සේනා යළි හිස ඔසවයි – කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්

පහුගිය කාලයේ ගොවි ජනතාවට මහත් පීඩාවක් ගෙන දුන් සේනා දළඹුවාගේ වසන්ගතය නැවතත් හිස ඔසවමින් තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් වීරකෝන් මහතා පවසයි.

විශේෂයෙන් අනුරාධපුර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශයන් හි බඩ ඉරිඟු වගාව ආශ්‍රිතව සේනා දළඹු ව්‍යාප්තියක් යළි දක්නට ලැබෙන බවසදහන් කළ වීරකෝන් මහතා එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනයවීම වැළැක්වීම අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව ද පවසයි.

මෙවර මහ කන්නයේදී හෙක්ටයාර 8000 – 9000 ත් අතර බිම් ප්‍රමාණයක බඩ ඉරිඟු වගා කිරීමට අපේක්ෂා කෙරෙන බවත් ලබන දෙසැම්බර් 31 වැනි දායින් පසු බඩ ඉරිඟු ආනයනය කිරීම අත්හිටුවීමට තීරණය කර ඇති බවත් වාර්තා වේ.

Recommended For You

About the Author: Editor