ඡන්ද ප්‍රකාශ කිරීමේ කාලය පැයකින් දීර්ඝ කරයි

ජනාධිපතිවරණ ඡන්දය පැවැත්වෙන කාලසීමාව අමතර පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂම තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ නියෝජිතයන් හා පක්ෂ නියෝජිතයන් අතර අද (29) පැවති හමුවේ දී මෙම තීරණයට ගත්තා. ඒ අනූව ඡන්ද දායකයන්ට 2019.11.16 පෙ.ව 07. 00 සිට ප.ව 05. 00 දක්වා ඡන්ද ප්‍රකාශකිරීමට අවස්ථාව හිමි වෙනවා. මීට අදාළ ගැසට් නිවේදනය ඉදිරියේ දී නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 35 දෙනෙකු ඉදිරිපත් වීම හේතුවෙන් එක් ඡන්ද පත්‍රිකාවක දිග අගල් 26ක් පමණ දිගු වන බව මැතිවරණ කොමිසම පවසනවා. ඡන්ද ප්‍රකාශය කිරීමේ දී ගතවන කාලය ද ඒ අනූව වැඩිවනු ඇති බවයි කොමිෂම පවසන්නේ.

මැතිවරණ කොමිෂමේ මෙම තීරණයට පක්ෂ නියෝජිතයින්ගේ ප‍්‍රසාදය පළව තිබෙනවා.

Recommended For You

About the Author: Editor