ගෝඨාභයගේ ජයග්‍රහණය අධිකරණ මගින් නවත්වන්න හදන්නේ- මහින්ද රාජපක්ෂ

‘ප්‍රජාතන්ත්‍රවාදය රකින්න එන මනුස්සයෝ පිස්සු සුනඛයෝ වගේ වැඩ කරන්න ගියොත් නරක ආදර්ශයක් වෙයි’ මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවරදීයි මේ බව සදහන් කළේ.

මහනුවරදී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් පසු මාධ්‍ය යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව අද (24) ප‍්‍රකාශ කළා.

වැඩි දුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා,

‘ගෝඨාභයගේ ජයග්‍රහණය පේන කොට අධිකරණ මගින් නවත්වන්න හදන්නේ. මුල ඉදන්ම දක්කා මෙය තමයි තර්ජනය කියලා. වාර්තාව සකස් කරන කණ්ඩායමේ යම් යම් චෝදනා ලබපු අය ඉන්නවා. එ චෝදනා තියෙන අය වාර්තාවක් සකස් කරන විට පක්ෂග්‍රාහී වෙයි. ප‍්‍රජාතන්ත්‍රවාදය රකින්න එන මනුස්සයෝ පිස්සු සුනඛයෝ වගේ වැඩ කරන්න ගියොත් නරක ආදර්ශයක් වෙයි. අපේ ජයග්‍රහණය ස්ථිරයි’

Recommended For You

About the Author: Editor