මහින්ද – ගෝඨා සුසංයෝගයෙන් ‘රටට නිදහස’ ලැබුණා – සී.බී රත්නායක

11/18 දාට හිටපු ජනාධිපතිතුමාට ජනතාව විසින් උපන් දින තෑග්ගක් ලෙස අගමැතිකම දෙනවා

” 2005 මහින්ද රාජපක්ෂ මහතාට  බලය ලබා දුන්නේ මේ රටේ පැවති යුද්ධය අහවර කරන්න කියලා. එතුමා සේනාධිනායකයා ලෙස කටයුතු කරන කොට ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් විදිහට කටයුතු කළා. ඒ  සුසංයෝගය සමග අපිට රටේ නිදහස ලැබුණා”

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.බී රත්නායක මහතා පැවසුවා. රත්නායක මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (26) ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රචාරක කාර්යාලයක් ගිනිගත්හේන, අඹගමුව ප‍්‍රදේශයේ විවෘත කළ අවස්ථාවේ පැමිණ සිටි ජනතාව අමතමිනුයි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සී.බී. රත්නායක මහතා,

මේ රටේ අතිබහුතර ජනතාවගේ ඡන්දයෙන් නොවැම්බර් 18 මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දිමෙන් පසු එදිනම උපන් දිනය සමරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට උපන් දින තෑග්ග වශයෙන් මේ රටේ ජනතාව අග්‍රාමාත්‍ය ධුරය  පිරිනමනවා.

2005 මහින්ද රාජපක්ෂ මහතාට  බලය ලබා දුන්නේ මේ රටේ පැවති යුද්ධය අහවර කරන්න කියලා. එතුමා සේනාධිනායකයා ලෙස කටයුතු කරන කොට ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් විදිහට කටයුතු කළා.ඒ  සුසංයෝගය සමග අපිට රටේ නිදහස ලැබුණා.

සමස්ත රටේම ආරක්ෂාව බින්දුවට බස්සලා තියෙනවා. මේවට  වගකියන අපෙක්ෂකයා හැටියට ඉල්ලන සජිත් ප්‍රේමදාසට වගකිමක් තියෙනවා. ඇයි කටවහන් හිටියේ? සජිත් කැබිනට් ඇමතිවරයා නේද ? දැන් තොත්ත  බබා වගේ ජවය පෙන්නන්න ස්ටේජ් එකෙන් පනිනවා.

නුවරඑළියේ ඇමතිවරයෙක් කතාවක් හදාගෙන තියෙනවා, මගේ තාත්තා කොහේදෝ ඉදන් ඇවිල්ලා , පුතේ උඹ මට බැරි වුණ දේ කරපන් , මට ප්‍රේමදාසලා එක්ක එකතු වෙන් න බැරි වුණා  මට බැරි වුණ දේ උඹ කරපන් කියලා තාත්තා අත වනලා කියනවලු.

එක්සත් ජාතික පක්ෂය බලය ගන්න දිවන්ගත ගාමිණි දිසානායක මහතාව එලෙව්වා, ඔවුන් අලුත් පක්ෂයක් හදා ගත්තා. දිනුවොත් කාටද සජිත් අගැමැතිකම දෙන්නේ? ගෝඨාභය රාජපක්ෂ මහතා 17 වෙනිදා රටේ ජනාධිපති වෙනවා.

බැනට් පේපර් එකනම් භයංකාරයි. අගල් 26 යි . ඒ නිසා දැනුවත් වෙලා කටයුතු කරන්න. නොවැම්ර් 18 කාගේද උපන් දිනේ ? මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනතාවගේ නායකයා. 18 වෙනකොට ජනතාව විසින් මහින්ද රාජපක්ෂ මහතාට  උපන් දින  තෑග්ග විදිහට අග්‍රාමාත්‍ය  ධුරය ලබාදෙනවා  යනුවෙන් පැවසිය.

Recommended For You

About the Author: Editor