vivo V17 Pro ශ්‍රී ලංකාවට

ලොව ප්‍රථම වරට 32MP Dual Elevating Selfie Camera පහසුකම

ලොව ප්‍රමුඛතම සන්නාමයක් වන vivo හි නවතම ස්මාර්ට්ෆෝනය වන V17 Pro ශ්‍රී ලංකාවට හදුන්වා දෙයි. vivo හි V කාණ්ඩයට අයත් මේ නවතම ස්මාර්ට්ෆෝනය සුපිරි කැමරා අත්දැකීමක් සහිතව නිර්මාණය කර තිබේ.

ලොව මුල් වරට සෙල්ෆි ඡායාරූප සඳහා 32MP dual elevating front camera සහිතව මේ ස්මාර්ට්ෆෝනය නිර්මාණය කර ඇත. මීට අමතරව මෙහි ඇතුළත් පෙරළිකාර විශේෂතා අතර FHD සහ Super AMOLED Ultra FullView™ තිරය සහ වෘත්තිය මට්ටමේ 48MP AI Quad Camera ආදී පහසුකම් විශේෂ වෙයි.

මේ නවතම හඳුන්වා දීම පිළිබඳෙ අදහස් දැක්වූ vivo ශ්‍රී ලංකා හි ප්‍රධාන විධායක නිලධාරි කෙවින් ජියෑං (Kevin Jiang) මහතා සඳහන් කළේ V17 Pro ස්මාර්ට්ෆෝනය සමඟ නවතම ස්මාර්ට්ෆෝන් තාක්ෂණය මෙරටට හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවර ඉටු කරන බවයි.

මේ ආකාරයට අති නවීන කැමරා තාක්ෂණය සහිත ස්මාර්ට්ෆෝන් මෙරට පාරිභෝගිකයා වෙත පිරිනැමීම vivo හි එක් ප්‍රධාන මෙහෙවරක් කොට සලකන බව ද හෙතෙම සඳහන් කළේය. එම මෙහෙවර ඉටු කරමින් සිය නවතම ස්මාර්ට්ෆෝනය වන V17 Pro මෙරටට හඳුන්වා දෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.

මේ ස්මාර්ට්ෆෝනය ඉදිරිපස කැමරා ද්විත්වයකින් සමන්විත වන අතර, ඒවා විශේෂතා රැසකින් සමන්විත වෙයි. අවම ආලෝක තත්වයකදී වුව ද සුපැහැදිලි ඡායාරූප ලබාගැනීමේ හැකියාව ආදී විශේෂතා සමඟ පාරිභෝගික අවශ්‍යතා මැනවින් වටහා ගනිමින් ස්මාර්ට්ෆෝනය නිර්මාණය කර තිබීම සුවිශේෂි වන බව හෙතෙම සඳහන් කළේය. V17 Pro ස්මාර්ට්ෆෝනය 8GB RAM සහ 128GB ROM සහිත වන අතර, Crystal Black පැහැයෙන් යුක්තව නිමවා තිබේ.

Recommended For You

About the Author: Editor