
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව තරමක් පහත වැටී තිබේ.
මේ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් 59යි සත 42ක් ලෙස ය.
ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොර තෙල් බැරලයක් ඩොලර් 54යි සත 08ක මිලකට අලෙවි කෙරේ.
මෙලෙස බොර තෙල් මිල පහත වැටීමට හේතුව ලෙස සඳහන්ව ඇත්තේ, ලෝක වෙළෙඳපොළේ බොර තෙල් සංචිත තුළ අඩංගු බොර තෙල් ප්‍රමාණය අනපේක්ෂිත ලෙස ඉහළ යාමයි.