SL vs AU 1st T20: ඕස්ට්‍රේලියාවට ලකුණු 134ක දැවැන්ත ජයක්

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (27) ඇඩිලේඩ්හිදී පැවැති පළමු T20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ඔස්ටෙ‍්‍රිලියාව ලකුණු 134ක දැවැන්ත ජයග‍්‍රහණක් ලබා ගැනීමට සත්කාරක සමත් වුණා.

කාසියේ වාසිය දිනාගත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දුවට පහරදීමට ඔස්ටෙ‍්‍රිලියාවට ආරාධනා කළා. ඒ අනුව ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි Aaron Finch සහ David Warner ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනැගුවා. මුළු ලකුණු සංඛ්‍යාව 122/1 පළමු කඩුල්ල ලෙස 10.5 වැනි පන්දු වාරයේදී ලක්ෂාන් සදකැන්ගේ පන්දුවට Aaron Finch ලකුණු 64කට දැවි ගියා. ඔහු මෙම ලකුණු 64 ලබා ගත්තේ පන්දු 36කදී වන අතර ඒ සදහා 4 පහර 8ක් සහ 6 පහර 3ක් වාර්තා කළා.

ෆ්‍රෙන්ච්ගේ දැවී යාමත් සමග පිටියට පිවිසි Glenn Maxwellපන්දු 28කදී ලකුණු 62ක් වාර්තා කළ අතර ඊට 4 පහර 7ක් සහ 6 පහර 3ක් ඇතුළත් වුණා. දෙවැනි කඩුල්ලලෙස ලකුණු 62ක් ලබා සිටි මැක්ස්වෙල් මුළු ලකුණු සංඛ්‍යාව 229දී දැවී ගියා. ඒ 19.3 වැනි පන්දු වාරයේදීයි.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි David Warner නොදැවී ලකුණු 100ක් වාර්තා කළ අතර ඒ පන්දු 56කදීයි. මෙම ලකුණු 100ට 4 පහර 10ක් සහ 6 පහර 4ක් ඇතුළත් වුණා.

ඒ අනුව ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුළු 02ක් පමණක් දැවී ලකුණු 233ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීම

ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් ඔස්ටේ‍්‍රලියානු පිතිකරුවන්ගේ දැඩි ප‍්‍රහාරයට ලක් වූ අතර කඩුළු ලබා ගැනීමට වාසනාවන්ත වුණේ වුණේ ලක්ෂාන් සදකැන් (4/0/41/1/10.25) සහ දසුන් ශානක (1/0/10/1/10) පමණයි. නායක ලසිත් මාලිංග (4/0/37/0/ 9.25) කසුන් රාජිත (4/0/75/0/18.75) නුවන් ප‍්‍රදීප් (4/0/28/0/7) වසිදු හසරංග (3/0/42/0/ 14 )දැඩි ප‍්‍රහාරයකට ලක් වුණා.

ශ‍්‍රී ලංකා ඉනිම

ලකුණු 233ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිස ශ‍්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 09ක් දැවී ලබාගත හැකි වුණේ ලකුණු 99ක් පමණයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස පළමු පන්දු වාරයේ 5 වැනි පන්දුවේදී 1/1ක්ව තිබියදී කුසල් මෙන්ඩිස් ලකුණු නොලබාම දැවි ගිය අතර 3.3 දී මුළු ලකුණු සංඛ්‍යාව 13ක්ව තිබියදී ලකුණු 11ක් ලබා සිටි ධනුශ්ක ගුණතිලක දැවී ගියා. යළිත් ලකුණු 13දීම ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස භානුක රාජපක්ෂ ලකුණු 02කට දැවී ගිය අතර සිවුන කඩුල්ල ඔ්ෂධ ප‍්‍රනාන්දු මුළු ලකුණු සංඛ්‍යාව 46ක්ව තිබියදී දැවී ගියා. ඔහුට ලබාගත හැකි වුණේ ලකුණු 13ක් පමණයි. මුළු ලකුණු සංඛ්‍යාව 50/5 ලකුණු 16ක් ලබා සිටි කුසල් පෙරේරා දැවී ගිය අතර 6 වැනි කඩුල්ල ලෙස මුළු ලකුණු සංඛ්‍යාව 71/6 දී ලකුණු 05කට වසිදු හසරංග දැවී ගියා. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ 07 වන කඩුල්ල ද ලකුණු සංඛ්‍යාව 71දී බිද වැටුණු අතර ඒ ලකුණු 17ක් ලබා සිටි දසුන් ශානකයි. මෙම තරගයේදී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව ඔහු විසින් වාර්තා කළා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ 08 වැනි කඩුල්ල 82/8ක් ලෙස ලක්ෂාන් සදකැන් ලකුණු 6කට දැවී ගිය අතර 9වැනි කඩුල්ල ලෙස මුළු ලකුණු සංඛ්‍යා 83දී කසුන් රාජිත ලකුණු නොලබාම දැවී ගියා.

ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 20 තුළදී කඩුලු 09කට ලබා ගත්තේ ලකුණු 99ක් පමණයි.

ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් පන්දු යැවීම

ඔසටේ‍්‍රලියාව වෙනුවෙන් Adam Zampa ලකුණු 14කට කඩුළු 03ක් ද, Mitchell Starc හා Pat Cummins කඩුළු 02 බැගින් ද Ashton Agar එක් කඩුල්ලක් ද වාර්තා කළා.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor