දියවැඩියා රෝග ප‍්‍රතිකාර සම්බන්ධ ‘පෙරළිකාර’ ආරංචියක්

කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ‘ප‍්‍රසාද් කටුලන්ද ’ මහතා

කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ‘ප‍්‍රසාද් කටුලන්ද ’ මහතා සමග කළ සම්මුඛ සාකච්ඡුාව ඇසුරින් මෙම ලිපිය සම්පාදනය කරන ලදි.

වෛද්‍යවරු මෙතෙක් කාලයක් දියවැඩියා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී මූලික වශයෙන් උනන්දු වුණේ ඔවුන් ‘සුවපත්’ කිරීමට වඩා පවතින රෝග තත්ත්වය ‘පාලනය’ කිරීම සඳහා පමණයි. එහිදී ආහාර, ව්‍යායාම සහ ඖෂධ මගින් රුධිරගත සීනි මට්ටමත් ග්ලූකෝස් මට්ටමත් එච්.බී.අයි.සී HBIC අගය 7ට වඩා ප‍්‍රශස්ත මට්ටමක පවත්වා ගැනීමට වෛද්‍යවරු අවධානය යොමු කළා.

නමුත් මෑතභාගයේ සිදුකළ පර්යේෂණ මගින් හඳුනාගෙන තිබෙනවා ‘දෙවැනි කාණ්ඩයේ’ දියවැඩියාව හෙවත් ‘උපතින් පසු ඇතිවන දියවැඩියාව’ මතුවී වසරක් පමණ ඇතුළත ‘නැවත’ ආපස්සට හැරවිය හැකියි කියලා. Can Diabetes be Reversed මෙය දියවැඩියා රෝග ප‍්‍රතිකාර සම්බන්ධ ‘පෙරළියක්’ ලෙස සැලකිය හැකියි.
මෙහිදී දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගයට ගොදුරුවූවන්,
x ආහාරපාන ගැනීමේදී වෙනදාට වඩා සැලකිලිත්මත් විය යුතුයි.
x නිතර රුධිරගත සීනි පරීක්ෂාවන් සඳහා යොමුවිය යුතුයි.
x දියවැඩියා රෝගය නිසා මතුවන අතුරු රෝගාබාධ වන ලිංගික දුර්වලතා, අධි රුධිර පීඩනය, හෘදයාබාධ වැනි රෝග පාලනය කරගත යුතුයි.

දියවැඩියාව ආර්ථික හා සමාජ බාධාවක්

මෙහිදී වැදගත් කරුණක් ගැන ද අවධානය යොමු කළ යුතුයි. ඒ දියවැඩියා රෝගීන්ට ඇතැම්විට සමාජය තුළින් මතුවන විවිධාකාර ගැටලූ හමුවේ මානසික පීඩාවන්ට ලක්වීමට සිදුවෙනවා. විශේෂයෙන් අප වැනි රටවල විවාහා වීමේදී පිරිමින්ට දියවැඩියා රෝගය යම් බාධාවක් බවට පත්ව තිබෙනවා.

ඒ වගේම තමයි ඇතැම් රැුකියා සඳහා යොමු වීමේදී දියවැඩියා රෝගය බාධාවක් වී තිබෙනවා. විශේෂයෙන් ගුවන් නියමු, හමුදා සේවය වැනි රැුකියා සඳහා යොමුවීමේදී මෙය දැඩි ලෙස බලපානවා.

මෙවැනි පසුබිමක් යටතේ දියවැඩියාව නැවත ආපස්සට හැරවීම මගින් එවැනි රෝගීන්ට විශාල සහනයක් ලැබෙනවා.

දියවැඩියාව ආපස්සට හරවන ආකාරය

දියවැඩියාව ආපස්සට හැරවීමට හැකියාව ඇති බව ඉහත සඳහන් කළ ආකාරයට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව හටගෙන මාස ගණනක් ඇතුළත ඔවුන්ගේ සීනි මට්ටම ඉක්මනින් පාලනය කළහොත් දියවැඩියාව ආපස්සට හැරවිය හැකියි.

මේ සඳහා සති කිහිපයක් ‘ඉන්සියුලින්’ ලබාදීම වැනි ප‍්‍රතිකාර කරනවා. මෙමගින් අපේක්ෂා කරන්නේ ‘අග්න්‍යාසයට’ කිිසියම් සහනයක් / විවේකයක් ලබාදීමයි.

අග්න්‍යාසයේ ඉන්සියුලින් නිපදවන ‘බීටා ෙසෙලවලට’සිරුර තුළ වැඩිපුර නිපදවන ග්ලූකෝස් විෂ සහිතයි. මෙම විෂ සහිත බව බාහිරින් ඉන්සියුලින් ලබාදීමෙන් සමනය කළ හැකියි.

ඊට අමතරව අග්න්‍යාසයේ බීටා ෙසෙලවලට වැඩි වෙහෙසක් ඇති කිරීම වළක්වන ඖෂධ ලබාදීම සහ එම පුද්ගලයාගේ සිරුරේ බර සියයට 10-15 අතර ප‍්‍රමාණයක් අඩු කිරීම මගින් දියවැඩියාව ආපස්සට හැරවිය හැකි බව තහවුරු කරගෙන තිබෙනවා.

විශේෂයෙන් සිරුරේ බර සියයට 15ක් පමණ ප‍්‍රතිශතයකින් අඩු කිරීම මගින් එම පුද්ගලයාගේ දියවැඩියාව නැවත ආපස්සට හැරවීම ඉතා පහසු බව සොයා ගෙන තිබෙනවා.

සිරුරේ බර අඩුකර ගන්න නිවැරදි මග

දියවැඩියා රෝගීන් තම සිරුරේ බර අඩුකර ගැනීම සඳහා විවිධ ක‍්‍රම භාවිතා කරනවා. අපේ විශ්වාසය වන්නේ ඒ සඳහා සුුදුසුම ක‍්‍රමය වන්නේ ‘ආහාර පාලනය’ බවයි. ඊට හේතුව වන්නේ මෙහිදී අපි බලාපොරොත්තු වන්නේ සිරුරේ තැන්පත් වන මේද ප‍්‍රමාණය අඩු කිරීමයි.

විශේෂයෙන් අක්මාවේ, අග්න්‍යාසයේ සහ උදර කුහරයේ ඇතුළත පටකවල තෙල් තැන්පත් වී තිබීහ මගින් ඉන්සියුලින් ප‍්‍රතිරෝ්ධයක් ඇති වීම හා ලිපිඩ ප‍්‍රතිරෝධයක් ඇතිවීම සිදුවෙනවා. එම නිසා ආහාර පාලනය මගින් බර අඩු කිරීම ඉතාම වැදගත්.

වෛද්‍ය උපදෙස් මත පමණයි

මෙහිදී සඳහන් කළ යුතු වැදගත්ම කරුණක් වන්නේ ආහාර පාලනය සිදුවිය යුත්තේ වෛද්‍ය උපදෙස් ‘මත’ පමණයි. ඒ අනුව,

x සිරුරට වැඩිපුර පිෂ්ටය (කාබෝහයිඩ්‍රේට්ස්) එක් නොවන ආහාර වර්ග ලබාදිය යුතුයි.
x ඇතැම් පුද්ගලයින්ට පිෂ්ටය අඩු ආහාර ආදේශක වර්ග ලබාදීම පවා සිදුවෙනවා.
x අධික ස්ථුලතාවයෙන් පෙළෙන අයට ආහාර පාලනය මගින් පමණක් බර අඩුකර ගත නොහැකියි. එවැනි පුද්ගලයින්ට ‘අමාෂයේ සිදුකරන සැත්කම්’ මගින් ආහාර පාලනය කර බර අඩුකර ගත හැකියි.

එදිනෙදා සාමාන්‍ය කටයුතු

දියවැඩියාව ආපස්සට හැරවීමෙන් පසු සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස තම එදිනෙදා කටයුතු කළ හැකියි. එහිදී දියවැඩියාව පාලනය කරන ඖෂධ ගැනීමක් අවශ්‍ය වන්නේ නැහැ.
ඒ වගේම,
x අක්මාවේ තැන්පත්ව තිබූ අධික මේද තට්ටුව ඉවත් වීම,
x අධි රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයට පත්වීම,
x හෘදයාබාධ ඇතිවීමේ අවදානම අඩුවීම,
x රාත‍්‍රියේදී නින්දෙන් ගෙරවීමක් සිදු වුණා නම් එය නැති වෙනවා.

පරණ පුරුදු බැහැ

මෙහිදී තවත් වැදගත් කරුණක් ගැන සඳහන් කළ යුතුයි. ඒ පරණ පුරුදු නම් සදහටම අවසන් කළ යුතුයි. මොකද මෙය ‘සම්පූර්ණ සුවයක්’ නොවෙයි.
නමුත්,
x ආහාර පාලනය කිරීම,
x ව්‍යායාමවල යෙදීම
x රුධිරගත සීනි මට්ටම පාලනය කර ගැනීම

වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කළහොත් දියවැඩියාව යළි ඇතිවීම වළක්වා ගෙන, අතුරු ආබාධවලින් තොරව මුළු ජීවිත කාලයම ‘දියවැඩියාවෙන් තොර’ව ගත කළ හැකියි.

උපතින් ඇතිවන දියවැඩියාව

‘උපතින් ඇති වන දියවැඩියා’ හෙවත් ‘පළමු කාණ්ඩයේ ’ දියවැඩියා නැවත ආපස්සට හැරවීම සඳහා අග්න්‍යාස බද්ධ කිරීහක් හෝ බීටා ෙසෙල බද්ධ කිරීමක් කළ හැකියි. ඒත් ප‍්‍රශ්නය වන්නේ දැනට එවැනි ප‍්‍රතිකාර සිදුවන්නේ ඉතාම සුළු වශයෙන් වීමයි. ඒ වගේම මෙම ප‍්‍රතිකාරය මිල අධික වීම සහ ප‍්‍රතිකාරයෙන් පසුව මුළු ජීවිත කාලය පුරාම ඖෂධ ලබා ගත යුතුවීම මෙහි ව්‍යාප්තියට බාධාකාරී වී තිබෙනවා.

Recommended For You

About the Author: Editor