ කර්මාන්තවලට අනුග‍්‍රහයක් ලබා දෙන ප‍්‍රතිපත්තියක් අවශ්‍ය වෙන්නේ. අපේ දරුවන්ට හෙට අනාගතයක් ඕනේ නම් ඔවුන්ගේ අධ්‍යාපනය නිසි ආකාරයෙන් ලබාදිය යුතුයි. ඒ වෙනුවෙන් ගෝඨෘභය රාජපක්ෂ මහතා පෙනී සිටිනවා. නවීන දියුණු ලංකාවක අනාගතයක් දරුවන්ට දායාද කිරීමේ දැක්මක් සහිත ගෝඨාභය මහින්ද සුසංයෝගය කැපවි සිටිනවා. 17 වැනිදා ජාතියේ ජයග‍්‍රහණයේ පෙරහැරට කඩුවෙල ඔබත් එකතු වෙන්න.

සජිත් දැන් සුරබිදෙන ඉල්ලූවත් දෙන්න සුදානම් – බන්දුල ගුණවර්ධන

පසුගිය වසර හතරහමාරක කාලය ජනතාවට එළව එලව පහර දුන්න එජාප දුර්දාන්ත ආණ්ඩුව එලවන්න කඩුවෙල ජනතාව සූදානම්. පළාත් පාලන මැතිවරනයේදී අපේ රටේ සියලූ විද්වතුන් ශී‍්‍රලනිපය වශයෙන් හා පොහොට්ටුව වශයෙන් වෙන්වුනාම එජාපය නියත වශයෙන් ජය ගන්න බව කිව්වා. අපි දෙකඩ වුනාම පළාත් පාලන ආයතනය පිහිටුවන්නේ එජාපය කියලා හැමෝම කිව්වා.

ඒ මැතිවරණයේදී, මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි තිබුණූ විශ්වාසය මොනවගේද කියන දේ පොහොට්ටුවට ඡන්දය දීමෙන් ජනතාව පෙන්වා දුන්නා. කඩුවෙල ඔබ හෙට දවසේ ජාතික ආරක්ෂාව වල පල්ලමට යැවූ ජනතාවගේ ණය පොලී අනුපාතය ආරක්ෂා නොකල, ගොවීන් කර්මාන්ත කරුවන් ආරක්ෂා නොකල,සංස්කෘතික සාරධර්ම ආරක්ෂා නොකල මේ ආන්ඩුව පලවා හැර සක්විතිකම ලැබුණත් රට පාවා නොදෙන ගෝඨාභය රාජපක්ෂ මහතාට රට බාර දෙන්න.

අපේ ප‍්‍රතිවිරුද්ධ අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මේ දවස්වල විකාරරූප කතා කියනවා. රුපියල් 350ට පොහොර දීලා අස්වැද්දිය හැකි හැම බිම්අගලක්ම අස්වද්දලා අටුකොටු පිරුණට පස්සේ මේ ආන්ඩුව වී ටික මත්තල ගුවන් තොටුපලේ ගබඩා කලා.

රටක් ස්වයං පෝෂීත වුනාම ගුවන් තොටුපලක වි ගබඩා කරපු එකම ආන්ඩුව තියෙන්නේ ශී‍්‍ර ලංකාවේ. හැම බිම් අගලක්ම අස්වද්දලා රටස්වයංපෝෂිත කිරීම සදහා නොමිලේ පොහොර දෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා කිව්වාම සජිතුත් පොහොර නොමිලේ දෙනවාලූ. දැන් සුරබිදෙන ඉල්ලූවත් දෙන්න සුදානම්.

දෙමළ ජාතික සන්ධානය යෝජනා 13ක් ඉදිරිපත් කරලා. උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරලා රට වෙන්වෙන විදියේ ස්වයං පාලන ෆෙඩරල් ව්‍යවාස්තාවක් ලබා දීමට යේාජනා කරලා තියෙනවා. මේ වගේ පොරොන්දුවලට එකග වෙන්නේ නැති එකම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතායි.

ආනන්දයේ සත් මහල ගොඩනගන්න පියවර ගත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. රට බේරාගත්ත එතුමාගේ නම සහිත සත්මහල් ගොඩනැගිල්ල ඉදිකිරීමේ පුවරුව ඉවත් කරලා එල්. ටී. ටී. ඊ වැනි සංවිධාන නැවත ඇති විය යුතුයි කියන විජයකලා මහේෂ්වරම්ගේ් නම සහිත පුවරුවක් තියන්න උත්සාහ කළාම පාසලේ ගුරුවරු දෙමව්පියේ සියලූ දෙනාම ඊට විරෝධය පල කලා. අපි රජයක් පිහිටුවීමේන් පස්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමගේ අතින් ඒ ගොඩනැගිල්ල විවෘත කරනවා.

සජිත් දැන් නින්දෙන් ඇහැරිලා – හිටපු පළාත් සභා මන්තී‍්‍ර ජගත් කුමාර

රටට හෙටක් හදන්න දරුවන්ට සුබ අනාගතයක් හදන්න මේ රට නැවතත් මහින්ද ගෝඨාභය සුසංයෝගයට භාර දෙන්නයි අපි එකතු වෙලා සිටින්නේ. මහින්ද රාජපක්ෂ මහතා පරාජය වු අවස්ථාවේ ඔබ කන්නේ බොන්නේ නැතිව දුක් වුනා.

එදා ඔබ සියලූ දෙනා වන්දනාවේ යනවා වගේ මහින්ද රාජපක්ෂ මහතා බලන්න ගියා. එතුමාට සමුගන්න ඔබ ඉඩ දුන්නා නම් මේ කාලක්නි ආණ්ඩුව මේ වෙද්දි රටේ සියලූ සම්පත් විකුණලා. එදා අපි ඒ සටන ආරම්භ කරලා මහින්ද නැති රටක් ජාතිය විනාශ කරන බව පෙන්වා දෙමින් රට බේරා ගැනීමේ ව්‍යාපාරය ආරම්භ කලා.

අද වෙද්දි රටේ සියලූම දෙනා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවක් ඉල්ලා සිටිනවා. ලෝක නායකයෝ මේ රට බෙදලා ඊළම දෙන්න හැදුවේ. සජිත්ගේ අප්පොච්චිත් බැලූවේ සල්ලි දීලා ආයුද දීලා ප‍්‍රශ්නය විසදන්නයි. මහින්ද රාජපක්ෂ මහතා යුද්ධය අනාගත පරම්පරාවට ගෙනියන්නේ නැහැ කියලා යුද්ධය අවසන් කරලා රට සංවර්ධනය කරලා පෙන්නුවා.

මහින්ද රාජපක්ෂ මහතාට සහාය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. යහපාලන ආණ්ඩුව ඇවිත් ඒ විදියට ගොඩ ගත්ත රට නැවත විනාශ කළා. දැන් සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදල් ගසා ගනිමින් සිටිනවා. සජිත් පේ‍්‍රමදාස ජාතික සම්පත් විකුණන්නේ නැහැලූ. මේ රටේ ජාතික සම්පත් විකුණද්දි, මිනී කදු ගැහෙද්දි, සජිත් නිශ්ශබ්දව ඉදලා දැන් කතා කරන්නේ නින්දෙන් ඇහැරිලා වගේ.

පහුගිය පළාත් පාලන මැතිවරණය ලක්ෂ 50කින් ජය ගත්තා. අද ශී‍්‍රලනීපය අපිත් එක්ක. ශී‍්‍රලනීපයේ ලක්ෂ 15ත් දැන් අපි එක්කයි.

ගෝඨාභය වැඩක් කරන්න පුළුවන් නායකයෙක් බව හැකියාවෙන් පෙන්වා දිලා තිබෙනවා- තිලංග

අපිට රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ අගමැති ධූරය ඉදිරියට ගෙනියන්න දෙන්න බැහැ. ඒ නිසයි අපි අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහාය දැක්වූයේ. කරු ජයසූරිය හඩ මත පාර්ලිමේන්තුවේ තීන්දු දුන්නා.

මේ අපේ රටට ආදරයටද? යුරෝපයට ගැති කම් කියන ඇමරිකාවත් එක්ක කටයුතු කරන බලවේග පාර්ලිමේන්තුවේ දන්න සෙල්ලම් සියල්ල දැක්වූයේ මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති ධූරය ඉවත් කරන්නයි. මේ වෙලාවේ රටේ පරිවර්තනයක් අවශ්‍යයි කියලා ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතික අපේක්ෂකයා වශයෙන් පත් කරන්නයි ජනතාව ඉල්ලා සිටියා. තානාපති කාර්යාලවලින් අපිට පුදුම යෝජනා ආවේ පහුගිය කාලයේ.

ශී‍්‍රලනීප අපේක්ෂකයෙක් දාලා පක්ෂය ආරක්ෂා කරන්න කියලා කිව්වා. ඒ අයට අපේ පක්ෂය ආරක්ෂා කරගන්න පුදුම උනන්දුවක් තිබුනේ. අපිට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න කියන්නේ වාම කදවුර දෙකට කඩන්නයි. අපෙක්ෂකයෝ දෙන්නෙක් නම් රට දෙකට කැඩෙනවා. අපේක්ෂකයෝ එක්කෙනෙක් නම් රට කැඩෙන්නේ නැහැ. අපි විවිධ අදහස් මතවාද තිබුණත් ප‍්‍රතිපත්තීන් වශයෙන් එකගනම් අපෙක්ෂකයා කවුද කියන දේ ගැන කල්පනා කෙරුවා.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලයේ කොළඹ නගරය මොනතරම් දියුණූ වුනාද? වැඩක් කරන්න පුලුවන් නායකයෙක් බව හැකියාවෙන් පෙන්වා දිලා තිබෙනවා.

ඒකීය රටක් තුළ අපිට ඉදිරියට යාමේ හැකියාවත් තියෙනවා. රටේ බහුතරයක් දෙනා ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. අපි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සියලූ දෙනාට ආරාධනා කරනවා. රට බේරාගන්න නම් රට ආරක්ෂා කරගන්න නම් මේ ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගන්න ඕනේ.

කඩුවෙල ආසනයෙන් ලක්ෂයකට වඩා ඡන්ද ලැබෙන බව අපිට විශ්වාසයි. නමුත් අපි ඒ ජය විජයග‍්‍රහණයක් කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. තානාපති කාර්යාල විදේශීය බලවේග පරාජය කරන්න නම් අපිට අනිවාර්යයෙන් මේ ජය විජයග‍්‍රහණයක් කළ යුතුයි.

Recommended For You

About the Author: Editor