
රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට තීරණය කර ඇතැයි එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කියනවා.
එමෙන්ම වසන්ත සේනානායක මහතා දැරූ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යධූරයෙන්ද ඔහු ඉවත් කිරීමට ඉදිරියේදි පියවර ගන්නා බවයි මහ ලේකම්වරයා කියා සිටියේ.
පසුගිය කාලය පුරාම පක්ෂ මාරුකරමින් ප්‍රතිපත්ති පවා දෙමින් ඔහු සිදුකළ දේශපාලන භාවිතය සහ විනය කඩකිරීම් මෙම තීරණය ගැනීමට හේතු වූ බවයි කාරියවසම් මහතා කියා සිටියේ.