SLPP මහියංගණය ජන හමුව : විරැකියාව නිසා තරුණයින් ඉන්නේ දැඩි අසහනයෙන් – ගෝඨාභය රාජපක්ෂ

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය විජයග‍්‍රහණයක් කිරීම සදහා වන තවත් ජන හමුවක් අද (24) මහියංගනයේදී පැවැත් වුණා. ඒ සදහා ශ‍්‍රීලපොපෙ නායක මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ශ‍්‍රීලපොපෙ නායකයින් පිරිසක් සහභාගී වුණා. එහිදී ශ‍්‍රීලපොපෙ නායකයින් කළ කතා ‘සංස්කරණය කිරීමකින් තොරව’ මෙහි පළ වෙනවා.

සියයට 23ක් පමණ තරුණ පිරිස ඉන්නේ අසහනයෙන් – ගෝඨාභය රාජපක්ෂ

අපේ ජයග‍්‍රහණයෙන් පස්සේ ඔබට වගකියන වැඩ කරන, ප‍්‍රතිඵල ගෙනෙන, විනිවිද පෙනෙන රජයක් අපි බිහි කරනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුලික අංග අපේ කාලයේ බලවත්ව තිබුණා.

අද පළාත් පාලන ආයතනවලට මේ රජය අවශ්‍ය ප‍්‍රතිපාදන දෙන්නේ නැහැ. අපේ කාලයේ අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා දීලා ඒ ආයතන ශක්තිමත් කළා. නැවතත් අපි ඒ කාර්යය කරන්න අවශ්‍යයි.

මේ රටේ ත‍්‍රස්තවාදය අවසාන කළා විතරක් නෙවෙයි ඉන් පස්සේ මේ රටේ ආරක්ෂාව තහහවුරු කර ගැනීම සදහා ආරක්ෂක සැලසුම් යෙදුවා. අපි ජාතික ආරක්ෂාව ප‍්‍රමුඛත්වයක් දුන්නා. මේ රටේ නිදහස ලබා දුන්න රණ විරුවන් වගේම සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන් බුද්ධි අංශ, මේවා එකතු කරලා නැවත ත‍්‍රස්තවාදයක් ඇති නොවන ලෙස හො`ද ආරක්ෂක සැලැස්මක් යෙදුවා. ඒ නිසයි අපේ කාලයේ නැවතත් ත‍්‍රස්තවාදයක් වුණේ නැත්තේ.

හමුදාවට බාරවුනු අයව පුනරුත්තාපනය කර නිදහස් කළා. අපිට අවශ්‍ය වුණේ නැවත ත‍්‍රස්තවාදයක් අති නොවන තැනට කටයුතු කරන්නයි. රණ විරුවන්ට කිසිදු ප‍්‍රමුඛත්වයක් නොදුන්න, මෙම ආණ්ඩුව රණ විරුවන් විදේශ අධිකරණවලට ගෙනියන්න සම්මුතිවලට අත්සන් කළා. රාජ්‍ය නොවන සංවිධාන වලට යට වුණු ඇමැති මණ්ඩලයක් ඉන්න මෙම ආණ්ඩුව අපි ස්ථාපිත කරපු වැඩ පිළිවෙළවත් නතර කළා. අන්තවාදය, ත‍්‍රස්තවාදය නැවත ඇති නොවෙන්න විශේෂ ඒකකයක් ඇති කරලා නිලධාරීන් පුහුණූ කළා. මේ රජය ඇවිත් ඒ නිලධාරීන්ව මාරු කළා. ඒ නිසයි මේ රජය ආවාට පස්සේ නැවතත් බෝම්බ පුපුරන්න පටන් ගත්තේ. ඒ වරදත් නිලධාරීන් පිට පටවන්නයි උත්සාහ කරන්නේ.

ත‍්‍රස්තවාදය අවසන් කිරීමෙන් පස්සේ කාපට් මාර්ග, අධිවේගී මාර්ග, ගුවන් තොටුපළ වැනි සංවර්ධන ව්‍යාපෘති ඇරඹුවා. නමුත් මේ රජය බලයට අවිිත් ඒ සංවර්ධන ව්‍යාපෘති නතර කළා. ඊට පස්සේ ඒ ව්‍යාපෘතිවල වැඩ කළ ලක්ෂ 4කගේ පමණ රැුකියා අහිමිවුනා. මහින්ද රාජපක්ෂ මහතා සමච්චලයට ලක්කරන්න කරපු ඒ වැඩ නිසා රට ආර්ථික වශයෙන් කඩන් වැටෙන්න පටන් ගත්තා. මේ ආණඩුවට රට ආර්ථීක වශයෙන් ගොඩගන්න සැලැස්මක් නැහැ. එවැනි සැලැසුම් කි‍්‍රයාත්මක කළ හැකි කණ්ඩායමක් නැහැ.

අපි සමාජයේ සෑම ජන කොටසක්ම සංවර්ධනය වන අයුරින් ජනතා කේන්ද්‍රීය වැඩ පිළිවෙළක් ඉදිරිපත් කර තිබෙනවා. අපේ සංස්කෘතිය හා බැදුනු වැවිලි කර්මාන්තය, කිරි කර්මාන්තය, කෘෂිකර්මාන්තය කෙරෙහි කිසිදු සැලකිල්ලක් දැක්වූයේ නැහැ. මේ රජය කෘෂිකර්මාන්තය සම්පූර්ණයෙන්ම අමතක කළා. පොහොර සහනාදාරය නතර කළා.

ගුණාත්මකභාවයෙන් තොර කරුංකා ගම්මරිස් වැනි දේ ගෙනත් ප‍්‍රතිඅපයනය කිරීම නිසා අපේ වැවිලි කර්මාන්තය කඩා වැටුනා. ගොවියාගේ ආර්ථිකය නැංවීම සදහා අපේ යෝජනා ජනතාව හමුවේ ඉදිරිපත් කර තිබෙනවා.

අපි ආහාර සුරක්ෂිත භාවය ඇති කර ගත යුතුයි. මේ රටේ තුනෙන් එකක් තවමත් කෘෂිකර්මාන්තය මතයි යැපෙන්නේ. අපි පොහොර නොමිලේ දෙනවා. ගොවිණය කපා හරිනවා. රජය කෘෂිකර්මාන්තය වෙනුවෙන් සෘජුවම සම්බන්ධ විය යුතුයි. ලෝකයේ තාක්ෂණය හරහා කෘෂිකර්මාන්තය හො`ද තැනකට ගෙනත්. අපි ඒ තාක්ෂණය ගොවියාට ලබාදිය යුතුයි. රජයේ යුතුකමක් මේ තාක්ෂණය ගොවියාට ලබා දීම. හොද බීජ නිෂ්පාදනය, ගුණාත්මක භාවයෙන් යුතු පොහොර ලබා දීම වැනි දේ හරහා ගොවියාගේ ආදායම වැඩි කළ හැකියි.

සමහර ගොවිතැන්වල ඇතැම් දේවල් අපතේ යනවා. ඒ ඇසුරුම් ක‍්‍රම, ප‍්‍රවාහන ක‍්‍රම නැති නිසයි. මේවා වෙනුවෙන් අපි තාක්ෂණය ගේන්න අවශ්‍යයි. මේ හරහා ගොවියාගේ ආදායම වැඩි කළ හැකියි. කෘෂිකර්මාන්තය පිළිබදව අවබෝධයක් තිබෙන ඕනෑ කමක් තිබෙන අපි කෘෂිකර්මාන්තයට ප‍්‍රමුඛත්වයක් දෙනවා.

සියයට 23ක් පමණ තරුණ පිරිස ඉන්නේ අසහනයෙන්. විරැකියාව නිසා ඔවුන් අතරමං වෙලා. මේ අපේ අනාගතයයි. මෙම තරුණ තරුණියන් ට හැකියාවක් ලබා දීම අවශයයි. ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදිය යුතුයි. ඔවුන්ට ඔවුන් කෙරෙහි විශ්වාසය ඇති කළ යුතුයි. ඒ ස`දහා අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයොජනයක් කරනවා. සියලූම අයට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට පහසුකම් සකසනවා. දැනට තිබෙන විශ්ව විද්‍යාලවල ධාරිතාව වැඩි කරලා කාර්මික විද්‍යාල ආරම්භ කරලා ආර්ථිකයට සෘජුවම සම්බන්ධ විය හැකි දැනුමක් ලබා ගන්න අවශ්‍ය පසුබිම සකසනවා. ආර්ථිකයට සරිලන සේ පාඨමාලා සකස් කරනවා.

මේ පළාතේ ජල ප‍්‍රශන්යක් තිබෙනවා. පසුගිය කාලයේ කන්න තුනම වගා කර ගන්න බැරි වුණා. මේ රජය තවමත් ජල යෝජනා ක‍්‍රමය අවසන් කළේ නැහැ. නාගදීප ව්‍යෘපාරයේ ගොවින් අපහසුතාවයට ලක්ව සිටිනවා. මේ ව්‍යාපෘති අපේ රජයක් යටතේ අවසන් කරලා ඔබේ ප‍්‍රශ්න විසදනවා. ඔබ මුහුණ දී සිටින අලි ගැටුමටත් අපි විසදුම් දෙනවා.

අපි පොරොන්දු දීලා අභියෝග ජයගත් අයයි. එදා ආරක්ෂක ලේක්ම් ලෙස යුද්ධය අවසන් කිරීමේ කාර්යය මට පැවරුවා වසර දෙකහමාරක් ඇතුළත ත‍්‍රස්තවාදය අවසන් කරන්න මට හැකි වුණා. නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා විදියට කොළඹ නගරය ආසියාවේ සීග‍්‍රයෙන් දියුණූ වන නගරය බවට පත්කලා. අද ඔබ දකින කොළඹ නගරයේ සියලූ සංවර්ධන ව්‍යෘපෘති කළේ මාගේ කාලයේදියි. ඔබ ඔබේ යුතුකම ඉටු කරන්න. මම මගේ යුතුකම සුරක්ෂිත රටක් හා සංවර්ධිත අභිමානවත් දේශයක් ඔබට ලබා දෙනවා.

තාත්තාගේ අඩි පාරේ යනවා කියලා ඒ පුතා කියනවා – මහින්ද රාජපක්ෂ

ඔබ අපේ අපේක්ෂකතුමාගේ කතාව ඇහුවා නේද? එතුමා කෘෂිකාර්මික, අධ්‍යාපන, ප‍්‍රතිපත්ති ගැන ප‍්‍රකාශ කළා.

අපි එජාප අපේක්ෂකයාගේ කතාව අහනවා. මම සුනඛයෙක් වගේ ඇවිත් ඔබ ආරක්ෂා කරනවාලූ. බොත්තම් තද කරනවාලූ. මිඞ් වයිෆ් ළ`ගට එනවලූ. සිරිසග බෝ වගේ ශරීරයේ සියලූ කොටස් දන් දෙනවලූ. හිස දන් දුන්නට ඔලූවේ මොකුත් නැහැ කියලා එතන කෙනෙක් කිව්වාලූ. මේවා තමයි එතුමා කියන්නේ.

මේ විදියට විහිලූ සපයන්න අපිට අපේක්ෂකයෙක් ඔනේ නැහැ. රටක් ගොඩනගන්න ජනතාව ගොඩ නගන්න දුගී බවෙන් ජනතාව මුදා ගන්න නායකයෙක් අවශ්‍ය වෙන්නේ. මේ ආණ්ඩුව ඇවිත් පොහාර සහනාධාරය නතර කරලා අක්කර ලක්ෂයක් ගොවිතැන් කිරිම නතර කළා. මට දවස 51ට අගමැතිකම ලැබුණු හැටියේ මම නැවතත් පොහොර සහනාධාරය දුන්නා. ගෝඨාභය ආවාම පොහොර නොමිලේම දෙනවා. අපි ගොවි ණය කපා හරින්න තීරණය කරලා ඉවරයි.

අද මිනිස්සුන්ට ජිවත් වෙන්න අමාරුයි. මිනිස්සු කන්නේ අමාරුවෙන්. එක වේලක් කාල වතුර ටිකක් බීලා ඉන්න මිනිස්සු ඉන්නවා. අපේ කාලයේ දුප්පත්කම අඩු වුනා විරැුකියාව නැති වුණා.

පේ‍්‍රමදාස යුගයට තාත්තාගේ අඩි පාරේ යනවා කියලා ඒ පුතා කියනවා. එයාගේ තාත්තාගේ යුගය ගැන මම කියන්නම්. බදුල්ලේ වාර්තාව මගේ ළග තියෙනවා. 4793ක් බදුල්ලේ මැරුවා. පට්ටිපොල කැලෑවේ 15ක් මරලා දාලා තිබුණා මතකද? ගුණපාල කියන්නේ ශී‍්‍රලනිපේ රැුකපු මනුස්සයා. එයාගේ මල්ලිත් අමු අමුවේ මරලා දැම්මා.

ස්වාධීන මාධ්‍යකරුවෙක් ප‍්‍රශ්නයක් ඇහුවා කියලා අල්ලගෙන තඩි බාන හැටි අපි දැක්කා. මේ මනුස්සයා වේදිකාවේ ගහන එක නතර කරන්නවත් තිබුණා. එයා පටන් ගත්තා සින්දුව. මේක තමයි ඒ අයගේ සින්දුව. ගහලා පටන් අරන් මරලා අවසන් කරන එක තමයි තාත්තාගේ කාලයේ කලේ.

එල්ලූම් ගහට යවන්න දෙයක් නැහැ. අපි ආපු ගමන් ගමට ආපු කුඩු නතර කරනවා. ජාතිය විනාශ කරන්න ඉඩ තියන්න බැහැ. කුඩු කාරයින්ට නිසි දඩුවම් දෙනවා. අපි බලයට එනකොට ඒ අය රට අතහැර යයි. ආපසු පේ‍්‍රමදාස යුගයකට යන්න බැහැ. වසර හතරහාමරක් රට හදන්නේ නැතිව විනාශ කළා. අපි හදපු සේරම විකුණාගෙන කනවා. අපි වරාය හැදුවා. වරාය වික්කා. ගුවන් තොටුපළ විකුණන්න දාලා. අලූතින් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් මේ අය හැදුවා. ඒකට බාන්න වෙන්නේ සී ප්ලේන්. වතුර පිරිලා. මේ අය අපි කරපු දේවල් විවෘත කරන්න දක්ෂයි. අපිට බැන බැන විවෘත කරනවා.

නුවර අධිවේගී මාර්ගය නැති වුණා. යන්න එන්න වැඩි කාලයක් ගත වෙනවා. අධිවේගී ඇමැති කිරිඇල්ලට ගමට එන්න පාර හදා ගන්න බැහැ. රටේම සංවර්ධනය ඇණ හිටියේ ඒ විදියටයි.

අපි ඔක්කොටම තර`ග කරන්න බැහැ කියලා නීති හැදුවා. ගෝඨාභය ඒ නීතියෙන් රිංගලා ආවා. දැන් ගෝඨාභයට විරුද්ධව නඩු දාන්න හදනවා. ලංකාවේ හරි ගියේ නැති තැන ඇමරිකාවට ගිහින් නඩු දැම්මා.

බංකොලොත්කාරයෝ ටික රට විනාශ කළා. මේක ඔබේ දරුවන්ට අයිති රට. මේ ඉඩම් අයිති දරුවන්ට. නුපන් දරුවන්ගේ ඉඩම් පිට රැුටියන්ට විකුණන්න මේ අයට අයිතියක් නැහැ. මේවා ගැන හිතන්න. මේ අලින්ව 16 පන්නන කොට 17 වැනිදා අපි ඇවිත් කැලෑ අලි පන්නන වැටත් බදිනවා. මේ අය ණය බර ණය බර කියලා කෑගහනවා. අපි බලයට එනකොට ටි‍්‍රලියන 2ක් ණය තිබුණා. යුද්ධය කළා. පාලම් හැදුවා. ගුවන් තොටුපළවල් හදලා අපි ටි‍්‍රලියන 7ක ණයක් දුන්නේ. අපි අරන් තියෙන්නේ 5යි. අපිට ගිය ආණ්ඩුවෙන් දෙකක් එකතු වුනා. මේ ආණ්ඩුව ඇවිත් අද වෙනකොට ටි‍්‍රලියන 13යි. අපි අවුරුදු 10ට ටි‍්‍රලියන 5යි. මේ අය කිසිම සංවර්ධනවයක් නැතිව ටි‍්‍රලියන 6ක් ණය වෙලා.

මේ විදියටයි මේ අය වැඩ කරන්නේ සල්ලි අරන් කරපු කිසි දෙයක් නැහැ. මේ ආණ්ඩුව කරලා තියෙන්නේ ජාතියක් ණය කිරිම. ජාතිය ණය කරපු මේ ආණ්ඩුව පලවා හැරීම අනාගතයේ ඉපදෙන්නාවූ දරුවන්ට කරන සැලකිමක්. මහියනංගනය ආසනය හැමදාමත් අපිත් එක්ක ඉන්නවා. 2015ත් අපි දිනුවා. මෙවරත් නෙලූම් පොහොට්ටුවට කතිරය ගහලා මහියංගනය ජයග‍්‍රහණය කරන බව විශ්වාසයි.

රනිල් අපේක්ෂකයා වුණා නම් ගන්න ප‍්‍රතිශතය වත් සජිත් ගන්නේ නැති බව පැහැදිලියි – විමල් විරවංශ

මහියංගනයේ සාරවත් පස සමග ගැටි ජිවත් වෙන පිරිසක් මේ ඉන්නේ. එදා 2015 විතරක් නෙවෙයි 2005 ජනාධිපතිවරණයත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වැඩි ඡුන්දයෙන් දිනන කොට දැවැන්ත ශත්තියක් දුන්නේ ඔබයි.

මෙම ලක්මාතාව තෙදබල එඩිබල නායකත්වයක් පිළිබ`දව විලිරුදාවෙන් පෙළෙන සමයක්. ඇයව දිවි හිමියෙන් ආරක්ෂා කරන, දිවි හිමියෙන් පෝෂණය කරන නායකත්වයක් වෙනුවෙන් විලිරුදාවෙන් පෙලෙන මොහාතක් මේක. ඇයගේ සුජාත ¥දරුවන් රැුක බලාගන්න, නැගෙන්න ඉඩ හදා දෙන නායකත්වයක් අවශ්‍යව තිබෙන අවස්ථාවක්.

නොවැම්බර් 16 වැනිදාට ඉර පායන්නේ තවත් සාමාන්‍ය දිනයකට නෙවෙයි. ලක් මාතාව ඉල්ලන නායකත්වය ප‍්‍රසූත කරන්නයි. මේ රට අතීතයෙත් ඒ වගේ විලි රුදාවෙන් පෙලූනා. තෙදබල එඩිබල නායකත්වයක ප‍්‍රසූතිය ඒකාලෙත් ඉල්ලා සිටියා. දුටු ගැමණුු රජු විටෙක ඒ ඇබෑර්තුව පිරෙව්වා. වීර මොණරවිල කැප්පෙටිපොල, බූටෑවේ රාල, කොහුකුඹුරේ රාලලා ඒ ඇබෑර්තුව පිරෙව්වා. 2005 වෙද්දි අපි අතරින් වීරයෙක් ඉල්ලූවා.

සෝල්හයිම් ඇවිත් බෙදුම් ඉර අ`දින්න සූදානමින් සිටින විට ප‍්‍රභාකරන්ගේ බලය බලවත්ව සිටින අවස්ථාවේ මගේ ලක් මාතාව වෙනදා වගේම වීරයෙක් ඉල්ලා සිටියා. ඒ වේකන්සියටයි මහින්ද රාජපක්ෂ මහතා පත් වුණේ. ඒ වින්නඹුකම ඔබ හරියට කරපු නිසයි මේ රට රැුකුනේ.

අදත් අපිට එවැනි නායකත්වයක් අවශ්‍යයි. මේ පෙරළී තිබෙන රට කෙළින් කරන්න නායකත්වයක්, අන්තවාදය ත‍්‍රස්තවාදය සහරාන්ගේ නමින් ආවත් ප‍්‍රභාකරන් නමින් ආවත් අන්තවාදය අවසන් කරන්න වීර දින නායකත්වයක් මේ පොළොව ඉල්ලනවා.

මේ රටේ අද ඇබෑර්තුවක් තියෙන්නේ ඒ පුතානෝ වෙනුවෙන්ද? කවටයෙක්ට නෙවෙයි මේ ඇබෑර්තුව තියෙන්නේ. පුතානෝ හිතාගෙන ඉන්නේ මෙක කවටවරණයක් කියලා. කසළ ගොඩක් වුණු රට සුද්ධ කරන නායකයෙක්. සැබෑ ලෙසම මහජන සේවකයෙක් වෙලා රට වෙනුවෙන් වැඩ කරන නායකයෙක්.

ඊයේ පොරේදා ඇවිත් කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සජිවි සංවාදයකට එන්නලූ. පුතානෝට පුළුවන් නම් තනියම ගිහින් සජීවී සංවාදයකට ගිහින් පෙන්වන්න. කුවේට්වල කුමාරි අක්කා ලතා වල්පොලට මාත් එක්ක සිංදු කියන්න එන්න කියලා ආරාධනා කළා වගේ. පුතානෝගේ ක`දවුරේ පරාජය නියතයි. රනිල් අපේක්ෂකයා වුණා නම් ගන්න ප‍්‍රතිශතය වත් ගන්නේ නැති බව පැහැදිලියි. අන්තවාදීන් කොන්දේසි දාන කොට පුතානෝ නිශ්ශබ්දයි. අපේ අපේක්ෂකයා අන්තවාදී කොන්දේසි භාර ගන්නේ නැති බව කියලා අවසන්.

තැපැල් ඡුන්දයෙන් පස්සේ රට බිල්ලට දිලා හරි ඒ ඡුන්ද කුට්ටිය කඩා ගන්නයි පුතානෝ බලන් ඉන්නේ. කෝලම් නාටක සභාවේ රාවුෆ් හකිම්ගේ වීඩියෝ එළියට එනවා. සහරාන්ලාව රැුක්කේ හකිම්ලා බව ඔප්පු වෙලා ඉවරයි. සහරාන්ලාගේ මල්ලි රිල්වාන් දැකලා තියෙන්නේ බඩ දරු මවක් බලන්න ගිය වෙලාවේ. රිල්වාන් ගිහින් තියෙන්නේ බබෙක් ලැබෙන්න. මේ විදියට තමයි සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ පිටේ අන්තවාදී බෝඞ් එක ඇලෙව්වේ. ඊට විරුද්ධව ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡුන්දය දෙන එක වළක්වන්න බැහැ.

ධීවර සමුළුවක් තිබ්බා, ධීවරයා් නැහැ. ගුරු සමුළුවක් තිබ්බා. ගුරුවරු නැහැ. මාලඹේ රැුස්වීමේ 500ක් නැහැ. තරුණයෙක් ප‍්‍රශ්නයක් ඇහුවාම ගැහුවා. කොහොමද තරුණයාට සලකපු සැලකිල්ල. පියානෝ සැලකුවෙත් ඒ විදියටයි. ගම්පරලිය පොත තිබුණත් උස්සන් ගිහින් මරලා දැම්මේ ඒ පියානෝගේ යුගයේදියි. එහෙම දෙයක් අපේ රැුස්වීමක වුණා නම් රතු අලි පැටියා ඒ ගැන කියලම හක්ක පනිනවා. මේ රට ආරක්ෂා කර ගැනීමේ වගකීම තියෙන්නේ අපිටයි.

මේ තීරණාත්මක අවස්ථාවේ අපට ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි – මහාචාර්ය ජි. එල්. පීරිස්

මේ ප‍්‍රදේශයේ සරුසාර ආර්ථිකයක් තිබුණා. ගොවිතැනෙන් හො`ද ආදායමක් ලබා ගෙන ජිවිත ගෙන යාමේ හැකියාව ඔබට තිබුණා. අද ඒ සියල්ල නැති වෙලා. ගොවිතැන විනාශ වෙලා. රටේ පසේ හෝ ඔබේ වරදක් නිසා නෙවෙයි. යහපාලනය පසුගිය වසර කිහිපයේ ඔබේ ආර්ථීකය විනාශ කර කුඹුරු පුරන් වෙන්න හැරියා. සියලූ දේ පිටරටින් ගෙන්වන්න ගත්තා. සංස්කෘතිය අමතක කළා. මේ තත්ත්වය ආපසු හරවන්න ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි.

පොහොර නොමිලේ දෙන බව ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළා. ඔබේ වටිනා ඡුන්දයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙසත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙසත් පත්කර ගැනීමට අපි ඒකරාශී වෙමු. රට පුරාම මින් පෙර නොවූ උනන්දුවක් මේ ජනාධිපතිවරණය ගැන තියෙනවා.

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ගේ නම්ල රැුස්වුණු ස්ථාන දුරකතන අංක ආදි සියල්ල තිබිලත් කිසිවක් කරගන්න බැරි වුණේ ආණ්ඩුව ඇතුලේ ගැටුමට වැඩි අවධානයක් යොමු කිරීම නිසයි. ආණ්ඩුවක් විදියට පළමුව කළ යුතු වූයේ ජනතාවට ආරක්ෂාව සැපයීමයි.

මේ තීරණාත්මක අවස්ථාවේ අපට ශක්තිමත් නායකත්වයක් අවශ්‍යයි. තීරණ නිර්භීතව ගෙන, ඒ තීරණ කි‍්‍රයාත්මක කිරීමේ නායකත්වයක් අපිට අවශ්‍යයි. එතුමා තෝරා ගත් නිලධාරීන්ට අවශ්‍ය ශක්තිය බලය ලබා දෙනවා.

ආයෝජකයින්ගේ විශ්වාසය දිනාගෙන සෞභාග්‍ය සම්පන්න රටක් බිහිකිරීමේ සුදුස්සෙක් තවත් නැහැ. ගෝ්ඨාභය රාජපක්ෂ මහතාට මුහුණ දිලා දේශපාලන වශයෙන් පරාජය කිරීමේ හැකියාවක් නැති බව දන්න නිසා මේ රටේ විතරක් නෙවෙයි විදේශීය රටවල පවා නඩු දානවා. ඇමරිකවේ කැලිෆෝනියා දිස්ති‍්‍රක් අධිකරණයේ නඩු පැවරුවත් ඒක ප‍්‍රතික්ෂේප කළා. ගෝඨාභය රාජපක්ෂ මහතා මෙතෙක් ජනාධිපතිවරයෙක් නොගත් විදියේ ඡුන්ද ප‍්‍රතිශතයක් අරන් ජය ගන්න බව විශ්වාසයි.

මේ පුතා කතා කරන කොට මට මතක වෙන්නේ තාත්තාව – ඩිලාන් පෙරේරා

මහියංගනය ආසනය බදුල්ල දිස්තී‍්‍රක්කයේ වැඩිම ඡුන්ද තියෙන ආසනය. වැඩි ඡුන්ද 30,000ට එහායින් මහියංගනය දිනන බව මේ රැුස්වීම දැක්කාම තහවුරු වෙනවා.

එජාපය වෙනුවෙන් තර`ග කරන සජිත් පේ‍්‍රමදාසට යන එන මං නැතිව ඉන්න පක්ෂයත් අමතක වෙලා. එයත් පොහොර නොමිලේ දෙනවාලූ. දැන් තියෙන්නේ එයාගේ ආණ්ඩුවක්. දැන් කරන්න පුළුවන්නේ. යන යන තැන පොරොන්දු මල්ලක් දෙනවා. නමුත් අමතකයි ඉන්නේ මේ ආණ්ඩුවේ තමා ඇමැතිවරයෙක් කියලා. පන්සල් 1100ක් හදනවාලූ. මු¥ මහා විහාරය බේරලා දුන්නනම් හරිනේ.

මේ පුතා කතා කරන කොට මට මතක වෙන්නේ තාත්තාව. හාලිඇල මස්කඩය කියන තැන තමයි ඒ තාත්තා මේ පළාතේ කොල්ලෝ කෙල්ලෝ මැරුවේ. මස් කඩය කියන්නේ එතැන දරුවෝ මරපු නිසයි. තාත්තාගේ කාලයේ ආර්යාවගේ පින්තූරයක් ගත්ත දිවයින මාධ්‍යවේදියෙක් අනතුරකින් මැරෙනවා. කැමරාවේ තිබුණ රෝලත් නැති වෙනාවා.

මට මේ පුතන්ඩියා කෑගහන කොට මතක් වෙන්නේම තාත්තාගේ කාලේ. මගේ ඇෙග් දුවන්නේ තාත්තාගේ ලේ. තාත්තා කළ දේ කරනවා කියනවා. ඒ කතාව ඇහෙන කොට ඇග හිරිවැටෙන්නේ තාත්තා කරපුවා දන්න නිසයි. සජිත් ජනාධිපති කරලා රණවිරුගායට බේහෙත් දෙනවාලූ. රණවිරුවෝ කලේ ත‍්‍රස්තවාදින්ගේ අන්තවාදීන්ගේ ගායට බේත් දෙන එකයි.

සජිත් ජනාධිපති වුණොත් ඉන්නේ මහ පාරෙලූ. මේක ට‍්‍රැෆික් පොලිස් නිලධාරීන් තෝරන පරීක්ෂණයක් නෙවෙයි. මේක ජාතික නිදහස් අරගලයක්. නැවත නිදහස ලබාගෙන ත‍්‍රස්තවාදින්ගේ බෝම්බවලට නැවතීම තියන මැතිවරණයක්. මේ මැතිවරණය අපේ අනාගත පරම්පරාව බේරා ගන්න, නිදහස නැවත ලබා ගන්න මැතිවරණයනක්. සේනා දැලඹුවාගෙන් විනාශ වුණුු ගොවින්ට වන්දි දෙන්න බැරි වුනා. අලි වැට හරියට හදා ගන්න බැරි වුණා. මේ ආණ්ඩුව එළවන්න ඕනේ.

තමන් ගැන වර්ණනා කරගන්න නායකයෝ අපිට අවශ්‍යය නෑ – රොෂාන් රණසිංහ

මහින්ද රාජපක්ෂ මහත්තයාව නැවත දේශපාලනයට එකතු කරගන්න මහියංගනයේ ජනතාව මැදමුලට ගියා. මේ යමපාලනය කුඩුපට්ටම් කළ රට, ආර්ථිකය ගොඩනගන්න නොවැම්බර් 16 වැනිදායින් පස්සේ අපේ දෙවැනි අරගලය අරඹනවා.

යාචකයෝ බිහිකරන රටක ජනාධිපතිවෙන්න සජිත් හොදයි. අපිට ඕනේ මේ රටේ ජනතාවට ආදායම් මාර්ගයක් දීලා ජනතාව දුකින් මුදවා ගන්න ආණ්ඩුවක් අද ගොවියා ඉවරෙට ඉවරයි. රාජ්‍ය සේවකයා මානසිකව වට්ටලා ඉවරයි. දැන් සජිත් පේ‍්‍රමදාස කතා කරන්නේ කිරෙන් පෙරලා වගේ. මහ බැංකුව කොල්ල කාපු එකට සජිත් පේ‍්‍රමදාස වගකිව යුතුයි. රිසාඞ් බදියුදින් නායකත්වය දිලා කරපු පාස්කු ප‍්‍රහාරයට සජිත් වගකියන්න ඕනේ.

අද තේ ගොවියා ඉවරයි. රබර් වලට මිලක් නැහැ. මේ විදියට ආර්ථීකය වට්ටපු යම පාලන ආණ්ඩුවේ ඇමැතිවරයෙකුව හිටින සජිත් පේ‍්‍රමදාස මේවාට වගකිව යුතුයි.

හම්බන්තොට වරාය ගොඩනැගුවේ අනාගත පරපුරට වැදගත්ම කේන්ද්‍රස්තානයක් විදියට ගොඩනගන්නයි. සේද මාවතේ වැදගත්ම ස්ථානයයි හම්බන්තොට වරාය. සජිත් පේ‍්‍රමදාස හීනෙන් හරි ජනාධිපති අපෙක්ෂකත්නවයට එනවා කියලා හිතුවා නම්, කොන්දක් තිබුණා නම් හම්බන්තොට වරාය විකුණන්න එපා කියන්න තිබුණා. දැන් ඇවිත් කියනවා මට හො`ද පිට කොන්දක් තියෙනවාලූ. සජිත්ගේ තියෙන්නේ ස්වයං වර්ණනාවක්. තමන් ගැන වර්ණනා කරගන්න නායකයෝ අපිට අවශ්‍යය නැහැ.

අපට විශ්වාසය තියන්න පුළුවන් නායකත්වයක් තිබෙනවා. අවසන් කරන්න බැහැයි කියපු යුද්ධය අවසන් කරන්න නායකත්වය දුන්න මහින්ද රාජපක්ෂ මහතා ගැන අපිට විශ්වාසයි. එතුමාට යුද්ධය අවසන් කරන්න සහාය දෙමින් පසුව කොළඹ නගරය සංවර්ධනය කරමින්, සංවර්ධන ව්‍යාපෘති දියත් කරපු ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන තෙක් සැලසුම් හැදුවේ රට නැවත නගා සිටුවිම ගැනයි. නොවැම්බර් 16න් පස්සේ නැවත ආයෝජකයෝ එන්න බලාගෙන ඉන්නවා. ඔබේ අනාගතය සුබයි. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය එකතු වීමත් දැවැන්ත ශක්තියක්.

ගෝඨාභය රාජපක්ෂ රටට ආදරයක් තියෙන කෙනෙක් – නිමල් සිරිපාලද සිල්වා

ශ‍්‍රීලනිපය ජනාධීපතිවරණය ගැන වැදගත් තීරණාත්මක තීන්දුවක් ගත්තා. සමහරු පක්ෂය එජාපයේ එල්ලන්න උත්සාහ කළා. අපිට හැකි වුණා ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කරන තැනට පෙල ගස්වන්න. ගෝ්ඨාභය රාජපක්ෂ මහතාගේ ජය ගැන සැකයක් නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහතා රටට ආදරයක් තියෙන කෙනෙක්. මේ රට දැන් පත්ව තිබෙන අරාජිකත්වයෙන් ගොඩගන්න එතුමා වැනි නායකත්වයෙක් අපිට අවශ්‍යයි. එතුමාගේ පාලන කාලය තුළ ශී‍්‍ර ලංකාව අලූත් ගමනක් කරා යන බව විශ්වාසයි. අල්ලස ¥ෂණය ඥාති සංග‍්‍රහය ඉවත්කිරීමේ හැකියාව තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාටයි. දෙමළ ජාතික සන්ධානය කෝන්දේසි 13ක් ඉදිරිපත් කර තිබෙනවා. රට බෙදන එවැනි කෝන්දේසිවලට ගෝඨභය රාජපක්ෂ මහතා එකතු වෙන්නේ නැති බව විශ්වාසයි.

ත‍්‍රස්තවාදය තියෙන කාලයෙත් අපේ රට සංවර්ධනය කරා ගියා. වැව් හැදුවා, පාර හැදුවා, දඹුල්ලේ ඉ`දන් එන පාර හැදුවා. මේ විදියට සුවිශේෂ සංවර්ධනයක් අපි ඉදිරියට ගෙන ගියා. ඊට පස්සේ කරපු සංවර්ධනයක් මේ ආසනයේ තියෙනවාද?
අපි ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔටුනු පලන්දන්නේ රටේ ජාතික ආර්ක්ෂාව ස්ථාවරභාවට ඇති කරලා රට සංවර්ධනය කරන්නයි.

මහියංගනයේ නොවිස`දුනු ප‍්‍රශ්න විසදගන්න ඕනේ. ඊළග පාර්ලිමේන්තු මැතිිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට ස්ථෘවර ආණ්ඩුවක් හදන්න ආසන 125ක් වත් අපි ලබා දෙන්න ඕනේ.

අත මිට සරුවන ගම සංවර්ධනය කරා යන යුගයක් අපිට අවශ්‍යයි. ඒ සදහා අතුුලූ වන දොරටුව ජනාධිපතිවරණයයි. සජිත් පේ‍්‍රමදාස කියන්නේ පොරොන්දු දීගෙන යන කෙනෙක්. දුන්න පොරොන්දු එතුමාට මතකත් නැතිව ඇති. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කතාවේ ගුණාත්මකභාවය දෙස බලන්න. එතුමා සිල්ලර දේවල් කියන්නේ නැහැ. ප‍්‍රශ්නවලට විසදුම් හා දර්ශනයක් එතුමා ඉදිරිපත් කරනවා.

ගම් එළිය කලේ මහින්ද මහත්තයා – තේණුක විදානගමගේ

තව දින 22යි. මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන අපේ මව්වරු බලාපොරොත්තු වෙන රටේ ජනතාවගේ ආර්ථකය ශක්තිමත් කරන, ¥ දරුවන්ට රටක් ඉතුරු කරන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණයට දින 22යි.

පහුගිය කාලයේ සුදු වෑන් සංස්කෘතියක් ගැන කියෙව්වා. 1988 ශී‍්‍රලනිප මහියංගනය ආසන සංවිධායක මගේ පියා ඡුන්දය ඉල්ලපු වරදට 1989 දෙසැම්බර් මගේ තාත්තා මැරුවේ සිගරැුට්වලින් පුච්චලා කටට වෙඩි තියලා. එහෙම කරපු අයයි මේ කතා කරන්නේ. ඒ කාලේ ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස. බදුල්ල දිස්තී‍්‍රක්කයේ ආසන 9ම ඔබේ ජයග‍්‍රහණය තහවුරු කරනවා.

ශී‍්‍රලනිප පොහොට්ටුවේ අපි එකතු වෙලා දිස්ති‍්‍රක්කය දිනන වැඩපිළිවෙළ සාකච්ඡුා කරලයි තියෙන්නේ. මේ සමන් දෙවියන්ගේ අඩවිය. මහින්ද මහත්තයායි මහියන්ගනයේ පාර හැදුවේ. ලයිට් දුන්නේ, ගම් එළිය කලේ මහින්ද මහත්තයා. මේ ගම්වල ඉන්න බත් කන මිනිස්සු යුතුකම් ඉටු කරනවා.

Recommended For You

About the Author: Editor