ළදරුවන්ගේ ‘නැපි’ වල ආරක්ෂිත සීමාව ඉක්මවා ‘ග්ලයිෆොසේට්’ පිළිකා කාරක සොයා ගනී

ප්‍රංශයේ ජාතික සෞඛ්‍ය ඒජන්සිය ‘ඇන්සෙස්’ ආයතනය France’s national health agency Anses විසින් සිදුකළ නවතම පර්යේෂණයක් මගින් ළදරුවන්ගේ ‘නැපිවල’ babies’ nappies ආරක්ෂිත මට්ටම ඉක්මවා යන රසායනික ද්‍රව්‍ය ඇති බව සොයාගෙන තිබෙනවා.

මිනිස් සෞඛ්‍යයට අනතුරුදායක විය හැකි ද්‍රව්‍ය සඳහා ආරක්ෂිත සීමාවට වඩා ඉහළ මට්ටමක පවතින බවත්, මතභේදාත්මක වල්පැලෑටි නාශකයක් වන ‘ග්ලයිෆොසේට්’ glyphosate ඇතුළු රසායන දරුවන්ගේ ‘නැපිවල’ ඇති බවත් එම පර්යේෂකයෝ පෙන්වා දෙනවා.

ඇන්සෙස් පැවසුවේ මෙම ‘නැපි’ පරීක්ෂණ ලොව ප්‍රථම වරට සිදු කළ බවයි.

ළදරුවන්ට ‘මෙම රසායනික ද්‍රව්‍ය නිසා ඇති විය හැකි අවදානම් සැලකිල්ලට ගෙන’ ඉක්මන් පියවර ගත යුතු යැයි ඔවුන් ඉල්ලා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රංශ සෞඛ්‍ය අමාත්‍ය ඇග්නස් බුසින් France’s Health Minister Agnès Buzyn පැවසුවේ මෙමගින් ළදරුවන්ගේ සෞඛ්‍යයට බරපතල හෝ ක්ෂණික අවදානමක් නොමැති බවයි.

‘නිසැකවම අපි අපේ ළදරුවන්ට දිගින් දිගටම තුවා දැමිය යුතුයි. අපි අවම වශයෙන් අවුරුදු 50ක් තිස්සේ එය කරමින් සිටිමු’ ප‍්‍රංශ සෞඛ්‍ය ඇමැතිවරයා කියනවා.

සෞඛ්‍ය, මුදල් හා පරිසර අමාත්‍යවරුන්ගේ ඒකාබද්ධ ප්‍රකාශයකින් කියැවුණේ, විෂ සහිත ද්‍රව්‍ය ඉවත් කිරීම අරමුණු කරගත් ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කිරීම සඳහා රජය විසින් නිෂ්පාදකයින්ට දින 15ක කාලයක් ලබා දී ඇති බවයි.

නිෂ්පාදන ක්‍රම වෙනස් කිරීම සඳහා රජය මාස හයක් දක්වා ප්‍රමාදයක් භාර ගන්නා බව බුසින් මහත්මිය පැවසුවා.

ඔවුන් සොයාගත්තේ කුමක්ද ?

ප්‍රංශ වෙළඳපොළේ ඇති තනි භාවිත නැපිවල විවිධ වෙළඳ නාම ගණනාවක් පිළිබඳව මෙම අධ්‍යයනය සිදු කර තිබෙනවා. ළදරුවෙකුගේ ජීවිතයේ පළමු වසර තුන තුළ එවැනි නැපි 4,000ක් පමණ භාවිතා කළ හැකි බව ඇන්සෙස් පර්යේෂකයින් පවසනවා.

මෙම වාර්තාව ප්‍රංශ වෙළඳපොළ නියෝජිතයෙකු යැයි පැවසීමෙන් ඔබ්බට එය පරීක්ෂා කළ වෙළඳ නාම නම් කර නොතිබීම විශේෂත්වයක්. ප්‍රංශයේ ඇති සමහර නැපි වෙළඳ නාම වෙනත් රටවලද බහුල ලෙස අලෙවි වෙනවා.

එය ‘යථාර්ථවාදී භාවිතය’ තත්වයන් ලෙස හැඳින්වෙන අතර, එයට නිදසුනක් ලෙස මුත‍්‍ර හරහා සංක්‍රමණය විය හැකි ඉවත දැමිය හැකි ඩයපර්වල ඇති අන්තරායකර රසායනික ද්‍රව්‍ය ගණනාවක් අනාවරණය කර ගත් අතර ළදරුවන්ගේ සම සමඟ දීර්ඝ කාලීන සම්බන්ධතා ඇති කර ගත හැකිය’ යනුවෙන් ඒජන්සිය පවසනවා.

‘සමේ අසාත්මිකතාවන්ට හේතු විය හැකි සුවඳ විලවුන් වැනි’ සමහර රසායනික ද්‍රව්‍ය හිතාමතාම එකතු කර තිබෙනවා. නමුත් අනෙක් ඒවා අපවිත්‍ර ද්‍රව්‍ය වලින් හෝ නිෂ්පාදන ක්‍රියාවලි සැලැස්මේ කොටසක් ලෙස හඳුන්වා දී තිබෙනවා. ඒවා තුළ ආරක්ෂිත සීමාවන්ට වඩා වැඩි රසායනික ද්‍රව්‍ය අතර ලිලියල් සහ ලයිරල් සුවඳ විලවුන් සහ ඇරෝමැටික හයිඩ්‍රොකාබන්, ඩයොක්සින් සහ ෆුරන් අඩංගු වෙනවා.

ග්ලයිෆොසේට් ඒජන්සියේ වාර්තාවේ පහළ මට්ටම්වල ලැයිස්තුගත කර තිබෙනවා.

ග්ලයිෆොසේට් glyphosate මතභේදාත්මක වන්නේ ඇයි ?

Image result for glyphosate

එක්සත් ජනපදයේ ‘රවුන්ඩ්අප්’ Roundup යන නාමය යටතේ අලෙවිකරන ලද මෙය පුළුල් ලෙස භාවිතා වන නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යයනයකින් පසුව එය ‘බොහෝ විට පිළිකා කාරක’ ලෙස වර්ගීකරණය කිරීමෙන් පසුව සෞඛ්‍ය හා පාරිසරික උද්ඝෝෂකයින්ගේ නිරන්තර ඉලක්කයක් වී තිබෙනවා.

නමුත් එය යුරෝපයේ බහුලව භාවිතා වන වල් නාශකයක් ලෙස පවතිනවා. නිෂ්පාදිතය පිළිකා කාරකයක් බව යුරෝපා සංගම් නිලධාරීන් එකඟ වන්නේ නැහැ. එක්සත් ජනපදයේ දී, රසායනික ද්‍රව්‍ය නිෂ්පාදකයෙකුට එරෙහිව නඩු පැවරූ උද්‍යාන පාලකයෙකුට ඔහුගේ මාරාන්තික පිළිකාවට දායක වී ඇති බවට එකඟ වූ ජූරි සභිකයින් විසින් මිලියන ගණනක් වන්දි ප්‍රදානය කරනු ලැබුවා.

වල් නාශක 2021 වන විට ප්‍රංශයේ තහනම් කිරීමට නියමිත අතර, වාර්තාව නිකුත් කරන විට එහි නැපිවල රැඳී සිටීම රට තුළ සිරස්තලයට පත් වුණා.

‘තනි භාවිත බේබි ඩයපර්වල ඇති රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීම හෝ හැකි තරම් අඩු කිරීම ඇන්සෙස් නිර්දේශ කරයි’ යනුවෙන් ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

‘සියලු සුවඳ විලවුන් භාවිතය නතර කිරීම ඊට ඇතුළත්. එය යුරෝපා සංගම් මට්ටමින් දැඩි නියාමන ක්‍රියාමාර්ගයක් ඉල්ලා සිටී – වාර්තාවෙන් පසු එය අනුගමනය කරන බව ප්‍රංශ රජය ප්‍රකාශ කළා.

ප්‍රංශ සනීපාරක්ෂක නිෂ්පාදන නිෂ්පාදකයින් සඳහා වන කුඩ සමූහය වන  Group’hygiène, වාර්තාව පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ කිසිදු සෞඛ්‍යමය අහිතකර බලපෑමකින් තොරව සෑම වසරකම නැපි බිලියන 3කට වඩා භාවිතා කරන බවයි. ගුණාත්මක හා ආරක්‍ෂිත පාලනයන් රාශියක් දැනටමත් ක්‍රියාත්මක වන බව එහි දැක්වෙනවා.

සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ වැලරි පූලාට් Valérie Pouillat, පැවසුවේ නිෂ්පාදකයින් පාරිභෝගිකයින්ගේ අපේක්ෂාවන් සපුරාලීම සඳහා බලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.

ප්‍රංශ වාර්තාව නිකුත් කිරීමෙන් පසුව, බෙල්ජියම් පාරිභෝගික කණ්ඩායමක් වන ටෙස්ට් අචාට්ස් (ටෙස්ට්-ආන්කූප් ලෙසද හැඳින්වේ) Belgian consumer group Test Achats (also known as Test-Aaankoop) ලබන මාසයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ තමන්ගේම නැපි පරීක්ෂණයේ ප‍්‍රතිඵල නිකුත් කළා.

බෙල්ජියමේ සමහර රසායනික අංශු මාත්‍ර ඇති බව සොයා ගත් නමුත් ‘කරදර විය යුතු නැහැ. ප්‍රතිඵලවල වෙනස්කම් බොහෝ විට පැහැදිලි කරනු ලබන්නේ පර්යේෂණය කරන ලද ද්‍රව්‍ය සමාන නොවන නිසාත්, ඩයපර් වෙළඳ නාම එක් වෙළඳපලකින් තවත් වෙළඳපලකට වෙනස් වන නිසයි.

බී.බී.සී. වාර්තාවක් ඇසුරිණි.

Recommended For You

About the Author: Editor