
මැතිවරණ නීතිරීතිවලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස් රථ, ත්‍රී රෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල එක් එක් අපේක්ෂකයන්, පක්ෂ ප්‍රවර්ධනය වන ආකාරයේ වැකි, සලකුණු, ඡායාරූප ඇතුළත් ස්ටිකර්, කොඩි ඉවත් කිරීම සඳහා සෑම පොලිස් බල ප්රදේශයක්ම ආවරණය වන ආකාරයේ හදිසි පරීක්ෂා කිරීම් සිදුකිරීමට මැතිවරණ කොමිෂම පොලිසියට නියෝග කර ඇත.
පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරු වෙත සහ කොට්ඨාස භාර පොලිස් නිලධාරීන්ද වෙතද ඒ මගින් පොලිස් ස්ථානාධිපතිවරුන් වෙතද අවශ්‍ය උපදෙස් කඩිනමින් නිකුත් කොට ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කියයි.
මෙම නියෝගය නිකුත් කළේ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ 74 වන වගන්තිය යටතේ ඇති ප්‍රතිපාදන මත බව ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් සඳහන් කළේය.