ව්‍යාපාරික ක්ෂේත‍්‍රයේ දියුණුවට හා රටේ දියුණුවට නව වැඩපිළිවලක් – ඇමති චම්පික රණවක

ව්‍යාපාරික ක්ෂෙත‍්‍රයේ දියුණුව හා රටේ දියුණුව සඳහා ව්‍යාපාරික ප‍්‍රජාව හා සංවාදයට එළඹ, යහපත් ක‍්‍රියාමාර්ග නව රජය යටතේ සිදුකරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා එසේ පැවසූවේ වෝටර්ස්ඒජ් හෝටලයේදී මැණික් හා ස්වර්ණාභරණ සංගමය සමග පැවති විශේෂ හමුවකදී ය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු පාඨලී චම්පික රණවක අමාත්‍ය වරයා, 

2005න් පසු ලෝකයේ වාණිජ ණය ගන්නා තැන් වලට යොමුව කෙටිකාලීන අධික පොලී සහිත ණය ලබාගෙන විශාල මුල්‍යය අර්බුධයකට ලක්වෙලා. අපි 2010 වසරේදි විදේශ ණය ඩොලර් බිලියන 1.9යි. අද වන විට ඩොලර් බිලයන 4.5ක් බවට පත්ව තිබෙනවා. ඒ ණය කොටස පමණයි. මේ නිසා අපි විශාල විදේශ මුදල් ප‍්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා. ඒ ප‍්‍රශ්නය විසඳාගත හැකි එක් ප‍්‍රධාන ක්ෂේත‍්‍රයක් ලෙසින් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රය හදුනාගත හැකියි. එහිදී මැණික් අපනයන ක්ෂේත‍්‍රය විශේෂයි.

අපගේ රට අතීතයේ සිටම මුතු මැණික් වලට ප‍්‍රසිද්ධව පැවති රටක්. මුතු මන්නාරම් ප‍්‍රදේශයෙන් අධික ලෙස ලබාගැනීම නිසා එය සදහටම නැතිව ගියේ බ්‍රිතාන්‍යය යුගයේදී. මැණික් තවමත් අප රටතුළ තිබෙනවා. අපට වඩා විශාල ලෙස නැගෙනහිර අප‍්‍රිකානු රටවල තිබෙනවා. අනාගතයේදි මේ රටවල් සමගින් සම්බන්ධතා ගොඩනගාගත යුතුයි. මේ රටවල් සීඝ‍්‍රයෙන් දියුණු වනවා.

මේ වන විට ලෝකයේ සියයට හයකට වඩා වැඩි වේගයකින් වර්ධනය වන එකම ආර්ථික කලාපය අප‍්‍රිකානු ආර්ථික කලාපය. ඒ නිසා ඒ දෙසට අප යොමුවිය යුතුයි. එකම මැණික් ගලක්වත් නැති හෙංකොං වැනි රටවල් මැණික් සම්පතේ ප‍්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්ව අද තිබෙනවා. තායිලන්තය වගේ රටවල් ඉදිරියට පැමිණ තිබෙනවා. ස්වර්ණාභරණ පැත්තෙන් ඩුබායි වැනි රටවල් ඉදිරියට ඇවිත් තිබෙනවා.

බස්නාහිර මහනගර සංවර්ධනයේ ප‍්‍රධාන අරමුණ  ඉන්දියානු සාගරයේ වාණිජ මධ්‍යස්ථානයක් ලෙස රට ඉදිරියට ගැනීම. ඒ සඳහා අවශ්‍යය යටිතල නාගරික පහසුකම නිර්මාණය කිරීම පියවර ගණනාවක් මේ රජය අරගෙන තිබෙනවා. වරාය නගරයේ කටයුතු අප අවසන් කළා. ප‍්‍රවාහන මධ්‍යස්ථාන ඇති කරගැනීම සඳහා අධිවේගි ප‍්‍රවාහන ජාලයක සම්බන්ධතාවය ඇති කර තිබෙනවා. පොදු ප‍්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා සැහැල්ලූ දුම්රිය පද්ධති ආරම්භකර තිබෙනවා.

කොළඹ වරාය හා හම්බන්තොට වරාය  වැඩිදියුණු කිරීම මගින් හා අනාගතයේ ත‍්‍රිකුණාමල වරාය වැඩි දියුණුකිරිම මගින් අපි කලාපයේ නාවික වාණිජ මධ්‍යස්ථානයක් බවට පත්කිරීම අපේ අරමුණ. මේ සියල්ලත් සමග මැණික් කර්මාන්තය, ස්වර්ණාභරණ කර්මාන්තය බද්ධව තිබෙනවා.

අපගේ ඩොලර් වලින්  පිටතට ගලායන ධනය පාලනය කරන්න සේම, පිටතින් එන ධනය වැඩිකරන්න අපට උපායමාර්ග හදන්න අවශ්‍යය වුණා. ඒ අනුව තමයි බදු පනවීම ආදිය බලාපොරොත්තු වුණේ. රත්තරං ලංකාවට ගෙනත් ලංකාවෙන් ඉන්දියාවට හොරපාරෙන් පැමිණෙනවා ඒ නිසා එය පාලනය කිරීමේ මාර්ගයක් ලෙස  තමයි බදු පැනවීම සිදුකළේ. නමුත් මේ තුළ ක්ෂෙත‍්‍රයේ ආදායමට බලපෑමක් සිදුව තිබෙනවා. පතල් කැනීමේ ක්ෂේත‍්‍රය තුළත් පාරිසරික ප‍්‍රශ්න නිසා යම් යම් සීමා කිරීම් පරිසර අමාත්‍යංශය මගින් සිදුකළා. කැනීම් ක්ෂේත‍්‍රය තිරසර ආකාරයට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය සියලූ දෙනාට තිබෙනවා.

කිසිම ව්‍යාපාරිකයෙකුට කිසිම ආකාරයක බලපෑමක් තර්ජනයක් ඇති කර  නැහැ. අපේ නව ජනාධිපති සජිත් පේ‍්‍රමදාස මහතා  යටතේ, ව්‍යාපාරික ප‍්‍රජාවට, කැනීම් කටයුතුවලට නිරත වන්නන්ට රටේ තිරසර සංවර්ධනයට දායක වන අතර, නිදහස ලබා දෙමින් ඔබේ දියුණුව රටේ දියුණුව බවට පත්කරනවා යැයි පැවසීය.

Recommended For You

About the Author: Editor