හර්නියා ඇතිවීමේ අවධානම අවම කරගන්න

වර්තමානයේ හර්නියා රෝග තත්වය වැළදීම සුළභව දැකිය හැකි අතර ඒ පිළිබද හරියාකාර දැනුවත්භාවයක් තිබේද යන්න ගැටළුවක්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අන්ත්‍ර වෘද්ධි ලෙස මෙම රෝගී තත්වය හදුන්වනවා.

ශරීරයේ ඔනෑම ස්ථානයක පවතින අවයවයක් හෝ අවයව කීපයක් එය ආවරණය කරගෙන ඇති පටල ස්ථරය හරහා පිටතට නෙරා ඒම හර්නියා තත්වය ලෙස සරලව හදුවන්වන්න පුළුවන්. නමුත් මෙම තත්වය බහුලව දක්නට ලැබෙන්නේ උදරය ආශ්‍ර‍යෙනි. ඊට හේතුව වන්නේ උදරය ඇතුළත ඇති අවයව උදර බිත්තියේ දුර්වල පටල ආවරණයක් ඇති ස්ථානයකින් ඉදිරියට නෙරා ඒමයි.

හර්නියා තත්වය ඇති වෙන්න මේ හේතු බලපාන බව වෛද්‍යවරුන්ගේ මතයයි.

Image result for hernia
  • උපතේදීම උදර බිත්ති දුර්වලව පැවතීම
  • ස්ථුලතාව
  • දරු ප්‍රසූති තීපයකින් පසු උදර බිත්තියේ මාංශ පේශී දුර්වල වීම
  • කාලීනව පවතින මළ බද්ධය
  • දුම්පානයට ඇබ්බැහි වීම තුළින් මාංශ පේශී වල ශක්තිමත්භාවය අවම වීම

කාන්තාවන් හා පුරුෂයන් යන දෙපාර්ශවයටම මෙම තත්වය ඇතිවිය හැකි අතර වැඩි වහයෙන් හර්නියා ඇති වන්නේ ඉකිළි, නාභිය, නාභියට ඉහළින් හා බඩේ කැපුම් ආශ්‍රිතවයි. උපතින්ම හර්නියා තත්ව ඇතිවන අවස්ථාද දක්කට ලැබෙයි.විශේෂයෙන්ම නාභියට ඉහළින් නාභිය ආශ්‍රිතව ඒවා ඇති වෙයි.

උදරයේ යම් ස්ථානයක අසාමාන්‍ය නෙරා ඒමක් කිසියම් බරක් ඔසවන විට හෝ කැස්සක් සමග උදරයේ පීඩනය වැඩි වන විට සම නෙරා ඒම වැඩි වීමක් දුටු විගස සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත එළඹීම ඉතා වැදගත් වේ.

බහුලවම දක්නට ලැබෙන්නේ Inguinal Hernia වම් තත්වය බැවින් එමගින් වෘෂණ ප්‍රදේශයේ වේදනාව හා ඉදිමුම, වෘෂණ කෝෂවල ඉදිමීමද දක්නට ලැබෙයි. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මේ සදහා ශල්‍යකර්මයක් මගින් පිළියම් කරයි.

මෙහිදී බොහෝවිට කෘතිම දැලක් (mesh repair) උදරයේ දුර්වල ස්ථාන ආවරණය වන ආකාරයට යොදයි.වර්තමානයේ සියලුම රෝහල් වල මෙම ශල්‍යකර්මය රෝගියාට දැනෙන අපහසුතා අවම වන ආකාරයෙන් කිරීමට පහසුකම් ඇත. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුවද හර්නියා තත්වයට ප්‍රතිකාර ඇති අතර සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වඩා වැදගත් වේ.

රෝගී තත්වය ඇති වීමට පෙර පහත කරුණු පිළබද අවධානය යොමු කිරීමෙන් මෙම අවධානමෙන් මිදීමට ඔබටත් හැකියි.

  • අධික තරබාරුව පාලනය
  • නිවැරදි ආහාර රටාව
  • ව්‍යායාම්වල නිරතවීම
  • දරු ප්‍රසූතියෙන් පසු උදරපේශී ශක්කිමත් කර ගැනීම අදාළ උපදෙස් පිළිපැදීම
  • දීර්ඝ කාලීන කැස්ස හෝ මළබද්ධය ඇත්නම් ඒ පුතිකාර ගැනීම
  • මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඈත් වීම

නිරෝගී දිවිපැවැත්මක වටිනාකම ඔබ රෝගී වන තුරු අවබෝධ කරගැනීමට අපහසු වුවත් ඒ පිළිබද සැලකිලිමත් වන්න. රෝගයක් වැළදීමට ප්‍රථම තල යුත්තේ රෝග පිළිබද දැනුවත් වී නිවැරදි ජීවන රටාවකට ඔබත් ඔබේ ආදරණීයනුත් හුරුවීම බව නිරන්තරයෙන් සිහිතබා ගන්න.

Recommended For You

About the Author: Editor