ජනාධිපති වී මාස තුනක් ඇතුළත ‘තරුණ ප‍්‍රතිපත්තිය’ නීතිගත කරනවා – සජිත් පේ‍්‍රමදාස

නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් කළ තරුණ ප‍්‍රතිපත්තිය තමන් ජනාධිපති  පදවියට පත්වී පළමු මාස තුන ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කරන බව එම පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ප‍්‍රකාශ කළේය.

සජිත් පේ‍්‍රමදාස මහතා මෙම අදහස් පළ කළේ අද (28) සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ දී පැවති නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ තරුණ ප‍්‍රඥප්තිය එළි දැක්වීමේ අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දක්වමිනි.

ලොවම තරණය කළ ගෝලීය ජාත්‍යන්තරයේ විශිෂ්ඨ රට බවට ශ්‍රී ලංකාව පත් කරන බව ද සෙසු රටවල් අත් දකින මහා ඩිජිටල් විප්ලවය ඇති කරන බවත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

මෙම තරුණ ප‍්‍රඥප්තිය ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇතැයි ද එයින් අනාගත තරුණ පරපුර කොන්ද කෙලින් තබාගෙන ජීවත් වන පිරිසක් වනු ඇතැයි ද පේ‍්‍රමදාස මහතා කියා සිටියේය.

Recommended For You

About the Author: Editor