ගෝඨාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයේදී MR කළ ‘සම්පූර්ණ’ කතාව

ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය පාර්ලිමේන්තු මැතිවරණයක් සදහා ජනමතයක් ලෙෂ සලකන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ මහතා මෙසේ පැවසුනේ අද (25) දින පැවැති ඔබට රටක්, රටට හෙටක්, ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එලි දැක්වීමේ උත්සවයට එක් වෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පැවසීය.

සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අද ජාතියට භාර දෙන්න ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. මේ අවස්ථාව මම සලකන්නේ අපේ ප‍්‍රතිපත්ති ලිඛිතව ඉදිරිපත් කරන අවස්ථාව හැටියටයි. මේ ප‍්‍රතිපත්ති ලිඛිතව අපි ඉදිරිපත් කළත් නැතත් මේ රටේ ජනතාවට ඒක ඒතරම් වැදගත් නෑ. මොකද මේ රටේ ජනතාව අපේ අතීත දේශපාලන ජීවිතය දිහා බලල අපේ ප‍්‍රතිපත්තිය මොකක්ද කියලා තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසයි විද්වතුන් මෙතැන රැුස්වෙලා ඉන්නේ. අපේ පා ගෙවිලා තියෙන්නේ ජනතාව අතරේ. බුමුතුරුණුවලට වඩා වැලි කැට අපේ පයට පුරුදුයි.

එදා ආර්. පේ‍්‍රමදාස යුගයේ භීෂණයෙන් රට ගළවා ගන්න ලංකාවේ දිගම පා ගමන ගිය අපිට මේ රට අවනීතියෙන්, හොරකමෙන්, පාවා දීමෙන් ගළවා ගන්නත් පසුගිය දවස්වල පා ගමන් යන්න සිද්ධ වුණා. හැමදාමත් ජනතාව අතර හිටපු අපත් එක්ක ජනතාව තුළ තියෙන්නේ ලොකු බැඳීමක් ලොකු විශ්වාසයක්. අපි කවදාවත් ජනතාවගෙන් ජීවත් වෙන්න ඔක්සිජන් ඉල්ලූවේ නෑ. අපි හැමදාම සටන් කළේ ජනතාවගෙන් උදුරා ගත්ත ඔක්සිජන් නැවත ජනතාවට ලබාදීලා ජනතාව නැගිටවන්න. 1992 කොළඹ ඉඳන් කතරගමට පා ගමන් යනකොට මේ රටේ තරුණයින් 60,000ගේ ඔක්සිජන් පේ‍්‍රමදාස අහිමි කරලා තිබුණා. ඒ නිසා අපත් ජනතාවත් අතර තියෙන සම්බන්ධයෙන් තමයි අපේ ප‍්‍රතිපත්ති තීන්දු වෙන්නේ.

ඒ බැඳීම නිසා තමයි 2015 ජනවාරි නව වැනිදා ඉඳන් මුළු රටේම අති විශාල ජනතාවක් තංගල්ලට ආවේ. ඒ ගිහින් ඔවුන් ඉල්ලා සිටි දේ තමයි මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ තියෙන්නේ. ජනතාවයි අපිව දේශපාලනයට නැවත ඇදලා ගත්තේ. ඒ වාගේම ගෝඨාභය රාජපක්ෂ රටට ආදරය කරන ජන හමු 20000 ක ගෙන් මතුවුණ සාරය තමයි මේ තියෙන්නේ. ඒ ජනතාවට ඔවුන්ගේ නියෝජිතයන්ට අපි අද මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය භාර කරනවා.

අපියි ප‍්‍රතිපත්තියයි දෙකක් නෙවෙයි එකයි. එහෙම වුණහම ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය රටක ක‍්‍රියාත්මක කරන්න ලෙහෙසියි. මොකද ඒක ජනතාවගේ දෙයක් නිසා. ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය රැුක ගන්න ජනතාව කැප වෙන නිසා. අපි 2005 ජනතාවට ඉදිරිපත් කළ මහින්ද චින්තනයත් එහෙම ලියවිල්ලක්. ඒ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය යටතේ මේ රටේ දැවැන්තම කාර්ය ඉටු කළා. තිස් වසරක යුද්ධය නිමා කළා.

රට එක්සේසත් කළා. ඒ සටනෙදි මුළු රටේම ජනතාව අපිත් එක්ක හිටියා. ජනතාව ඒ වගකීම ගත්තා. ජනතාව ඒ ප‍්‍රතිපත්තිය රකින්න කැප වුණා. අපි එදා පොහොර මිටිය රුපියල් 350ට දෙන බව කීවා. සමහරු කීවා පොහොර මිටිය රුපියල් තුන්සිය පනහට දෙන්න මහින්ද රාජපක්ෂට ඇලඩින්ගේ පුදුම පහන තියෙනවද කියලා. ත‍්‍රස්තවාදය අතු ගාලා දානවා කීවාම ඇහුවා මොන කොස්සෙන්ද කියලා. නමුත් අපිව එදා විශ්වාස කළේත් මේ රටේ කරන්න බෑ කියලා තිබුණ දේවල් කරන්න පුළුවන් වුණේ මහජනතාවගේ බැඳීම නිසා.

කොළඹ ඇතුළු නගර ආසියාවේ උසස්ම නගර බවට පත් කළේ ඒ බැඳීම නිසා. මහජනතාව තමන්ට, රටට හිතවාදී ප‍්‍රතිපත්තියක් ක‍්‍රියාත්මක කරන කොට දිවි හිමියෙන් ඊට කැපවෙන බව දැන ගන්න ඕන. වඩා වැදගත් වෙන්නේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ මුද්‍රිත ප‍්‍රකාශනය නොවේ මහජනතාව එක්ක තියෙන බැඳීම කියලයි අපි විශ්වාස කරන්නේ.

අපි එදා ඉඳන් ප‍්‍රතිපත්තියක පිහිටන බව ඒවා ක‍්‍රියාත්මක කරන බව කවුරුත් දන්නවා. අද ජනතාව තෝරාගෙන ඉන්න අපේක්ෂකයාගේ කාර්ය සාධන වාර්තාව ගැන කවුරුවත් සැක කරන්නේ නෑ. අපි යථාවාදීයි, තථාකාරීයි කියන දේ කරනවා කරන දේ කියනවා. රහස් ගිවිසුම් නෑ. කිසිම ජාතියක් රවටන්නේ නෑ. කිසිම ජාතියක කොන්දේසි බලපෑම් මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ නෑ. ඒ විතරක් නොවෙයි කිසිම විදේශ ජාතියකට යටවෙන අකුරක්, කොමාවක් නැති ජනතාවගේ ලියවිල්ලක් මේ.

අපේ ප‍්‍රතිපත්තිය පැහැදිලියි. ඒක රනිල් පේ‍්‍රමදාස ප‍්‍රතිපත්තිය එක්ක තිබ්බහම කළු සුදු වාගේ වෙනස්. පේ‍්‍රමදාස මහත්තයාගේ ආණ්ඩු කාලේ ජාතිය සතු දේ, ජාතිය සතු සම්පත් විකුණුවා. අපි හැමදාමත් ජාතික සම්පත් රකිනවා.

රනිල් – සජිත් ආණ්ඩුව කවදත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය අහිමි කළා. රනිල්, – පේ‍්‍රමදාස ආණ්ඩුව පළාත් පාලන ඡන්ද කල් දැම්මා. පළාත් සභා තාමත් කල් දාලා තියෙනවා. නමුත් අපේ හැමදාම වෙලාවටත් කලින් ඡන්දෙ තියෙන මහජන මතයට හිස නමන ප‍්‍රතිපත්තියක් තියෙන්නේ.

රනිල් – පේ‍්‍රමදාස ආණ්ඩුව දේශීය ව්‍යපාරිකයන්ගෙන් අසාධාරණ බදු අය කලා. ඒ ව්‍යාපාර බංකොළොත් කළා. අපි හදන්නේ බදු බරක් නැති මෙරට ව්‍යාපාරිකයන් කර්මාන්තකරුවන් රකින ආණ්ඩුවක්. රනිල්ට සජිත්ට තියෙන්නේ තරුණයන්ට උස නම් සිකියුරිටි මිටි නම් කම්කරු රස්සා දෙන ප‍්‍රතිපත්තියක්. අපිට තියෙන්නේ මේ රටේ තරුණයෝ ලෝකයේ ඕනෑම රටක උගතකු, වියතෙක්, වෘත්තිකයෙක් එක්ක වැඩ කරන්න පුළුවන් කෙනෙක් බවට පත් කරන ප‍්‍රතිපත්තියක්.

මේ රටේ රණවිරුවන්ගෙ ගායට බෙහෙත් දෙන්න පුල පුලා බලා ඉන්න එන්.ජී. ඕ. ගාය හැදුන ප‍්‍රතිපත්තියක් අපි ළග නැහැ. අපට තියෙනනේ රට රැුක්ක රණවිරුවන්ගේ අභිමානය රකින ජීවිත කාලයේම ඔවුන්ව රකින ප‍්‍රතිපත්තියක්. රනිල්ට – සජිත්ට තියෙන්නේ දෙමළ මුස්ලිම් ජාතිකයන්ට රහසේ බොරු පොරොන්දු දීලා ඡුන්දෙ ගන්න ප‍්‍රතිපත්තියක්. අපිට තියෙන්නේ ඇත්ත කියලා ඔවුන් එක්ක මිත‍්‍රව ඉන්න ප‍්‍රතිපත්තියක්. ඔවුන්ට තියෙන්නේ පළිගන්න රාජ්‍ය ප‍්‍රතිපත්තියක්. අපිට තියෙන්නේ පිළිගන්න ප‍්‍රතිපත්තියක්.

රනිල්ට, පේ‍්‍රමදාසට තිබුණෙ තෙල් නැතිවුණාම තෙල් පෝලීම් ඇති කරවන, ගෑස් නැති වුණාම ගෑස් පෝලිම් වල ජනතාවට ලගින්න සිද්ධ කරන ආර්ථික ප‍්‍රතිපත්තියක්. අපිට තියෙන්නේ ජනතාවට අනවශ්‍ය කිසිඳු දෙයකින්, කිසිඳු මොහොතක හිඟක් ඇති කරවන්නේ නැති රාජ්‍ය ප‍්‍රතිපත්තියක්. ඒ විතරක් නොවෙයි, ලබන සිංහල අවුරුද්ද වෙන කොට අපේ රජයක් යටතේ දැවැන්ත ආර්ථික සහනයක් ලැබෙන පැකේජයක් අපේ ජනතාවට ලබා දෙන්නත් අපි කටයුතු කරනවා. පේ‍්‍රමදාස යුගයේ තිබුණේ කොළඹට කිරි ගමට කැකිරි කිය කියා අධ්‍යාපනයේ විෂමතාවය දුරු කරන්න දරුවන් කදුළු ගෑස් කකා පාරේ සටන් කරන ප‍්‍රතිපත්තියක්. අදත් ශිෂ්‍යයෝ පාරේ සතියකට වතාවක් කදුළු ගෑස් කනවා. අපි ගේන්නේ අධ්‍යාපනයේ විෂමතාවය දුරු කරන පාසලට ඇතුල් වන සෑම ශිෂ්‍යයකුටම නිදහසේ විශිෂ්ඨ අධ්‍යාපනයක් ලබාදෙන ප‍්‍රතිප්තියක්.

මේ දෙන්නා හදන්නේ නිදාගන්නේ නැති රටක්. අපි හදන්නේ ?ට බය නැතිව නිදාගන්න පුළුවන් රටක් නිර්මාණය කරන්නයි. රනිල් සජිත් ශ‍්‍රී මුඛයෙන් කතා කරන කොට අපිට තියෙන්නේ ජනතාවගේ හඬට ඇහුම් කන් දෙන ප‍්‍රතිපත්තියක්.

මට මතක් වෙනවා 2015 ජනවාරි නව වැනිදා මම මේ රට භාර දීලා මැදමුලන ගෙදරට යන්න සූදානම් වෙලා ජාතිය අමතා කළ කතාව. මම එදා මේ රටේ මට ආදරය කළ ¥ දරුවන්ට මෙහෙම කීවා. දුවේ පුතේ, මම අපි මුහුණ දීපු දුෂ්කරතා අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ නැති රටක් ගොඩ නගන බව කියලා ඒක අපි ගොඩ නැගුවා. 2015 දී අපි ගෙදර ගියේ එබඳු රටක් සුරක්ෂිත රටක් ගොඩ නගලා. මම එදා යනකොට ඒ සුරක්ෂිත ¥ දරුවන්ගේ වගකීමත් මේ ආණ්ඩුවට භාර කළා.

නමුත් දුවේ පුතේ, ඔබගේ ආරක්ෂාව රකින්න මේ ආණ්ඩුවට බැරි වුණා. පාස්කු දවසේ ගීතිකා කියන්න පල්ලියට ආව පුංචි දූලා පුතාලගේ ලෙයින් එදා පූජා බිම තෙත් වුණා. මේ රටේ දුවලා පුතලා මරණ බයට මුහුණ දුන්නා. මරණ බය නිසා ඉස්කෝලෙ යන්නත් බය වුණා. දුවේ පුතේ, අපට ආයෙත් පටන් ගන්න සිද්ධ වෙලා. මේ රටේ දරුවො මරා දාන්න ඉඩ දෙන්නෙ නෑ. මරණ බයෙන් තොර රටක් යළිත් ගොඩ නගා දෙන බවට අපි මේ මොහොතේ ප‍්‍රතිඥා දෙනවා. ඒ ස`දහා හැකියාව ඇති නායකයෙක් අපි නම් කරලා තිබෙනවා.

ජනාධිපතිවරණයෙන් පසු නොපමාව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සදහා අවශ්‍ය ජනමතයද මේ ජනාධිපතිවරණයේදී අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එය ජනමතයක් ලෙස අපි සලකනවා.

Recommended For You

About the Author: Editor