SLPP නාවලපිටිය ජනහමුව Full Story: මේ ආණ්ඩුවේ ‘ඔක්කොම’ හොරු – මහින්ද රාජපක්ෂ

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම සදහා වන ජනරැළියක් අද (23) නාවලපිටියේදී පැවැත් වුණා. ශ‍්‍රීලපොපෙ නායක මහින්ද රාජපක්ෂ, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් මේ සදහා සහභාගී වුණා. එම ජනහමුවේදී සියලු කථිකයින් පැවැත් වූ කතාවල ‘වාරණය නොකළ’ සම්පූර්ණ කතාව මේ සමග පළ වෙනවා.

ආණ්ඩුවේ නායකයාත් එකයි. උප නායකයාත් එකයි. ඔක්කොම හොරු – මහින්ද රාජපක්ෂ

කිහිප වතාවක් මම නාවලපිටියට ආවා. මේ නගරය ලස්සන කරන කොට මම කිව්වා දැන් නාවලපිටිය හැදුවා ඇති. නුවර අනෙක් නගර හදන්න කියලා කිව්වා. අද ඇවිත් වට පිට බැලූවේ එදා හදපුවාට අමතරව මොනවා හරි හදලාද කියලා. එහෙම කිස ිදෙයක් පේන්නේ නැහැ. මේ ප‍්‍රදේශයට නෙවෙයි. නුවරට මොනවාද කළේ. මම අධිවේගී මාර්ගය හදන්න ආරම්භ කළා. 2018 දියි ඒ අධිවේගී මාර්ගය විවෘත කරන්න තිබුණේ. අධිවේගය නතර කරලා මුල මැද අග නැහැ. කුරුණෑගල පැත්තේ තැනින් තැන හදලා. මේ පළාතට තිබුණූ අධිවේගී මාර්ගයත් උදුරා ගත්තා. නුවර ජනතාවට අධිවේගී මාර්ගය නැවතත් අපි ගේනවා.

මේ ආණ්ඩුව ඇවිත් මිනිස්සුන්ගෙන් වසර හතර හමාරක් පළිගත්තා. දේශපාලන පළ ගත්තා. අපෙන් පළිගත්තා. මහින්දානන්දට නඩු හයයි. තව එන්න තියෙනවා. මේ ඉන්න හැමෝටම නඩු දාලා. ඉතිහාසයේ පළමු වතාවට මේ අය අධිකරණය භාවිතා කරන්න හදනවා. එෆ්. සී. අයි. ඞී එකට පැමිණිලි දාන්න පුලූවන් අගමැතිට විතරයි. පොලීසියක් හදලා උසාවි අලූතින් හදලයි දේශපාලන පළිගැනීම ආරම්භ කළේ. මේ විදියට පොලීසි හදලා අධීකරණ හදලා, පළිගන්න හැදුවත් අපේ අධිකරණය තවම ස්වාධීනයි.

ගෝඨාභයට පුරවැසිකම නැහැ. ඒ නිසා තරග කරන්න බැහැ කියලා මැතිවරණයට ඉදිරිපත් වෙන එක වළක්වන්න හැදුවා. ඇමරිකාවට ගිහිල්ලත් ලසන්ත වික‍්‍රමතුංග ගැන කියලා නඩු දැම්මා. ඒකෙනුත් නිදහස්.

අපිට තියෙනවා ලොකු වගකිමක්. ජනතාව රැවටූ අය ජනතාවට මොනවාද කළේ්. සහරාන්ගේ බෝම්බෙන් මේ රටේ ජනතාවගේ නිදහස නැති වුණා. සියලූ ආගමිකයින්ට ජාතිකයින්ට බියෙන් ජිවත් වෙන්න වුණා. මුස්ලිම් ජනතාව කඬේට යද්දි අමුතු විදියටයි බැලූවේ. එහෙම වුනේ මේ ආණ්ඩුව නිසයි. මේ අය ගැන ඔත්තු දුන්නාම ඔවුන්ව අත්අඩංගුවට ගත්තා. ඇමැතිවරු, ආණ්ඩුකාරවරු ගිහින් නිදහස්කර ගත්තා. මේ වගේ ත‍්‍රස්තවාදින්ට ඉඩ දීලා කාටද පාඩු වුණේ. බෞද්ධයා පන්සලට ගියේ නැහැ. පෙරහැර බලන්න ගියේ නැහැ. කතෝලිකයාට පල්ලියට යන්න බැරි වුණා. මුස්ලිම් ජාතිකයාට ඉතිහාසයේ පළමු වතාවට සිකුරාදාට පල්ලියට යන්න බැරි වුණා.

රටට මෙහෙම වුණේ ආණ්ඩුව නිසයි. ආණ්ඩුවේ නායකයාත් එකයි. උප නායකයාත් එකයි. ඔක්කොම හොරු. මහ බැංකු මංකොල්ලය ගැන ඔබ දන්නවා. අපි රටට සම්පත් හැදුවා. ගුවන් තොටුපළ, වරාය වගේ දේවලින් රට දියුණු වුණා. ඒවා සම්බන්ධ කරගෙන බොරු කතා හැදුවා. ගොඩනැගිල්ලක් හැදුවා නම් ඒක මහින්දගේ. ඉඩමක් දැක්කොත් ඒක බැසිල් රාජපක්ෂගේ. අපිට පහර ගැහුවට අන්තිමට, දැන් බලනකොට ඒ ඉඩම් ගොඩනැගිලි ඔක්කොම මේ අයගෙයි.

අද එජාපයේ අය අපිත් එක්ක එකතු වෙන්නේ ඇයි? ඒ මේ ආණ්ඩුව කෙරෙහි තිබෙන අවිශ්වාසය හා වැඩ බැරිකම නිසයි. ඔබ නොදැනුවත්ව ඕනවට වැඩිය සල්ලි ගෙවනවා. මේ නිසා අද කිසිවකට මිලක් නැහැ. නිෂ්පාදනයට මිලක් නැහැ. වැස්සේ අවුවේ තෙමි තෙමි මේ විදියට ඔබ සිටීම අපිට හයියක්. අපේ ජයග‍්‍රහණයේ සවිය ඔබයි.

16 වැනිදා උදේ පාන්දර ගිහින් නෙලූම් පොහොට්ටුව ඉදිරියේ කතිරය ගහන්න. පොලීසියට බටා දෙන්නේ නැහැ කියමින් බොරු ප‍්‍රචාරය අරිනවා. හමුදාව පාරට දානවාලූ. මේ වගේ බොරු ප‍්‍රචාරවලින් රට රවටන්නයි හදන්නේ. මේවාට රැුවටෙන්න එපා.

අපේ වගකීිම තිබෙන්නේ මහජනතාවටයි. රට වැසියා වෙනුවෙනුයි – ගෝඨාභය රාජපක්ෂ

දැඩි වර්ෂාපතනයක් මැද මේ රැුළියට සහභාගිවීම ගැන ස්තූතිවන්ත වෙනවා. ඔබ වෙනුවෙන් වැඩසටහනක් අපි ඉදිරිපත් කර තිබෙනවා. පහුගිය වසර හතර තුළ රටේ බුද්ධිමතුන්, වෘත්තිකයින්, ව්‍යාපාරිකයින්, ව්‍යවසායකයින් සමග සාකච්ඡුා කරලයි අපි වැඩ පිළිවෙළ සකස් කළේ.

රටේ ආරක්ෂාව, ආර්ථීකයට සම්බන්ධ ප‍්‍රශ්න ගැන සාකච්ඡුා කරලා ඒවාට විසදුම් අපි සකස් කරලා තියෙනවා. ඔබ වෙතට ඇවිත් ගම සමග පිළිසදරක් පවත්වමින්, ඔබ සමග සාකච්ඡුා කරලයි ප‍්‍රශ්න හදුනාගෙන විසදුම් සකස් කළේ. ඒ අනුවයි අපේ ප‍්‍රතිපත්ති මාලාව සකස් කර තියෙන්නේ.

අපේ වගකීිම තිබෙන්නේ මහජනතාවටයි. රට වැසියා වෙනුවෙනුයි. මගේ සම්මුතිය සාකච්ඡුාව තියෙන්නේ ඔබ සමගයි. ඒ අනුවයි අපි වැඩපිළිවෙළ හදලා තියෙන්නේ.

මා කෙරෙහි ඔබ විශ්වසය තබා සිටින බව මම දනන්වා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගැන ඔබ සෑම අවස්ථාවකම විශ්වාසය තිබ්බා. අපි අභියෝග ජයගත් කණ්ඩායමක්. රටේ ආරක්ෂාව, ආර්ථිකය, සංවර්ධනය වේවා සෑම අංශයකම අභියෝග අපි ජය ගත්තා. රටේ යුද්ධය ඇති කළේ අපි නෙවෙයි. තිස් වසරක් යුද්ධය ඇදී ඇවිත් රට බෙදෙන තැනට ආවා. අපේ ජනතාව ජිවිත පූජා කළා. ආර්ථිකටය කඩා වැටුණා.

තිස් වසරක්, රජයන් ගණනාවක් යටතේ විස`දුමක් නැතිව ඇදි ඇදී ආපු යුද්ධය, මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ අවසන් කරලා රටේ සෑම ජනකොටසකටම සෑම ප‍්‍රදේශයකටම සාමය ගෙනාවා.

ඒ සාමය ස්ථාවරත්වය මත අපිට රට සංවර්ධනය කරන්න පුළුවන් වුණා. දකුණ, උතුර නැගෙනහිර හැම පැත්තෙන්ම සංවර්ධන ව්‍යාපෘති දියත් කළා. පැහැදිලි දැක්මක් ඇතිව සංවර්ධන කටයුතු ඇරඹුවත් මේ රජය ආවාට පස්සේ සියලූ සංවර්ධන වැඩසටහන් නතර කළා. ඒ සංවර්ධන ව්‍යාපෘතිවලට සම්බන්ධව සිටි ව්‍යාපාරිකයින් ව්‍යාවසායකයින් කොන්ත‍්‍රාත්කරුවන්, උප කොන්ත‍්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් ආදී සියලූ දෙනාට සෘජුවම රැුකියා ලක්ෂ 4ක් පමණ අහිමි වුණා.

මේ අ¥රදර්ශී කි‍්‍රයාකලාපය නිසයි ආර්ථිකය කඩා වැටුනේ. අපිට මේ ආර්ථීකය ගොඩගන්න පැහැදිලි දැක්මක් දර්ශනයක් තියෙනවා. තේ ආර්ථීකය හරහා විදේශ විනිමය විශාල ප‍්‍රමාණයක් අපි මෙරටට ගේන්න සුදානම්. විශාල රැුකියා ප‍්‍රමාණයක් නිර්මාණය කරලා තිබෙනවා. මේ රජයේ අ¥රදර්ශී වැඩපිළිවෙළ නිසා ලෝක වෙලෙදපොළේ අපේ තේවලට තිබෙන ඉල්ලූම පහත වැටී තිබෙනවා. මේ නිසා අලූතින් තේ වගා කරන්නේ නැහැ. කුඩා සහ මධ්‍යම පරිමාණයේ තේ වතු හිමියන් අද අසීරුතාවයට පත්වෙලා. වැවිලි ආර්ථිකය තේ, රබර් පොල් හෝ අනෙකුත් භෝගවර්ග ගොඩගැනිම සදහා අපි ළ`ග පැහැදිලි විසදුම් තියනවා.

ලෝක වෙලෙදපොළේ තේ වලට තිබුන තැන අපි නැවත ලබා ගත යුතුයි. ඒ සදහා රජය මැදිහත් වියයුතුයි. ලෝකයේ පළමු තැන හිටිය අපි අද හතරවෙනි තැනට වැටිලා. ගුණාත්මක භාවයෙන් යුත් තේ අලෙවි කිරීම ප‍්‍රචාරණය රජයේ වගකිමක්. නැවතත් ලෝක වෙලෙදපොළේ ඒ තිබුණු වටිනාකම අපි ලබා ගත යුතුයි. නැතිව කුඩා හා මධ්‍යම පන්ති තේ වතු හිමියන් නඩත්තු කිරීමේ හැකියාවක් නැහැ. ගම්මිරිස් වැනි සුලූ අපනයන බෝගවලටත් ඒ ඉරණමමයි අත් වෙලා තියෙන්නේ. ගුණාත්මක භාවයෙන් තොර භෝග ගෙනත් නැවත ප‍්‍රති අපනයනය කිරිම නිසා අපේ බෝගවල මිල වැටාලා. දේශීය ගොවියා ආරක්ෂා කර ගන්නයි පොහොර නොමිලේ දීලා ගොවි ණය කපා හරින්නත් කෘෂිකර්මාන්තයට තියෙන බදු ඉවත් කරන්නෙත්. ඒ අනුව ආහාර සුරක්ෂීතභාවය රට තුළ තහවුරු කිරීමට අපිට හැකි වෙනවා.

සංචාරක ක්ෂේත‍්‍රය ඉහළට ගෙන ඒමට පැහිදිලි වැඩපිළිවෙළක් අපිට තිබෙනවා. ඩොලර් බිලියන 10ක ආදායමක් ලබන කර්මාන්තයක් බවට සංචාරක කර්මාන්තය දියුණු කිරීමට රටේ ස්ථාවරභාවය හා සුරක්ෂිතභවය වැදගත්. මේවා රජයේ යුතුකම්. තේ වැවිලි වගාව ගැන අපි තොන්ඩමන් ඇමැතිවරයා සමග සාකච්ඡුා කර එක`ගතාවයකට ආවා. අපිට අවශ්‍ය වෙන්නේ වතු පවුල් ගොඩ ගන්නයි. ඔවුන්ගේ ¥දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන්න. පාසල් දියුණූ කරන්න අපි වැඩ පිළිවෙළක් සකස් කර තිබෙනවා.

හො`ද ගුරුවරු ලබාදීලා, හොද අධ්‍යාපනයක් ලබාදීලා, රටේ අනෙකුත් තරුණයින්ට වගේ රැුකියාවලට නිපුණත්වයක් ලබා දීමට අපි සාකච්ඡුා කළා. තේ කර්මාන්තය ආශි‍්‍රීතව ජීවත් වෙන ජනතාවට ජිවත් වෙන්න හැකි වැටුපක් වන රුපියල් 1000ක් ලබා දෙන්න අපි සාකච්ඡුා කළා.

අපි මෙම පොරොන්දු ලබා දෙන්නේ අරමුණක් ඇතිවයි. ව්‍යාපාරිකයින්ට තිබෙන බදු ඉවත්කරලා සරල පහසු බදු ක‍්‍රමයක් අපි හදුන්වා දෙනවා. වැට් බද්ධ 8% දක්වා අඩු කරන්නේ නැවත ව්‍යාපාර ගොඩගන්න සුදුසු වාතාවරණයක් සකසා දිමටයි. ඒහෙම තමයි වැටුනු ආර්ථිකය ගොඩගන්න හැකි වෙන්නේ. නැත්නම් ඔවුන් නැවත අයෝජනය කරන්නේ නැහැ. ආයෝජනයට සුදුසු වාතාවරණයක් තිබුනොත් විතරයි ආයෝජකයින් ආයෝජනය කරන්නේ.

අපි ත‍්‍රස්තවාදය අවසන් කරලා සියලූ ජාතින්ට බියෙන්, සැකයෙන් තොරව ජිවත් වෙන්න සුදුසු වාතාවරණයක් හදන්න පියවර ගත්තා. යුද්ධය ජය ගත්තාට වඩා පශ්චාත් යුද සමයේදියි අපි ජය ගත්තේ. සටන් කරපු ත‍්‍රස්තවාදින් පුනරුත්තාපනය කරලා රැුකියා දුන්නා. හමුදාවට බ`දවා ගත්තා. ඒකටත් එදා දමිළ දේශපාලන නායකයින් විරුද්ධ වුණා. ඒ ජනතාව වෙනුවෙන් අපි පශ්චාත් යුද සමයේ විශාල වැඩ කොටසක් කළේ ලංකාවේ සිටින සියලූ දෙනා එකම ශී‍්‍ර ලාංකික ජාතියක් විදියට ජිවත් වෙන්න අවශ්‍ය පරිසරය හදන්නයි.

ජනතාව අතර බොරු ප‍්‍රචාර ගෙන ගිහින් ජනතාව මුලා කිරීම නිසා ජනතාව අද දුකට පත්වෙලා. මා ගැන මම ඉදිරිපත් කරන වැඩ සටහන ගැන විශ්වාස කරන්න. ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න. මම මගේ යුතුකම ඉටු කරමින් සෞභාග්‍යමත් රටක් සුරක්ෂීත දේශයක් බිහි කරන්න පියවර ගන්නවා.

සජිත් පේ‍්‍රමදාස කතා කරන්නේ නාම යෝජනා ගත්තාට පස්සේ ඉපදුනා වගේ – අලූත්ගමගේ

ඔබ අද ධාරාණිපාත වැස්සෙත් ඇවිත් ඉන්න හැටි දැක්කාම 17 වැනිදා ප‍්‍රථිඵලය කියන්න දෙයක් නැහැ. නියත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතායි. මෙම ජය ගැන අපි ආණ්ඩුවට පෙන්වා දුන්නේ පසුගිය පළාත් පාලන මැතිවරණයෙන්.

ශී‍්‍රලනිපය අපිත් එක්ක එකතු වුණාම ඡුන්ද ලක්ෂ 65ක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ඡුන්දය පටන් ගත්තේ වැඩි ඡුන්ද ලක්ෂ 37ක් අතේ තියාගනයි. අපි ගම්මට්ටමෙන් රැුස්වීම් තියනකොට ගම්වල ඉන්න එජාප ප‍්‍රබලයෝ අපිත් එක්ක එකතු වෙනවා.

නාවලපිටිය දුම්රිය නගරයේ තිබුණේ පොඩි කඩපේලියක්. ඔබතුමා ඒ සියල්ල ඉවත් කර අලූතින් සුපර්මාර්කට් හදන්න, පාරවල් කාපට් කරන්න, පොලීසිය හදන්න, බස් හෝල්ට් හදන්න අවශ්‍ය ප‍්‍රතිපාදන දුන්නා. මේ රටේ රාජ්‍ය නායකයින් අතරින් ජනතාවගේ හදවත දිනාගත්ත නායකයා අගමැති වෙනකොට තීන්දු ගන්න පුළුවන් නායකයෙක් ජනාධිපති වෙනවා. ගෝඨෘභය රාජපක්ෂ මහතා ගැන ලොකු විශ්වාසයක් ජනතාවට තියෙනවා. ඔබතුමා මේ රට වෙනස් කරයි කියලා මිනිස්සු විශ්වාස කරනවා.

එජාපයේ අපේක්ෂකයා ගිය සතියේ නාවලපිටියට ආවා. රැුස්වීම තිබ්බේ ගඩොල් ගොඩක් උඩ. එජාපයට රැුස්වීමක් තියලා සෙනග ගේන්න බැහැ. මේක තමයි මහ පොළොවේ යථාර්තය. අපේ ආදරණීය නායකයා ජනාධිපති කරන්න අපේ යුතුකම අපි ඉෂ්ඨ කරමු. අපේ ජනාධිපති අපේක්ෂකයා බොහොම නිහතමානියි. එතුමා කතා කරන්නේ රට ගොඩනගන හැටි ගැන. රට ගොඩනගන, කෘෂිකර්මාන්තය නංවන, සංචාරක ව්‍යාපාරය නංවන වැඩපිළිවෙළක් එතුමාට තියෙනවා.

සජිත් පේ‍්‍රමදාස කතා කරන්නේ නාම යෝජනා ගත්තාට පස්සේ ඉපදුනා වගේ. පහුගිය කාලේ එයා කැබිනට් එකේ ඉදලා නැහැ. හොරකම් නතර කරනවාලූ. එයා ළග හොරු නැහැලූ. බැදුම්කරේ වෙනුවෙන් වචනයක්වත් කතා නොකර හිටියේ ඇය ? සජිත් පේ‍්‍රමදාස මහත්තයෝ, ජනතාවට බොරු කියන්නේ ඇයි ?

අපිට වැඩ කරන නායකයෙක් ලැබිලා තයෙනවා. මහනුවර වැඩි ඡුන්ද ලක්ෂ දෙකකින් අපි ජයගන්නවා. නාවලපිටිය ගෝඨාභය රාජපක්ෂ මහාතටත් මහින්ද රාජපක්ෂ මහතාටත් ණයයි. මෙහේ ලයිට් නැති ගෙවල් නැහැ. කාපට් පාරවල් තියෙනවා. නාවලපිටියට බොහෝ සංවර්ධන ව්‍යාපෘති ලැබුනේ මහින්ද රාජපක්ෂ මහතාගේ සමයේයි.

එජාපයට වඩා අපි ඡන්ද ලක්ෂ 27ක් අරගෙනයි මේ ගමන යන්නේ – සරත් ඒකනායක

එජාපයට තමන්ගේ අපෙක්ෂකයාගේ නම කියන්න සෑහෙන කාලයක් ගියා. වේදිකාවක් ගානේ ගිහින් ජනාධිපති වෙන්න උත්සාහ කළා. අපේ අපෙක්ෂකයා් නම් කරන්නේ කවුද? මේ රටේ මහා සංඝරත්නය, විද්වතුන්, කම්කරුවෝ, වෛද්‍යවරුයි ඒ නායකත්වය ඉල්ලන්නේ. ඒ අනුව වැඩ කරලා පෙන්නපු නායකයෙක් මහින්ද රාජපක්ෂ මහතා නම් කරන්නේ.

83 කලූ ජූලිය ඇති කළේ කවුද? නැති කළේ කවුද? ත‍්‍රස්තවාදය හැදුවේ කවුද? නැති කළේ කවුද? මේ වෙද්දි නිවැරදි අපේක්ෂකයා නායකත්වය තෝරලා ඉවරයි. ඒ සමග රට හදන නායකත්වය තෝරලා ඉවරයි. ඔබේ ශක්තිය සමග අපි රටේ අනාගතය සුරක්ෂිත කරන්න පෙළ ගැසෙමු. එදා එජාපයට වඩා අපි ඡුන්ද ලක්ෂ 27ක් අරගෙනයි මේ ගමන යන්නේ.

මේ ආණ්ඩුවේ අවසානය ආරම්භ කළේ රටේ පුංචි මන්තී‍්‍රවරුන් – කෙහෙළිය රඹුක්වැල්ල

දහසය වැනිදා අපි ලබන ජය නාවලපිටියේ ජනතාවගේ ඔල්වරසන්වලින් පේනවා. තැලෙන පෙලෙන පීඩනයට ලක්වුනු ජනතාවට වැරදුනා. හරියට ඇදිරි නීතිය දැම්මා වගේ. අපිට මොකක්ද වුනේ කියලා ජනතාව කල්පනා කළා. ජනතාව බස්වලින් මැදමුලනට ගියා.

සැ`දෑ සමය මැදමුලනේ ඉන්න තිරණය කරපු මහින්ද රාජපක්ෂ මහත්තයාව නැවත කරළියට ගත්තේ ඒ තැලූනු පෙලූනු මිනිස්සුයි. වසර හතරහමාරක් රටේ ජනතාව ඉවසා ගෙන හිටියා. පළාත් පාලන මැතිවරණයකල් දැම්මේ ඔවුන් ජනතාව පීඩනයට පත්කරපු බව දන්න නිසයි. අවසානයේ මැතිවරණයේ ප‍්‍රතිඵලය වුණේ මොකක්ද? මේ ආණ්ඩුවේ අවසානය ආරම්භ කළේ රටේ පුංචි මන්තී‍්‍රවරුන්. ඒ සටන අපි නොකඩවා ඉදිරියට ගෙනාවා. වසර පහක් ඔබ මේ මොහොත එනතෙක් බලා සිටියා. 2005 සිට 2015 දන්වා තිබුණු ස්වර්ණමය යුගයයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ.

19 වෙනි සංශෙෘ්ධනය හැදුවේ රාජපක්ෂ පවුල මෙල්ල කරන්න. ඒ වගන්තිවලින් රිංගලා ගෝඨාභය රාජපක්ෂ මහතාව නිර්මාණය කරලා අපේක්ෂකයා විදියට ඉදිරිපත් කරලා තියෙනවා. රටේ උගතුන් බුද්ධිමතුන් එත තැනකට ගෙනත් එතුමා හොද වැඩ පිළිවෙලක් සකස් කර තිබෙනවා.

මහින්ද මහත්තයායි නෝනයි ඇරෙන්න අනෙක් සියලූ දෙනා හිරේ දැම්මා – ලොහාන් රත්වත්තේ

මේ රටේ යුද ගිනිදැල් නිවලා මේ රට අනාගත දරුවන්ට භාර දුන්නේ මහින්ද රාජපක්ෂ මහතායි. ‘මම තාවකාලික භාරකරු පමණයි. මගෙන් පස්සේ රට භාර ගන්න අයත් මම වගේම රට දියුණු කරයි’ කියලා මහින්ද රාජපක්ෂ මහතා කිව්වා.

නමුත් පස්සේ වුණේ මොකක්ද? මහින්ද මහත්තයායි නෝනයි ඇරෙන්න අනෙක් සියලූ දෙනා හිරේ දැම්මා. මහින්ද රාජපක්ෂ මහතා එක්ක හිට ගත්ත සියලූ දෙනා හිරේ දැම්මා. මහ බැංකුව හොරකම්කලා. සජිත් කියලා අලූත් බෝඞ් එකක් ගහලා අලූතේන් කඩයක් ඇරියා. කඬේ ඇරලා බැලූවාම ඇතුලේ ඉන්නේ සුමන්දිරන්. රවුෆ් හකිම්. රවි කරුණානායක, මංගල. ඒ කියන්නෙ පරණ බඩු ටිකමයි.

රණ විරුවන් වෙනුවෙන් මැරෙන්න හරි ඉන්නවාලූ. පේ‍්‍රමදාස පොලිස් නිලධාරීන් 600ක් මරන්න අණ දුන්නා. කොටින්ට අවි දුන්නා. සල්ලි දුන්නා. අපි 16 ජය අරන් 17 නාවලපියටියට ඇවිත් කිරිබත් කනවා.

අපේ අනාගත දරුවෝ වෙනුවෙන් රටක් ඉතුරු කරන්න ඕනෙ – අනුරාධ ජයරත්න

මහනුවර දිස්ති‍්‍රක්කය වැඩිම ප‍්‍රතිශතයෙන් දිනන ආසනය බවට පත් කරන්නේ ඔබයි. මේ රටේ මුස්ලිම් දමිල හෝ සිංහල වේවා කිසිම බේදයකින් තොරව එක ධජයක් යටතේ එකතු වෙලා ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන්නයි.

21 ප‍්‍රාහාරය වෙන කොට, රටේ ආර්ථීකය කඩා වැටෙන කොට දුක් වින්දේ කවුද? මුස්ලිම් ජනතාව බිය වෙලා හිටියා. දමිළ ජනතාව බිය වෙලා හිටියා. පන්සලට පල්ලියට යන්නේ නැතිව හිටියා. අපේ අනාගත දරුවෝ වෙනුවෙන් රටක් ඉතුරු කරන්න ඕනේ. ඔබට රට පිළිබද කැක්කුමක් තියෙන නිසයි මේ විදියට එන්නේ.

නොවැම්බර් 16 වැනිදා මේ රටේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙන කොට 17 වැනිදාට රටේ අගමැති වෙන්නේ මහින්ද රාජපක්ෂ මහතායි.

අදත් මගේ රට අලූත් නායකයෙක් ඉල්ලලා විලිරුදාවෙන් පෙළෙනවා – විමල් වීරවංශ

ඔබ ඡුන්ද පොළට යන්නේ කතිරයක් ගහලා එන්න නෙවෙයි. නිකම්ම නිකම් ඡුන්දයක් දාන්න නෙවෙයි. නොවැම්බර් 16 හිරු පායන්නේ මව් පොළොව ඉල්ලා සිටින නායකත්වය බිහිකරන්නයි.

යුද්ධය හරියට පටන් අරන් අවුරුදු දෙකහමාරයි කොටියා කම්මුතු වුණා. එදා රට ඉල්ලපු කෙලින් තීරණ ගන්න නායකයා ලැබුණු නිසා රට හැදුනා. අදත් මගේ රට අලූත් නායකයෙක් ඉල්ලලා විලිරුදාවෙන් පෙළෙනවා. ඒ ගුණවත් තෙදබල නායකයා ගෝඨාභය රාජපක්ෂයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයේ මහිමයෙන් යුද්ධය අවසන් වුණා. සංවර්ධනය කරා රට ගමන් කළා. ගොවියාට නියම මිලක් ලැබුණා. මේ වගකීම් විරහිත අය පාලනයට ආවාට පස්සේ ගොවියාට මිලක් නැහැ. සහරාන් ඇවිත් බෝම්බ ගැහුවා. අන්තිමට කුණු කදුත් නාය ගියා. ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයා. ඒ සහෝදර බැ`දීමෙන් යුද්ධය අවසන් වුණා. මේ පොළොව ආර්ථික දියුණුවට ගෙනියන්න හැකි වුණා. මේ රට නැවත සුරක්ෂිත දේශයක් කරන්නත් රට දියුණූ කරන්නත් හැකි වෙන්නේ මේ සුසංයා්ගයෙන් පමණයි.

පුතානෝගේ අගමැති කවුද? 19 න් පස්සේ බල කේන්ද්‍ර දෙකක් නිසා එක පක්ෂයේ දෙන්නෙක් හිටියොත් ගැටුම් ඇති වෙනවා. ඒ නිසයි පුතානෝ තවම එයාගේ අගමැතිතුමානෝ ගැන කෙළින් කියන්නේ නැතිව වටේ යන්නේ. තමන් බැරිවෙලා හරි ජනාධිපති වුණොත් තමන්ගේ අගමැති කවුද කියන්නේ නැති පුතානෝ කොහොමද රටක් පාලනය කරන්නේ. අද ඉල්ලන්නේ රට සමාජීය වශයෙන් ගොඩනගන්න පුළුවන් නායකත්වයක්. තරුණ විදියට හිතන්න පුළුවන්, තරුණ දරුවෝ ඉල්ලන රට නිර්මාණයකළ හැකි නායකත්වයක්.

සහරාන් බෝම්බ ගැහුවෙත් පුතානෝ ගේ ආණ්ඩුව කාලයේ. පුතානෝගේ මුඛයෙන් තවමත් වචනයක්වත් කියන්නේ නැහැ. සහරාන් මල්ලිගේ දුක සැප බලපු රාවුෆ් හකිම් ළ`ග තියාගෙන සහරාන්ගේ අන්තවාදයට විරුද්ධව අදහස් දක්වන්න පුතානෝට බැහැ. සාමාන්‍ය ජනතාව දිහාත් සැකයෙන් බලන තත්ත්වයක් ඇති කලේ මේ පුතානෝ ගේ ආණ්ඩුව. එවැනි ආණ්ඩුවකට සාමය සමගිය සංවර්ධනය ගේන්න බැහැ. ගහපු හැම බද්දකටම පුතානෝ හවුල්.

කොට කොට ඉන්නේ නැතිව අධිවේගී මාර්ගය හදන වැඞ්ඩන්ගේ ආණ්ඩුවක් හදන්න අවශ්‍යයි. ගෝඨාභය මහින්ද රාජපක්ෂ සුසංයෝගයයි රට ඉල්ලන්නේ. පුතානෝගේ පිටුපස ඉන්න පරදේශක්කාර බලවේගවලට රට විනාශ කරන්න ඉඩ නොතබා ගෝඨාභය රාජපක්ෂ මහතා වෙුනවෙන් කතිරය ගහමු. රට දිනන අලූත් මග ඒකයි.

ඡන්දය දුන්නේ හංසයාට වුණාට අවුරුදු පහක්ම පෙන්නුවේ කොකා – උදය ප‍්‍රභාත් ගම්මන්පිල

නාවලපිටිය කියන්නේ මගේ උපන් ගම. නාවලපිටිය කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් මිනිස්සු සහයෝගයෙන් ජීවත් වෙන ගමක්. එකිනෙකා තම තමන්ගේ උත්සව දිනයට කෑම හුවමාරු කර ගැනීමේ සංස්කෘතියක් තියෙන එකම රට අපේ ශී‍්‍ර ලංකාවයි. කොළඹ ඉ`දන් ජාතික සමගිය ගැන වැදි බණ කියන එන්. ජී. ඕ කට්ටිය ජාතික සමගිය ගැන දැන ගන්න නාවලපිටියට එන්න.

පාස්තු ප‍්‍රහාරයෙන් පස්සේ ඔබේ ක`දුලූ පිසදමන්න මේ ආණ්ඩුවට හැකි වුණාද? කැඩුනු පල්ලි හැදුවා. වන්දි ගෙව්වා තවත් මොනවද කරන්න කියන්නේ කියලා ජොලි සීයා අහනවා. අද වෙනතුරු මේ ආණ්ඩුව බෝම්බ ගැහුවේ ඇයි? බෝම්බ ගහන්න සහාය දුන්නේ කවුද කියන දේ හොයා ගෙන නැහැ. සහරාන්ගේ බෝම්බ ප‍්‍රහාරය යළිත් ඇති වීමේ අවධානමක් තියෙනවා. උන් ගහද්දි වන්දි ගෙවන ආණ්ඩුවක් නෙවෙයි අපිට ඕනේ. බෝම්බ ගහන්නේ නැතිව අපිව සුරක්ෂිත කරන ආණ්ඩුවක්. මේ ආණඩුවට ඒක කරන්න බැහැ. සහරාන්ගේ ඔක්කොම ඉන්නේ මේ ආණ්ඩුවේ.

පාස්කු ප‍්‍රහාරයට යුක්තිය ඉටු කරන්න පුළුවන් එකම පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ මහතායි. සහරාන් ඡුන්දය දුන්නේ වැඩ කළේ හංසයාට. හංසායට කතිරය ගහලා යුක්තිය ඉටු වෙන්නේ නැහැ. ඡුන්දය දුන්නේ හංසයාට වුණාට අවුරුදු පහක්ම පෙන්නුවේ කොකා. කොකාට කොකා පෙන්වන්න නාවලපිටියේ ජනතාව සූදානම්.

ගෝඨා කියන්නේ අන්තිම බස් එක. ඒ බස් එක ම`ග හැරුනොත් පයින් යන්නයි සිද්ධ වෙන්නේ. නාවල පටියේ ජනතාව 16 වැනිදාට රට වෙනුවෙන් සිය යුතුකම ඉටු කරන බව විශ්වාසයි.

වැඩබිමක් විදියට තිබුණු රට දැන් හෙණ ගහපු අපායක් වගේ – ආනන්ද අලූත්ගමගේ

ලබන මාසයේ 16 වැනිදා පැවැත්වෙන තීරණාත්මක මැතිවරණයේදී නාවලපිටිය ඡුන්ද 20,000ට වඩා වැඩියෙන් ජය ගන්නවා.

එක්සත් ජාතික පක්ෂයට ගියාම මම හිතුවේ ඩඞ්ලි සේනානායක, ඞී.එස් සේනානයක වැනි ශ්‍රේෂ්ඨ නායකයින්ගේ පක්ෂය ඇතුලේ වැඩක් කරන්න පුළුවන් කියලයි. අගමැතිතුමා මගේ අතින් ලක්ෂ 5 ක් වියදම් කරවලා උසස් තාක්ෂණ මධ්‍යස්ථානයට මුල්ගල තිබ්බා. ඒක තාම පැළ වෙනවා. අකිල විරාජ් කුලියාපිටියේ අයටයි නාවලපිටියේ රස්සා දුන්නේ. හැමදාම උදේට නාවලපිටියට කුලියාපිටියෙන් බස් රථයක් එනවා. මම කොහොමද තවත් එජාපයේ ඉන්නේ.

එක්සත් ජාතික පක්ෂය තනිකරම කුඩු තිප්පලක්. නගරාධිපතිවරයෙක් කඩවලට උදේ ඉදලා ? වෙනකල් වද දෙනවා. අපි සියල්ල වෙනස් කරලා ඔබට නිදහසේ ඉන්න හැකියාව හදලා දෙනවා. රනිල් ඉන්දියාවේ ගිහින් අපිට පිහිට වෙන්න කියලා ඉල්ලනවා. ත‍්‍රස්තවාදය අවසන් කරපු නිදහසේ ඉන්න හැකියාව හදලා දුන්න දෙවියන් වහන්සේ, මහින්ද රාජපක්ෂ මහතා මේ වේදිකාවේ ඉන්නවා.

‘කිසිවක් දෙන්නට මට නැත. තිබුණේ පිරිසිදු හදවත’ පළවෙනි වෙඩි මුරය තියලා ඔබත් එක්ක එකතු වුණේ මමයි. සජිත් සරත් ෆොන්සේකාට ආරක්ෂක ඇමැතිකකම දෙනවාලූ. සුනඛයා වගේ වැඩ කරන්නම්ලූ. ¥විලි වගේ වැඩ කරන්නම්ලූ. ඒකට ජනාධිපති වෙලා හරි යන්නේ නැහැ. රට ගැන ගෞරවයක් ආදරයක් තියෙනවා නම් නාවලපිටියේ මන්තී‍්‍රවරුන්ට මම කියන්නේ ඡුන්දයට කලින් එන්න. ඇවිත් අපිත් එක්ක එකතු වෙන්න කියලයි. වැඩබිමක් විදියට තිබුණු රට දැන් හෙණ ගහපු අපායක් වගේ.

බදු බර වැඩි කළේ එයාගේ ආණ්ඩුව කියලා එයා දන්නේ නැහැ – වාසුදේව නානායක්කාර

ගෝඨාභය රාජපක්ෂ කියන්නේ අපිව මේ සාපලත් ආණ්ඩුවේ පවුකාර පාලනයෙන් මුදාගන්න, ඔබේ ඡුන්දයෙන් නායකයා වෙන කෙනාටයි.

ගෙවුනු කාලේ අපේ ජිවනබර වැඩි වෙලා, ඔබේ පවුල් ණය වුණා. පේ‍්‍රමදාස කොල්ලා මොනවාද දන්නේ. කුම්භකර්ණයා නිදා ගත්තා වගේ පේ‍්‍රමදාසත් නිදි. බදු බර වැඩි කළේ එයාගේ ආණ්ඩුව කියලා එයා දන්නේ නැහැ. අපි බදු බර අඩු කළාම බඩු මිල අඩු වෙයි. නමුත් රුපියලේ බර අඩු වෙන්නේ නැහැ. රුපියලේ බරත් අපේ බඩුවලට එකතු වෙලා. ඉහළ පන්තියට ඔනේ දේවල් මේ රටට ගෙනත් ආනයන වියදම අපනයන ආදායමට වඩා වැඩි කිරීම නිසයි ඒක වුණේ.

මේ රටේ කෝටිපතියන්ට රුපියල් තියෙනවා. ඒවා ඩොලර්වලට හරවා දෙන්න කියන්නේ සවාරි යන්න. ඒවාට ඉඩ තියන්න බැහැ. කෝටිපතියන්ට ඕනේ විදියට රුපියල ඩොලර්වලට හරවලා රට පටවන කොට වැඩි වෙන්නේ රුපියලේ බරයි. කෝටිපතියන්ගේ ආණ්ඩුවට එරෙහිව පෙල ගැහෙන ආණ්ඩුවට එරෙහිව නාවලපිටියේ හ`ඩ අවදි කරන්නයි මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

Recommended For You

About the Author: Editor