OL සෞන්දර්ය විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ ලබන සදුදා සිට

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයෙහි ප්‍රායෝගික පරීක්ෂණ ලබන 28 වනදා ආරම්භ වනවා.

එය ලබන මස 8 වනදා දක්වා පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. සෞන්දර්ය විෂයන්හි අවසන් ප්‍රතිඵලය නිර්නය කිරීම සදහා ප්‍රායෝගික පරීක්ෂණයේ ලකුණුද උපයෝගී කර ගන්නා බැවින් ඊට පෙනී සිටීම අනිවාර්ය බව විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙත ද පෞද්ගලික අපේක්ෂකයන්ට ඔවුන්ගේ ලිපියන්ටද තැපැල් කර ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

Recommended For You

About the Author: Editor