ඩොලර් මිලියන 24ක ආයෝජනයක්: ඔමේගා ලයින් – ආයෝජන මණ්ඩලය ගිවිසුමක

ඇමරිකානු ඩොලර් මිලියන 24 ක අතිරේක ආයෝජනයක් නියෝජනය කරමින්, දැනට පවතින ව්‍යාපෘතියේ අතිරේක ව්‍යාප්තියක් ලෙස, සඳලංකාවෙහි කර්මාන්තශාලා පරිශ්‍රයෙහි ගොඩනැගිලි සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඔමේගා ලයින් ලිමිටඩ් සමඟ ගිවිසුමක් අත්සන් කළේය.

ආයෝජන මණ්ඩලයේ සභාපති මංගල යාපා සහ ශ්‍රී ලංකාවේ ඔමේගා ලයින් සමූහයේ සභාපති වින්සෙන්සෝ ජොප්පෝලෝ යන මහත්වරුන් මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

සඳලංකවෙහි අපගේ කර්මාන්ත ශාලාව නැවත ගොඩනැඟීම සඳහා ඔමේගා ලයින් කම්හල ඇමරිකානු ඩොලර් මිලියන 24 ක් පමණ ආයෝජනය කරමින් පුළුල් කරනු ඇත. එහි ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය කිරීමට නියමිතව ඇත්තේ යට ඇඳුම්ය. ඒවා ඉන්ටිමිසිමි, ටෙසෙනිස්, කැල්සෙඩෝනියා සහ ෆැල්කොනරි යන වෙළෙඳ නාම යටතේ විකුණනු ඇතැයි මෙහිදී ජොප්පොලෝ පැවසීය.

ගිවිසුමේ ඉතා වැදගත් අංගයක වන්නේ නව කර්මාන්ත ශාලාව වන අතර, වර්ග මීටර් 17,000 ක භූමි ප්‍රමාණයක් පුරා නවීන යන්ත්‍රෝපකරණ ස්ථාපිත කෙරෙන අතරම 3,000 කට අධික කාර්ය මණ්ඩලයක් සේවයේ යෙදවීමට හැකි පහසුකම් ඇති කිරීමට නියමිතවේ.

ඉතාලියේ ප්‍රධාන යට ඇඳුම් නිෂ්පාදකයෙකු වන ඔමේගා ලයින් යනු කැල්සෙඩෝනියා සමූහයේ කොටස් කරුවකු වන අතර යුරෝපය, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, චීනය,කොරියාව ඇතුළු රටවල් 42 ක වෙළෙඳසැල් 4,600 කට අධික සංඛ්‍යාවක් ඇති, දැවැන්ත ලෙස ව්‍යාප්තවූ සමාගමකි.

Recommended For You

About the Author: Editor