
‘සෞභාග්‍යයේ දැක්ම’ නමැති ප්‍රතිපත්ති ප්රකාශනය සකස් කිරීමේදී රාජ්‍ය පාලනය පිළිබඳ ආගමික සංකල්පයන්ට විශේෂ අවධානයක් යොමු කර ඇතැයි පොදු ජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (25) සිය ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වීමේ උත්සවයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රීලපොපෙ සභාපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පක්ෂ නායකයෝ මේ අවස්ථාවට සහභාගී වූහ.
‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්රකාශනය ‘ජනතාව විසින්ම – ජනතාව උදෙසාම‘ සකස් කරන ලද ‘ජනතා ප්‍රතිපත්ති මාලාවක් බව පෙන්වා දෙන ඒ මහතා මේ ප්‍රතිපත්ති මාලාව මඟින් ඉදිරිපත් කර ඇත්තේ රටේ ස්වෛරීත්වය සුරකින, දේශීයත්වයට ප්‍රමුඛත්වය දෙන, සියලු පුරවැසියන්ගේ සුභසිද්ධිය වෙනුවෙන් කැප වුණු , තාරුණ්‍යය මත විශ්වාසය තබන වැඩපිළිවෙළක් බවද කීය.
ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන, අභිමානවත් ස්වෛරී ජාතියක් ලෙස නැගී සිටින්නට අවශ්‍ය කරන මූලික සංකල්ප එහි අඩංගුව තිබෙන බවත් ඒකීය රටක් වනප ශ්‍රී ලංකාව බෙදා වෙන් කරන්නට කිසිවිටක ඉඩ නොදෙන බවද ඔහු පවසයි.
එමෙන්ම ස්වෛරී රටක් වන ශ්‍රී ලංකාවට අනවශ්‍ය අතපෙවීම් කරන්නට කිසිදු විදේශ බලවේගයකට ඉඩ නොතබන බවත් ජාතික ආරක්ෂාව රජයේ මූලික වගකීමක් ලෙස සලකා කටයුතු කරන බවද ඔහු පවසයි.
මවුබිම ත්‍රස්තවාදයෙන්, පාතාල ක්‍රියාකාරකම්වලින්, සොර බියෙන්, කප්පම් කරුවන්ගෙන්, මත්ද්‍රව්‍ය උවදුරින් හා හිංසනයෙන් මෙන්ම විදේශ තර්ජනයන්ගෙන්ද සුරක්ෂිත රටක් කරන්නට අවශ්‍ය රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය යළි ශක්තිමත්ව ගොඩනංවන බවද ඒ මහතා පවසයි.