JHU බෙදීම නෑ: ගියා කියන අය JHU සාමාජිකයින් පවා නොවෙයි

ජාතික හෙළ උරුමයේ  බෙදීමක් සිදුව ඇතැයි යනුවෙන් පල වූ වාර්තා අසත්‍ය බව එම පක්ෂය පෙන්වා දෙයි. අද (30) පෙරවරුවේ බත්තරමුල්ල පිහිටි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි මේ බව ප්‍රකාශ කෙරුණි.

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ එම පක්ෂයේ උප සභාපති, හිටපු පළාත් සභා මන්ත්‍රිනි, ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායිකා නිරෝෂා අතුකෝරාල මහත්මිය පෙන්වා දුන්නේ 2006 වර්ෂයේ පමණ සිය පක්ෂයට සහය දැක්වූ පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් මාධ්‍ය හමුවක් පවත්වා ජාතික හෙළ උරුම පක්ෂයෙන් තමන් ඉවත් වන බවට සදහන් කර ඇති සිදුවීමක් මෙරට මාධ්‍ය විසින් කිසිදු පදනමකින් තොරව ප්‍රධාන පිටුවල වාර්තා කර ඇති බවයි.

මාධ්‍යකට සදාචාරමය අයිතියක් තියෙනවා යමෙකු පක්ෂයකින් ඉවත් වන බවට සදහන් කරමින් ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වන විට ඔවුන් ඉවත් වන පක්ෂයේ දැරූ තනතුරු හෝ ඔවුන්ගේ එකී පක්ෂයේ භූමිකාව කුමක්දැයි යන්නවත් විමසන්න. අඩුම ඒ සදාචාරයවත් නොමැතිව එකී පුවත් වාර්තා කිරීම ගැන අප කණගාටු වෙනවා. අපි අභියෝග කරනවා පුළුවන් නම් ඒ විකල්ප කණ්ඩායම යැයි කියා ගන්නා අය පසුගිය දස වසරක කාලය තුළ අප පක්ෂයේ සාමාජිකත්වයක්වත් ලබා ගත් අය බවට ඔප්පු කරන්න යැයි එතුමිය වැඩි දුරටත් ස‍දහන් කළාය.

මේ කණ්ඩායම පසුගිය මැතිවරණ වලදී ද මෙවැනි දෑ කර ඇති අතර මොවුන් ජාතික හෙළ උරුමයට කිසිම සම්බන්ධතාවයක් නොමැති අය වන අතර විරුද්ධ කණ්ඩායම් වල වරදාන වරප්‍රසාද වෙනුවෙන් මෙවැනි පහත් නීච ක්‍රියා සිදු කරන්නේ යැයි අනුමාන කරන බවද සදහන් කලාය.

රටක ජන මනස මෙලෙස දීන ක්‍රියා හරහා වෙනස් කිරීමට රාජපක්ෂ රෙජිමය දරන උත්සාහය තුළින් ඔවුන් පෙන්නුම් කරන්නේ බංකොලොත් බව මිසක් වෙනකක් නොවේ. අප මාධ්‍ය මගින්ද ඉල්ලා සිටිනුයේ වගකීම් විරහිත වාරතාකරණයක නියැලීමට කටයුතු නොකරන ලෙසයි. මෙම මාධ්‍ය හමුව සදහා ජාතික හෙළ උරුමයේ ගම්පහ දිසත්‍රික් පළාත් පාලන මන්ත්‍රිවරුන් හා ප්‍රාදේශීය නියෝජිතයන් සියල්ලෝ ද සහභාගී වී සිටියහ.                               

Recommended For You

About the Author: Editor