ප්‍රතිසංස්කරණ කටයුතු නිසා රුවන්වැලි මහා සෑයට කිසිඳු හානියක් නැහැ – අටමස්ථානාධිපති නා හිමි

අනුරාධපුර රුවන්වැලි මහා සෑ රදුන්ගේ සිදුකෙරමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් මේ දිනවල විශාල ලෙස විවධ අසත්‍ය අපවාද චෝදනා ආදිය සමාජය තුළ සිදුවෙමින් පවතින බවත්, එකී ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් චෛත්‍ය ගර්භයට සහ සළපතල මළුවට හානි සිදු වී ඇති බවත් පවසමින් ඇතැම් පුද්ගලයින් නිවැරදි තොරතුරු නොදැන සිදු කරන මෙවැනි චෝදනා හා ප්‍රචාරයන්හි කිසිඳු සත්‍යතාවයක් නොමැති බව අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ  ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්යපල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාස නා  හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (24) පැවැත් වූ රුවන්වැලි මහා සෑරදුන්ගේ සිදුකෙරමින් පවතින වත්මන් ප්‍රතිසංස්කරණ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමට වැඩම කළ අවස්ථාවේ දී ය.
මෙම මාධ්‍ය හමුවේ දී, චෛත්‍යරාජයාණන් වහන්සේගේ සිදු කෙරෙන ප්‍රතිසංස්කරණ කටයුතු වල රටේ ජනතාවගේ සැකසංකා දුරු කිරීමත්, සමාජ මාධ්‍ය හරහා එල්ල වන විවිධ අසත්‍ය ප්‍රචාර හා කටකතා සඳහා නිසි පිළිතුරක් ලබා දීමත්, වත්මනේ සිදු කෙරෙන සුවිශේෂී ප්‍රතිසංස්කරණ පිළිබඳව බැතිමතුන් සහ රටේ ජනතාව දැනුවත් කිරිමත් යන අරමුණු පදනම් කර ගත් බව අටමස්ථානාධිපති හිමියෝ පැවසූහ. .

මෙහි දී ප්‍රතිසංස්කරණ කටයුතු ලෙස කොත් වහන්සේගේ ආලේපිත රත්‍රන් පැහැති තීන්ත තදබල ලෙස අවපැහැ වී ඇති බැවින් අලුතින් රන් පැහැති තීන්ත වෙනුවට පිරිසිදු රත්‍රන් භාවිත කිරීමත්, චෛත්‍ය මත ස්ථාපිතව පවතින අකුණු සන්නායකය අබලන්ව දිරාපත්ව ඇති බැවින් නව අකුණු සන්නායකයක් සවි කිරීමත්, චෛත්‍ය මත ස්ථාපිතව පවතින විදුලි පද්ධතිය අබලන්ව දිරාපත්ව ඇති බැවින් නව ආලෝක පද්ධතියක් සවි කිරිමත් වේ.

ඒ අනුව, මෙකී ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මූලික බරපැන දරා කරනු ලබන්නේ විශ්ව පාරමී පදනම විසින් බවත්, එම පදනම විසින් මෙතෙක් සිදු කරන ලද වෙනත් බෞද්ධ කටයුතු පිළිබඳව ඇති පූර්ණ විශ්වාසය මත රුවන්වැලි මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම සඳහා භාර දුන් බවත් පැවසූ අටමස්ථානාධිපති හිමියෝ එම සංවිධානය ශ්‍රී ලංකා සංවිධානයක් බවත්, ඊට දේශපාලනික මැදිහත්වීමක් හෝ නොමැති බවත්, කිසිඳු ලාභයක් බලාපොරොත්තුවකින් තොර වූ පදනමක් බවත් වැඩිදුරටත් සඳහන්    කළහ.

එමෙන්ම, පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජනරාල් මහාචාර්ය පී.බී.මණ්ඩාවල මහතා විසින් ද අටමස්ථානාධිපති හිමියන්ගේ කතාව සනාථ කළ අතර,  ඉදිකිරීමේ කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදු වූ බවත්, මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අධීක්ෂණය නිරන්තරයෙන් සිදු කෙරෙන බවත්, ඊට පළපුරුදු ඉංජිනේරුවරුන්ගේ සහය සහ දැනුම මේ සඳහා උපයෝගී කරගන්න බවත්ය. එමෙන්ම, ඉංජිනේරු ගැමුණු සිල්වා මහතා ද  ඉඳි කිරීමේ දී කිහිවතාවක්ම ගොස් අධීක්ෂණ කටයුතු සිදු කළ බවත්ය.


Recommended For You

About the Author: Editor