ටියුෂන් කඩවල කෙරෙන ‘ආදර්ශ ඡන්ද විමසීම් වහාම නතර කරනු – මැතිවරණ කොමිෂම

ජනාධිපතිවරණයට අදාළව  නිල ඡන්ද ප්‍රතිඵල ජනමාධ්‍ය වෙත නිකුත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ  සාකච්ඡාවක් අද (25) රාජගිරිය, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී, මැතිවරණ කොමිෂන් සභාවේ  සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මේ සඳහා විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරමින් තක්ෂණ අංශවල නිලධාරීන් හා නියෝජිතයන්  සහභාගී වී සිටියේ ය.

ප්‍රථිඵල ගණන් කිරීමේ මධ්‍යස්ථානවල සිට මැතිවරණ කොමිෂන් සභව වෙත ලබාගන්නා ආකාරය සහ ඉන්  අනතුරුව ඒවා පරිගණක තාක්ෂණය ඔස්සේ ජනමාධ්‍යවෙත නිලවශයෙන් නිකුත් කිරීම සම්බන්ධයෙන්
පැහැදිළි කිරීමක් සභපති මහින්ද දේශප්‍රිය මහතා විසින් සිදු කළේ ය.

ජනමාධ්‍යවෙත නිල ප්‍රතිඵල නිකුත් කිරීමේ බලය රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පැවරෙන බව කී මහින්ද දේශප්‍රිය මහතා, මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ විශේෂ මාධ්‍ය මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක බවද පුවත්පත්වලට නිල ප්‍රතිඵල නිකුත් කිරීම ද එහිදී ද සිදු කෙරෙන බව සඳහන් කළේ ය.

මෙම ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා වූ පරිගනක වැඩසටහන  සාමූහිකව කළ කටයුත්තක් බවත් පරිගණක පිළිබඳ විශේෂඥතාවය සහිත සැමගේ අඳහස් ලබාගෙන කළ වැඩසටහනක් බවත් මැතිවරණ ප්‍රතිඵල කිසිදු ගැටළුවක් ඇතිනොවන ආකාරයට ලබාදීමට බලාපොරොත්තු වන බවද ප්‍රථිපල නිකුත් කිරීමට අදාළව සෑම අවස්ථාවකම විකල්ප වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර තිබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.

නොවැම්බර් 18 සවස වන විට ප්‍රතිඵල ලබාදී අවසන් කිරීමට හැකියාව තිබෙන බවද එහිදී  සභාපතිවරයා ප්‍රකශ කර සිටියේ ය.

මේ අතර ආදර්ශ ඡන්ද විමසීමකින් ලැබෙන ප්‍රතිඵලය මුළු දිවයිනටම සාමාන්‍යකරණය කිරීම වරදක් බවත් එම නිසා මෙම පූර්ව ඡන්ද විමසීම් පැවැත්වීමෙන් වැළකී සිටින ලෙස සියලුම නීතිගරුක යහපත් පුරවැසියන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (25) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඉල්ලා සිටියේය.

සමහර පෞද්ගලික ආයතනවල උපකාරක පන්ති පැවැත්වෙන ස්ථාන වල ආදර්ශ ඡන්ද පැවැත්වෙන බවත් ඒවයේ ප්‍රතිඵල සාමාජ ජාලවලට මුදාහරින බවත් වාර්තා වන බැවින් ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ පනතේ 78 වැනි වගන්තියේ දූෂණ ක්‍රියා යටතේ අයුතු බලපෑම යන වරදට මෙම කාර්යය අදාළ වෙනවා යැයි මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

Recommended For You

About the Author: Editor