රුවන්වැලි මහා සෑයේ ප‍්‍රතිසංස්කරණ: වගකිව යුතු පාර්ශ්ව ‘සත්‍ය’ හෙළිකරයි

ලංකාවේ ‘සමාජ මාධ්‍ය’ භාවිතා කරන පුද්ගලයින් ඇති බහුතරයක් ගතවන සෑම මොහොතක් පාසාම තම වගකීම් විරහිතභාවය, දේශපාලන ගැතිකම හෝ මුඪකම පෙන්වමින් සිටිනවා. ඔවුන් දැන් හැසිරෙන්නේ ‘අබිලින්’ ලා, හනුමලා වාගේ කියලා තමයි මේ දෙස බලා සිටින බොහෝ දෙනෙක්ගේ පොදු විවේචනය වන්නේ.

මේ ‘e හනුමලාගේ’ අලුත්ම ‘කෙප්පය’ තමයි සකල ලෝකවාසී බෞද්ධයින්ගේ මහත් ගෞරවාදරයට, බුහුමනට පාත‍්‍රවන තිබෙන ‘රුවන්වැලි මහා සෑ රදුන්’ පිළිබදව පතුරවා හරමින් සිටින ‘සාවද්‍ය’ ප‍්‍රචාරය. රටේ කරමෙට ද එසේ නැතිනම් වෙන කාගේ හෝ කරුමෙට ‘වැදගත් යමක් ’ බෙදා හදා නොගන්නා අපේ අති බහුතරයක් සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් ද මෙවැනි ‘සාවද්‍ය’ හනුමලාගේ ‘ලණු’ හිතූ හැටියට බෙදා හදා ගන්නවා.

කොහොම වුණත් මේ e හනුමලා කියන කෙප්පය, දෙන ලණු කොතරම් ‘කැතද’ යන්න පසුගිය දා රුවන්වැලි මහා සෑ රදුන්ගේ භාරකාරත්වය දරන ‘වගකිව යුතු’ පාර්ශ්ව විසින් හෙළිදරව් කළා.

මේ එම ‘වගකිවයුතු’ පාර්ශ්ව හෙළි කළ ‘සත්‍ය’ තොරතුරු එකතුව.

මාධ්‍ය දැනුවත් කිරීමට එක් වූ පාර්ශ්ව

අවු­රුදු 80කින් මේ කොත් වහන්සේ පිළි­බඳ කවු­රු­න්වත් සොයා බලා නැහැ

අට­ම­ස්ථා­නා­ධි­පති ආචාර්ය, පල්ලේ­ගම ධම්ම­ර­ක්ඛිත සිරි­නි­වාස නාහිමි

‘‘මේ දින­වල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ රුව­න්මැලි මහා සෑයේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සම්බ­න්ධ­යෙන් පැතිර යන අසත්‍ය තොර­තුරු හා කට­ක­තා­ව­ලට සමා­ජය තුළ මතුව ඇති සැක සංකා දුරු කොට නියම තත්ත්වය පැහැ­දිලි කිරී­මට අපි පසු­ගිය දා මාධ්‍ය සාක­ච්ජා­වක් කැඳෙව්වා. රුව­න්මැලි මහා සෑය කියන්නේ බෞද්ධ­යන්ගේ අති පූජ­නීය ස්ථාන­යක්. මේ ස්ථානයේ අව­සා­න­යට සිදු කළ ප්‍රති­සං­ස්ක­රණ කට­යුත්ත තමයි රුව­න්මැලි මහා සෑය බැඳලා ඊට කොත් වහන්සේ පැල­ඳ­වීම.

ඒ කොත් වහන්සේ පල­ඳ­වලා මේ වන විට වසර අසූ­වක් පමණ වෙනවා. ඒත් ඒ පිළි­බඳ කිසිම කෙනෙ­කුගේ හෙවිල්ක් බැලි­ල්ලක් තිබුණේ නැහැ. විහා­ර­ස්ථා­නය භාරව සිටින භික්ෂූන් වහන්සේ වශ­යෙන් අපේ අට­ම­ස්ථා­නයේ සිටින සිය­ලුම භික්ෂූන් වහන්සේ එකතු වෙලා රුව­න්මැලි මහා සෑය ගැන සාකච්ජා කළා. අවු­රුදු 80කින් මේ කොත් වහන්සේ පිළි­බඳ කවු­රු­න්වත් සොයා බලා නැහැ.

ඒ නිසා දැන් එයට මොනවා වෙලා තිබෙ­න­වාද?, මොන තත්ත්ව­ය­කද මේක තියෙන්නේ?, මේක තව­දු­ර­ටත් ආරක්ෂා කර පව­ත්වා­ගෙ­න­යෑ­මට මොන­වත් කළ යුතු ද?, නැති නම් මේ ලෙසම පවත්වා ගෙන යන­වාද? කියන කාරණා අපි සාකච්ඡා කරලා තමයි බලා­පො­රොත්තු වුණේ මෙහි ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සිදු කරන්න.

බිම ඉඳලා බැලු­වට රුව­න්මැලි සෑයේ කොත් වහන්සේ පෙනෙන්නේ නැහැ. එනිසා එතැ­නට ගිහි­ල්ලාම බැලු­වොත් තමයි මේකෙ තත්ත්වය අව­බෝධ කර ගන්නට පුළු­වන්. එ් නිසා එයට සුදුසු වන ලෙස මහ­සෑ­යට කිසිම හානි­යක් නොවන ආකා­ර­යට මේ පලංචි සවි කරලා ඒ මතින් ගොස් එය බලා ගන්න තමයි මෙය සූදා­නම් කළේ.

අපි මේ කරන කට­යුත්ත අමුතු දෙයක් නොවෙයි

රුව­න්මැලි සෑයේ භාර­කාර, පල්ලේ­ගම හේම­ර­තන හිමි

‘‘පසු­ගිය සති දෙක තුන තුළ සමාජ මාධ්‍ය ජලා ඔස්සේ ස්වර්ණ­මාලී සෑ රදුන්ගේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු ගැන පැතිර යමින් තිබෙන අසත්‍ය කතා­වට සෘජු­වම යමක් කිව යුතු කෙනා මමයි. රුව­න්මැලි සෑයේ භාර­කා­ර­ත්වය මම භාර­ගෙන මේ වන විට දශක දෙක­කට වැඩි කාල­යක් වෙනවා. මේ කාලය තුළ කෙරෙන ඉතාම විශාල පින්ක­මක් ලෙස මෙය මම දකි­නවා. පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල්ගේ අව­ස­රය ලබා ගෙන මහා සෑයේ නව ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු අපේ නායක ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ජා කිරී­මෙන් පසුව විශ්ව­පා­රමී ආය­ත­න­යට පැවැ­රුවා.

අපි මේ කරන කට­යුත්ත අමුතු දෙයක් නොවෙයි. වාර්ෂි­කව රුව­න්මැලි මහා සෑ රදුන්ගේ හුනු පිරි­යම් කිරීම සිදු කර­නවා. වර්ෂ කිහි­ප­ය­කට වරක් කොත් වහ­න්සේගේ පිළි­ස­කර කිරී­මක් සිදු කර­නවා. ඒ සඳහා ඉතා විශාල ‍ධනයක් වැය වෙනවා. ඒ ධනය වැය කරන්න කැමැති සැදැ­හැ­ව­තෙකු ඉදි­රි­පත් වුණොත් අපි ඒ අනුව ඒ කට­යුතු සිදු කර­නවා. සෑයේ සුදු හුනු පිරි­යම් කරන ආකා­ර­යට පලං­චිය බැඳලා අපේ පාර­ම්ප­රික ශිල්පීන් මේ කොත් වහන්සේ ගේ කට­යුතු සිදු කර­නවා.

විශ්ව­පා­රමී පද­නමේ අතීත ක්‍රියා­දා­මය පිළි­බඳ දැඩි විම­ර්ශ­න­යක යෙදිලා තමයි අපි එය සිදු කළේ. මේ අයගේ වැඩ­වල ඇති ක්‍රම­වත් බව විද්‍යා­ත්මක බව වගේම වග­කීම් සහ­ගත බව අපි අධ්‍ය­ය­න­යට ලක් කළා. ඒනිසා මේ වතාවේ මේ කට­යුතු මේ අයට භාර දුන්නා. ඒ අයත් මෙයට කැමැ­ත්තෙන් ඉන්නවා. ඒ අනුව මහ සෑයේ කොත් වහන්සේ ගේ ස්වර්ණා­ලේප කිරීම, අබ­ලන් වී ඇති අකුණු සන්නා­ය­කය නැවත ප්‍රකෘ­ති­මත් කිරීම, ඒ වගේම නවීන තාක්ෂ­ණ­යෙන් යුතු විදුලි පද්ධ­ති­යක් ස්ථාපිත කිරීම මේ ප්‍රති­සං­ස්ක­ර­ණ­ව­ලට අතු­ළත් වන ඉක්ම­නින් කළ යුතු කාර්ය හැටි­යට පෙනෙ­නවා.

ඒ වගේම මමත්, නායක හාමු­දු­රු­වන් වහ­න්සේත් රෝගා­තුර වී ඉන්නේ. ඒ නිසා අපට උණ බට ඉණි­මඟේ නැඟලා මේ කොත් වහන්සේ දකි­න්නට උඩට නගින්න බැහැ. ඒ නිසා යම් තර­මක පහ­සු­වෙන් චෛත්‍ය රාජ­යා­ණන් වහන්සේ මුදු­නට ගිහිල්ලා මේ කරන කට­යුතු හරි­යට බලා­ගන්න පුළු­වන් වෙන ආකා­රයේ පහසු ක්‍රම­යක් සලසා දෙන්න කියලා විශ්ව­පා­රමී ආය­ත­නයේ ප්‍රභාත් නානා­ය­ක්කාර මහ­ත්ත­ය­ගෙන් ඉල්ලී­මක් කළා. එනිසා තමයි ඉතා විශාල මුද­ලක් වැය කරලා මේ පලං­චිය බැන්ඳේ.

පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රා­ල්ගෙන් අව­ස­රය ඉල්ලා හිටියා මහ­සෑ­යට කිසිදු ආකා­ර­යක හානි­යක් නොවන ආකා­ර­යෙන් ඉදි කරන්න අව­සර දෙන්න කියලා. එතැන දී පුරා­විද්‍යා අධ්‍ය­ක්ෂ­තු­මාත් මෙරට සිටි ජ්‍යේෂඨ ඉංජි­නේ­රු­ව­ර­යකු වන ගැමුණු සිල්වා මහ­තාගේ උප­දෙස් මත එයට අව­සර දුන්නා. නමුත් මහ සෑයේ කොත් වහ­න්සේගේ ස්වර්ණා­ලේප සඳහා සහ එහි ප්‍රති­සං­ස­ක­රණ කට­යුතු සඳහා පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල්ගේ අව­ස­රය ඉල්ලුවේ නැහැ. මොකද එයට අව­සර අවශ්‍ය වන්නේ නැහැ.

පලං­චි­යට පම­ණයි අපි එතු­මාගේ අව­සර ඉල්ලුවේ. අනෙක එදා මේ කොත් වහන්සේ මහ සෑයේ සවි කර­න්නට පෙර ප්‍රභාත් නානා­ය­ක්කාර මහ­තාගේ මහ­ගෙර නිවෙසේ සාලයේ තැන්පත් කරලා මහ­ජ­න­තා­වට වන්දනා මාන කරන්න සල­ස්සපු එකක්. එනිසා මම විශ්වාස කර­නවා මේ ප්‍රති­සං­ස්ක­රණ කට­යුතු සඳහා ඉතාම සුදුසු පුද්ග­ලයා අපේ නායක ස්වාමීන් වහන්සේ තෝරා­ගෙන තිබෙ­නවා.

ඉදි­රි­යේදී මේ කට­යුතු සඳහා රාජ්‍ය ඉංජි­නේරු සංස්ථාවේ සහාය ලබා ගන්නවා

පුරා­විද්‍යා අධ්‍යක්ෂ ජන­රාල් පී. මණ්ඩා­වල

රුව­න්මැලි මහා සෑයේ පලං­චිය ඉදි කරන්න නායක ස්වාමීන් වහන්සේ මගෙන් අව­සර ඉල්ලූ විට මමත් අපේ අති­රේක අධ්‍යක්ෂ ජන­රා­ල්තු­මාත් ඒ ගැන බැලුවා. බැලු බැල්මට පෙනුණේ මේ පලං­චිය අති­වි­ශාල එකක් බවයි. අපිට පෙනී ගියා පලං­චියේ දිග පළල වැඩියි කියා. අපි ආචාර්ය ගැමුණු සිල්වා මහ­ත්ත­යට ඒ ගැන පැවැ­සුවා. මේ රටේ දැවැ­න්තම පුර­විද්‍යා සංර­ක්ෂණ කට­යුතු පසු­පස සිටිය අත්දැ­කීම් බහුල විශි­ෂ්ටම ඉංජි­නේ­රු­ව­රයා ඔහුයි. පසුව එතුමා එම ස්ථාන­යට කැඳ­වා­ගෙන ගිහින් නිරී­ක්ෂ­ණය කරලා එතු­මාගේ උප­දේ­ශ­ක­ත්වය යටතේ අව­සර ලබා දෙන්නට අප කට­යුතු කළා.

එතුමා අපට ලිඛිත නිර්දේ­ශ­යක් ලබා දුන්නා. පලංචි සෙට්ව­ලින් තමයි එය ඉදි කර තිබෙන්නේ. සුළ­ඟට ඔරොත්තු දෙන ආකා­ර­යට චෛත්‍ය­යට හානි­යක් නොවන්න, එහි ගර්භ­යට හානි­යක් නොවන්න චෛත්‍යට අතක් දිගු කරන්න තරම් දුර­කින් ඉඩක් තබා තමයි පලං­චිය ඉදි කර තිබෙන්නේ. ඒ අනුව ගැමුණු මහ­ත්තයා කොත් වහන්සේ ළඟ­ටම ගිහිල්ල බලලා අපිට පිටු තුනක වාර්තා­වක් සහිත නිර්දේ­ශ­යක් ලිඛි­තව ලබා දී තිබෙ­නවා මේ පලංචි ඉදි­කි­රී­මෙන් කිසිම ආකා­ර­යක හානි­යක් චෛත්‍ය­යට සිදු නොව බවට. ඒ වගේම ඉදි­රි­යේදී මේ කට­යුතු සඳහා පුරා­විද්‍යා දෙපා­ර්ත­මේ­න්තුවේ සහ රාජ්‍ය ඉංජි­නේරු සංස්ථාවේ ඉංජි­නේ­රු­ව­රුන්ගේ සහාය සහ අද­හස් ලබා­ගැ­නී­මට නිය­මි­තය.

ඇත්ත­ටම කොත් වහන්සේ දුටු විට මට බය හිතුණා

ආචාර්ය ගැමුණු සිල්වා

‘‘ඇත්ත­ටම කොත් වහන්සේ දුටු විට මට බය හිතුණා. කොත අඩි 26ක් උසයි. උඩට ගියාම කොතේ කෑලි අතර යම් ඈත්වී­මක් මට දකි­න්නට පුළු­වන් වුණා. එය නෙමෙයි එතැන තිබුණු භයා­න­කම වැඩේ. චූඩා­මා­ණි­ක්‍යයේ වටේට එහි ආර­ක්ෂා­වට යොදා ඇති අකුණු සන්නා­ය­කය වැඩ කරන්නේ නැහැ. එහි අර්ත් එක කැඩිලා. ඒක නැතිව චූඩා­මා­ණි­ක්‍ය­යට අකුණු සැර වදි­න්නට පුළු­න්කම තිබුණා. දැනට මෙතැන වැඩ කරන්න අවශ්‍ය නිසා තාව­කා­ලික අකුණු සන්නා­යක හයක් ඒ වටා සවි කර­න්නට අපි කට­යුතු කළා. එක පාරක් මම ජේත­ව­නා­රා­මයේ වැඩ කරන කාලේ අකු­ණක් ගහලා මිනි­සුන්ට වැදුණා.

අනෙක තමයි ලයිට් එක යොදා තිබෙ­න්නෙත් චූඩා­මා­ණි­ක්‍යට බොහොම කිට්ටු­වෙන්. එය වොට් දාහක එකක්. එවැනි ධාරි­තා­ව­කින් යුතු ලයිට් එකක් ගැහු­ව­හම චූඩා මාණි­ක්‍යය රත් වෙනවා. ඒ සිය­ල්ලම ගලවා මෙයට උචිත පරිදි ලයිට් හා අකුණු සන්නා­යක යොදන්න මම උප­දෙස් දුන්නා.

ඒක සවි කරන තුරු පලංචි ගල­වන්න බැහැ. ඒ වගේම මේ චූඩා­මා­ණි­ක්‍යය සවි කරන ලද කොතේ මට පෙනෙන පරිදි රන්පැ­හැති ආලේප තමයි ගල්වා තිබෙන්නේ. මේ ප්‍රති­සං­ස්ක­රණ අනුව පිට­රට මිනිස්සු තමයි මෙහි රන් වැඩ­ක­ට­යුතු සඳහා පැමි­ණෙන්නේ. මම හිතන්නේ ඒ වැඩ කට­යුතු ඉවර වෙන්න මාස­යක් පමණ යයි. මේ සඳහා කොප­මණ විය­ද­මක් යන­වාද? අපි විම­සීමු.

අප ශ්‍රී මහා බෝධියේ දෙවන රන් වැටට රත්ත­රන් ආලේප කළා. දැනට අවු­රුදු විසි­තිස් ගණ­න­කට පෙර ඒ කාලේ මිලි­යන 63ක් පමණ වැය වුණා. මෙයත් කෝටි ගණ­නක් යන වැඩක්. එයින් පසුව තව පර­ම්පරා ගණ­න­කට කොතේ පිළි­ස­කර කිරීම් කරන්න අවශ්‍ය වන්නේ නැහැ.

ඒ වගේ­ම­චූඩා මාණි­ක්‍යයේ යම් පැළී­මක් ඇති වී තිබෙන බව මට නිරී­ක්ෂ­ණය වුණා. එය ස්වාභා­වි­කව ඇති වූ වක් විය හැකියි. මට මත­කයි අපි මේ වගේ පල­න්දපු කොත්මලේ චෛත්‍යයේ චූඩා මාණි­ක්‍ය­යත් යම් ස්වභා­වික හේතු­වක් නිසා වෙන්න පැළී­ම­කට ලක් වුණා. ඉන් පස්සේ අපි නැවත බුරු­ම­යෙන් වඩ­ම්මලා එහි කොත් වහ­න්සේට පැළැ­න්දුවා.

Recommended For You

About the Author: Editor