කොළඹ වරාය නගරයේ ‘ඉඩම් බදු ඔප්පුව’ චීන සමාගමට

2015 වසරේදී තම රජය බලයට පත් වූ විගස ඉඩම් හුවමාරුව හරහා ශ‍්‍රී ලංකාවේ ස්වෛරිත්වයට හානිකර බලපෑම් එල්ල වී නොමැති බවට තහවුරු කර ගැනීම සදහා කොළඹ වරාය නගර ගිවිසුම පිළිබදව නැවත සාකච්ඡුා කිරීමට පියවර ගත් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එම සාකච්ඡුාවන්හි දී භූමියේ හිමිකාරිත්වය ශ‍්‍රී ලංකාව වෙත රැුදී පවතින බවට සහතික විය හැකි අන්‍යෝන්‍ය වශයෙන් පිළිගන්නා සංශෝධනයන්ට එළැඹීමට දෙපාර්ශවයට හැකි වූ බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

කොළඹ වරාය නගරයේ ඉඩම් බදු ඔප්පුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ශ‍්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ක්ෂුවාන් Chang Xueyuan මහතා ඉදිරියේ දී අද (29) ජනාධිපති කාර්යාලයේ දී භාර දෙනු ලැබූ අතර එම අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

මෙම භූමිය පළමුව නාගරික සංවර්ධන අධිකාරියට පවරාදීම සිදු කෙරුණු අතර එම අධිකාරිය විසින් අයිතිය තමන් වෙත තබාගෙන බදු එකගතාවය යටතේ අදාළ භූමිය ද CHEC port city Colombo පෞද්ගලික සමාගමට භාර දී තිබේ.

වරාය නගර ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකාෙවේ දිගුකාලීන සංවර්ධනය සදහා වන වටිනා ආයෝජනයක් බව මෙහිදී සදහන් කළ ජනාධිපතිවරයා එය විශාල වශයෙන් විදේශ ආයෝජන ආකර්ෂණය කරගනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

ජනාධිපතිවරයා සහ චීන තානාපතිවරයා ඉදිරියේ දී බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්.වී රත්නායක මහතා වෙත අදාළ ලියකියවිලි භාරදනු ලැබීය.

පසුව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් බදු පදනම මත ලබාදෙනු ලබන එම ඉඩමට අදාළ ලියවිලි CHEC port city Colombo පෞද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ Jiang Houliang මහතා වෙත භාරදෙනු ලැබීය.

Recommended For You

About the Author: Editor