Katrina Kaif ‘ඇගේම රූපලාවන්‍ය නිෂ්පාදන’ පෙළක් හඳුන්වා දෙයි

‘කත්‍රිනා කයිෆ්’ Katrina Kaif දශක දෙකකට ආසන්න කාලයක් පුරා බොලිවුඞ්වල සදා දිදුලන තාරකාවක්. අති දක්ෂ නර්තන ශිල්පිනියක්, විවිධ වෙළඳ නාමවලට පෙනී සිටින නිරූපිකාවක් ආදි විවිධාකාර භූමිකාවන් නිරූපණය කළ කත්‍රිනා කයිෆ් නිසැකවම බොහෝ දේ ගැන උනන්දුවක් දක්වන්නියක්. මේ වන විට ඇය නව ව්‍යාපාරයක් සඳහා සූදානම්ව සිටී.

ඒ අපි කවුරුක් පි‍්‍රිය කරන ‘රූපලාවණ්‍ය නිෂ්පාදන’ සමගයි. රූපලාවණ්‍ය හා බොලිවුඩ් අත්වැල් බැඳගෙන සිටින බැවින් කත්‍රිනා මෙම ආලේපන නිෂ්පාදන වෙළඳපොළට පිවිසීම පුදුමයක් නොවන බවයි බොලිවුඞ්හි විචාරකයින් කියන්නේ.

පසුගිය දා ඇය තම ව්‍යාපාරය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ එය පසුගිය වසර දෙකේ සිට සංවර්ධනය වෙමින් පවතින බවත් විවිධ නිෂ්පාදන, වර්ණාලේප, සැලසුම් කිරීම, ඇසුරුම් ද්‍රව්‍ය යනාදිය පරීක්ෂා කිරීම සඳහා තමා බොහෝ කාලයක් ගත් බවයි.

කත‍්‍රිනා තම නිෂ්පාදන හඳුන්වා දුන් දා ගත් මේ සුන්දර ඡුායාරූප සහ ඇයගේ ‘විලාසිතාව’ ලෙස මොහොතක් බලන්න…

Katrina Kaif
Katrina Kaif
Katrina Kaif
Katrina Kaif
Katrina Kaif
Katrina Kaif
10
Katrina Kaif
Katrina Kaif
Katrina Kaif
Katrina Kaif

Recommended For You

About the Author: Editor