වසන්ත සේනානායක යළිත් ‘කරණමකට’ පොටක් සොයන හැඩ

ඉදිරි ජනපතිවරණයේදී තම සහාය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් යම් කරුණු කිහිපයක් පිළිබඳව ඔහුගේ ස්ථාවරත්වය පිළිබඳව ලිපියක් මගින් විමසීමක් කර තිබෙනවා.

එම කරුණු සම්බන්ධයෙන් තමන්ට පැහැදිලි පිළිතුරක් නොලැබෙන්නේ නම් ජනපතිවරණ ව්‍යාපාරයට සහාය නොදක්වන බවත් ඔහු සජිත් ප්‍රේමදාස මහතාට යොමුකළ ලිපියේ සදහන් වෙනවා.

නියෝජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා සජිත් පේ‍්‍රමදාස මහතාට යොමුකළ ප‍්‍රශ්න වන්නේ,

01 එළැඹෙන මහ මැතිවරණයේ අග්‍රමාත්‍ය අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතාද?

02 රවී කරුණනායක මහතාට යම් හෙයකින් නැවතත් පාර්ලිමේන්තුව පත්වුවහොත් ඔහුට කැබිනට් අමැතිධුරයක් ලබා දෙන්නේද?

03 රිෂාඩ් බද්යුදීන් මහතාට කැබිනට් අමාත්‍යධුරයක් හිමිවන්නේද?

04 රවුෆ් හකීම් මහතා තවදුරටත් ජනපතිවරණ මෙහෙයුම් වේදිකාවේ ප්‍රමුඛ කාර්යයක් ඉටු කරන්නේද? 

මේ අතර වසන්ත සේනානායක මහතා අද (23) කොළඹදී මාධ්‍ය හමුවක්ද පැවැත් වූ අතර එහිදීද ඔහු සිය ස්ථාවරත්වය පැහැදිලි කළා.

Recommended For You

About the Author: Editor