GMOA පාදෙණියගේ පාරේ යන්න ‘තවත් කල්ලියක්’ සූදානම්

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා සමඟ 2015 වර්ෂයේ සිට සාකච්ඡා කර එකඟතාවය ලබා ගත් ඉල්ලීම් බොහෝමයක් ක්‍රියාත්මක කිරීම හිතා මතාම ප්‍රමාද කිරීම සහ ඉතා අසීරුවෙන් ක්‍රියාත්මක කර ගත් සමහර ඉල්ලීම් පරිපාලනමය වශයෙන් ආපස්සට හැරවීමත් රෝහල් පරිපාලනය විසින් විසඳා ගත යුතු සමහර ගැටළු වෘත්තීය සමිති ගැටුම් දක්වා වර්ධනය කර ඒවා නොවිසඳීමත් හේතු කොට ගනිමින් 2019.10.30 දින උදෑසන 8.00 සිට හදිසි වැඩවර්ජනයක් කැඳවීමට අප ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කොට ඇති බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු.

මෙම වැඩවර්ජනය සඳහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 6 ක් සහ අතරු වෛද්‍ය සේවාවට අයත් වෘත්තීන් 15 ක නිළධාරීන් සහභාගී වන අතර දිවයින පුරා මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම වර්ජන ක්‍රියාමාර්ග කාලය තුල ජීවිත ආරක්ෂණ සේවා සැපයීමට තීරණය කර ඇති නමුත් එම සේවාවන් ලබා දිය හැක්කේ ස්වේච්ඡාවෙන් ඊට ඉදිරිපත් වී ඇති නිළධාරීන් සඳහා අනවශ්‍ය බලපෑම් ඇතිකරනු නොලබන්නේ නම් පමණි. එසේම එම සේවාවන් ජීවිත ආරක්ෂණ සේවාවන් සඳහා පමණක් ලබා ගැනීම සඳහා අදාල ආයතන ප්‍රධානීන් මැදිහත් වන්නේ නම් මැනවි. 

මෙම වර්ජන ක්‍රියාමාර්ගය 2019.10.30 දින උදෑසන 8.00 ට ආරම්භ වන අතර සියළු මාතෘ රෝහල්, සියළු ළමා රෝහල් හා සියළු පිලිකා රොහල් තුල ක්‍රියාත්මක නොකෙරේ. මෙම ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සඳහා තවදුරටත් අපේක්ෂා කරමු. 

.G. A. Lesantha Chathuranga
EDSMgt (UoC), HNDMLT (MoH), HNDIT (MoHE)
Medical Laboratory Technologist
W. Sec (SlagMLT)/ Asst. Treasure (JCPSM)Mobile (voice) – 0718477967/0770094225

Recommended For You

About the Author: Editor