GMOA සභාපති Dr පාදෙණිය ගැන Paffarel මැකොගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දැක්වීමේ උළෙලට සහභාගි වීමෙන් එම සංගමයේ සාමාජිකත්වයට වක‍්‍ර බලපෑමක් සිදුවන බවත්, ඒ පිළිබඳව සුදුසු ක‍්‍රියා මාර්ග ගන්නා ලෙසත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර ඇත.

ඔහු එම  ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය එළි දක්වන අවස්ථාවේ සහභාගී වූ බව මාධ්‍ය මගින් ප‍්‍රචාරය වූ බවත් එහි වේදිකාවේ ඉදිරි පෙළ අසුන්ගෙන සිටිනු නිරීක්ෂණය කළ බවත් හෙට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරියෙකු මාණ්ඩලික නිලධාරින් ගණයට වැටෙන බැවින් ඔවුන්ට ඡන්දය දීම හැර වෙනත් කිසිදු දේශපාලන ක‍්‍රියාවලියකට සම්බන්ධ වීමට නොහැකි බව ආයතන සංග‍්‍රහයේ 32 පරිච්ඡේදයේ ඉතා පැහැදිලිව සඳහන් ව ඇති බව හෙට්ටිආරච්චි මහතා පෙන්වා දෙයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත යවා ඇති එම ලිපියේ පිටපතක් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය වෙත ද යවා ඇත.

Recommended For You

About the Author: Editor