ඡන්දදායකයින්ට අල්ලස් දුන් ජපන් නව වෙළෙද ඇමති ‘ගෙදර යයි’

ලෝකයේ ආදර්ශමත්ම පාලනයක් සහිත රාජ්‍යයක් වන ජපානය යළිත් සිය ආදර්ශය ලොවට ප‍්‍රදර්ශනය කළා. ඒ ඡන්දදායකයින්ට අල්ලස් දුන් බවට චෝදනා එල්ල වූ අබේ රජයේ නව වෙළෙද ඇමැති අමාත්‍යවරයා වන ඉස්ෂු සුගවාරා Isshu Sugawara  හදිසියේ ම සිය ධූරයෙන් ඉල්ලා අස්වීම සමගයි.

සුගවාරාට සිය ඇමැති පදවිය අහිමි වන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ඡන්ද දායකයන්ගේ කැමැත්ත දිනාගැනීමට ඔවුන්ට කොමඩු, දොඩම් ආදී සන්තෝසම් ලබාදීම හේතුවෙන් එල්ල වන චෝදනා බවයි ජපන් මාධ්‍ය වාර්තාවල සදහන් වන්නේ.

ටෝකියෝ නුවරවාසීන් හට අමාත්‍යවරයා මෙසේ සන්තෝසම් ලබාදී ඇත්තේ පසුගිය මහ මැතිවරණයේදී තමන් වෙත ඡන්ද දායක කැමැත්ත දිනාගැනීමට බවයි වාර්තා කියන්නේ.

මේ අතර ඔහුට තවත් චෝදනාවක් එල්ල වෙනවා. ඒ ඔහු තවත් ඡන්ද දායකයෙකු වෙත ජපන් යෙන් 20,000ක මුදලක්ද සන්තෝසමක් ලෙස ලබාදී ඇති බවටයි.

ජපාන මැතිවරණ නීතිය අනුව ඡන්ද දායකයන් වෙත සන්තෝසම් ලබාදීම සපුරා තහනම් වන අතර, අගමැතිවරයාගේ සන්තෝසම්වලට ස්තූතිය පළ කරමින් අදාළ ඡන්දදායකයන් විසින් ඔහුට එවා ඇති ස්තූති ලිපිද එරට මාධ්‍යවල වුණා. අර්බුදය නිර්මාණය වුණේ එයින් පසුවයි.

ඉස්ෂු සුගවාරා තම ඇමති මණ්ඩලයට පත්කර ගැනීම සම්බන්ධයෙන් වූ වගකීම තමන් දරණ බව පවසා ඇති අගමැති ෂින්සෝ අබේ, ජපාන ජනතාවගෙන් දැඩිව සමාව අයැද ඇති බවද වාර්තා වෙනවා.

Recommended For You

About the Author: Editor